Skip to content

පටුනට යන්න

මගේ ඉලක්ක අත් කරගන්නේ කෙසේද?

මගේ ඉලක්ක අත් කරගන්නේ කෙසේද?

යෞවන අය අසති

මගේ ඉලක්ක අත් කරගන්නේ කෙසේද?

පහත සඳහන් ඒවා අතරින් ඔබ අත් කරගැනීමට කැමති ඉලක්කය කුමක්ද?

● තමන් ගැන හොඳ විශ්වාසයක් ගොඩනඟා ගැනීම

● වැඩිපුර මිතුරන් ඇති කරගැනීම

● වැඩි සතුටක් හා තෘප්තියක් අද්දැකීම

මේ සියල්ලම ඔබට අත් කරගත හැකියි. නමුත් ඒ කෙසේද කියා ඔබ දන්නවාද?

හොඳ විශ්වාසයක් ගොඩනඟා ගැනීම. ඕනෑම ඉලක්කයක් තබාගෙන ඒවා අත් කරගත් විට ඔබට ඔබ ගැන හොඳ විශ්වාසයක් ඇති වන අතර ඉන් විශාල ඉලක්ක තබාගැනීමටත් ඔබ තුළ නිසැකකමක් ඇති කරයි. ඊට අමතරව මිතුරන්ගෙන් එල්ල වන නරක බලපෑම්වලට හා විවිධ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමටත් ඔබට හැකි වෙයි. එමෙන්ම ඔබට ඔබ ගැන තිබෙන හොඳ හැඟීම අනික් අයත් තේරුම්ගනියි. සමහරවිට ඒ නිසාම එවැනි අය ඔබව අගය කරයි.—මතෙව් 5:14-16 කියවන්න.

වැඩිපුර මිතුරන් ඇති කරගැනීම. සාමාන්‍යයෙන් කෙනෙකු යම් අරමුණක් ඇතුව වැඩ කරනවා නම් එවැනි කෙනෙකුට බොහෝ අය කැමැත්තක් දක්වනවා. ඔබත් ඉලක්ක අත් කරගැනීමට උත්සාහ කරන විට අනික් අය ඔබට ළං වෙයි. එවිට නොදැනුවත්ව හෝ ඔබේ ඉලක්ක අත් කරගැනීමට ඒ අය උපකාරයක් වෙයි.—දේශනාකාරයා 4:9, 10.

වැඩි සතුටක් හා තෘප්තියක් අද්දැකීම. ජීවිතය අරමුණක් නැතුව ගෙවීගෙන යනවා නම් ඉන් කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැහැ. නමුත් යම් ඉලක්කයක් තබාගෙන එය අත් කරගන්නා විට ඔබට ලොකු සතුටක් දැනෙයි. දෙවිගේ සේවකයෙකු වූ පාවුල්ද කටයුතු කළේ ‘අරමුණක් ඇතුවයි.’ (1 කොරින්ති 9:26) ඔබ විශාල ඉලක්කයක් අත් කරගන්නා විට ඔබේ සතුට හා තෘප්තිය තවත් වැඩි වෙයි.

ඔබත් එය අත්හදා බලන්න කැමතිද? එසේනම් ඊළඟ පිටුව කපා පිළිවෙළින් නවාගන්න. එහි දී තිබෙන යෝජනා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. *

[පාදසටහන]

^ 11 ඡේ. මෙහි දී තිබෙන යෝජනා සති හෝ මාස කිහිපයකදී අත් කරගත හැකි වුණත් එහි ඇති ප්‍රතිපත්ති ඕනෑම ඉලක්කයකට අදාළ කරගත හැකියි.

සිතා බලන්න

● ඉලක්ක රාශියක් එකවර අත් කරගන්න පුළුවන්ද?—ෆිලිප්පි 1:10.

● ඉලක්ක තබාගන්නවා කියන්නේ ජීවිතයේ සෑම මොහොතක්ම සැලසුම් කළ යුතුයි කියන එකද?—ෆිලිප්පි 4:5.

[25, 26වන පිටුවල කොටුව⁄පින්තූර]

ඔබේ ඉලක්ක අත් කරගැනීමට නම් . . .

ඒවා හඳුනාගන්න හිතෝපදේශ 4:25, 26. 1

“විශාල ඉලක්ක තියාගන්න භය වෙන්න එපා. අනික් අය ඒ වගේ ඉලක්ක අත් කරගෙන තියෙනවා නම් ඔයාටත් පුළුවන්.”—රූබන්.

1. ඔබේ ඉලක්ක සටහන් කරගන්න. සිතට එන ඕනෑම ඉලක්කයක් සටහන් කරගන්න. දහයක් හෝ විස්සක් වුණත් කමක් නැහැ.

2. ඒවා ගැන නැවත සිතන්න. ඒ අතරින් ඔබ වඩාත් කැමති ඒවා මොනවාද? අත් කරගන්න අමාරු ඒවා මොනවාද? වැඩි සතුටක් ලබන්නේ කුමන ඒවායින්ද? ඔබ ඉක්මනින්ම අත් කරගන්නේ ඔබට වඩාත් වැදගත් ඒවා බව මතක තබාගන්න.

3. ඒවා පෙළගස්වන්න. දින කිහිපයකින් අත් කරගත හැකි ඉලක්කවලට මුල් තැන දෙන්න. ඊළඟට සති හෝ මාස කිහිපයකින් අත් කරගත හැකි ඒවා ගැන සිතන්න. ඔබ ඒවා අත් කරගැනීමට බලාපොරොත්තු වන අනුපිළිවෙළට ඒවා පෙළගස්වන්න.

උදාහරණ කිහිපයක්

මිතුරන් ඇති කරගැනීම. මට වඩා වැඩිමහල් හෝ බාල මිතුරෙක් ඇති කරගැනීම. කලින් තිබූ මිත්‍රත්වයක් නැවත ඇති කරගැනීම.

ශරීර සෞඛ්‍ය. සතියකට විනාඩි 90ක් පමණ ව්‍යායාම්වල යෙදීම. සෑම දිනකම පැය අටක සුව නින්දක් ලබාගැනීම.

පාසැලේ වැඩ. අමාරු විෂයකට පෙරට වඩා වැඩි ලකුණු ලබාගැනීම. විභාගවලදී හොර වැඩ කරන්න මිතුරන්ගෙන් එල්ල වන පීඩනයට විරුද්ධව සිටීම.

ආගමික කටයුතු. සෑම දවසකම විනාඩි 15ක් බයිබලය කියවීම. මේ සතියේ පන්තියේ යහළුවෙකු සමඟ බයිබලයේ ඇති තොරතුරු ගැන කතා කිරීම.

සැලැස්ම හිතෝපදේශ 21:5 2

“ඉලක්ක තියන එක හොඳයි. නමුත් ඒවා අත් කරගන්න නම් හොඳට සැලසුම් කරන්න ඕනේ. එහෙම කළේ නැත්නම් ඒවා හැමදාම ඉලක්ක විතරයි.”—ඩෙරික්.

මෙම පියවර අනුගමනය කරන්න.

1. ඉලක්ක ලියාගන්න.

2. දිනයක් නියම කරන්න. එසේ නොකළොත් එය කෙදිනකවත් ඉටු කරගත නොහැකියි.

3. අවශ්‍ය පියවර සැලසුම් කරන්න.

4. බාධක බලාපොරොත්තු වන්න. ඒවා ජය ගැනීමට හැකි ක්‍රම ගැන සිතන්න.

5. කැප වීමෙන් කටයුතු කරන්න. ඔබේ ඉලක්කය වෙනුවෙන් කළ හැකි සියල්ල කරන්න. දැන් එම ඉලක්කය ඉදිරියෙන් ඔබේ අත්සන හා දිනය සඳහන් කරන්න.

දෙමළ භාෂාව ඉගෙනගැනීම යාපනයේ සංචාරයක් සඳහා ජූලි 1

ගත හැකි පියවර

1. ඒ සඳහා උපකාරවත් වන පොතක් ගන්න.

2. සතියකට අලුත් වචන දහයක් ඉගෙනගන්න.

3. දෙමළ භාෂාව කතා කරන අයට හොඳින් ඇහුම්කන් දෙන්න.

4. ව්‍යාකරණ හා වචන උච්චාරණය නිවැරදිද කියා භාෂාව දන්නා කෙනෙකුගෙන් අසන්න.

මතු විය හැකි බාධා

දෙමළ භාෂාව දන්නා කෙනෙක් ළඟපාත නොසිටීම

එම බාධා ජය ගත හැකි ආකාරය

www.pr418.com. යන වෙබ් අඩවියෙන් පටිගත කළ තොරතුරු ලබාගන්න

․․․․․ ․․․․․

අත්සන දිනය

ඒ වෙනුවෙන් වැඩ කරන්න යොහන් 13:17 3

“අපේ ඉලක්ක ගැන නිතරම කල්පනාවෙන් හිටියේ නැත්නම් ඒවා පස්සට යන්න පුළුවන්. ඒ නිසා ඒවා ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න ඕනේ.”—එරිකා.

කල් දමන්න එපා. ‘මගේ ඉලක්කය වෙනුවෙන් අද මට කරන්න පුළුවන් මොනවාද’ කියා කල්පනා කරන්න. සමහරවිට ඒ සඳහා ගත යුතු සෑම පියවරක් ගැනම ඔබ කල්පනා කර නැතුව ඇති. නමුත් ඔබේ ඉලක්කය කල් දැමීමට එය හේතුවක් කරගන්න එපා. බයිබලයේ ඒ ගැන මෙසේ පවසනවා. “සුළඟ හමයිද කියා කල්පනා කරන තැනැත්තා කිසිවිටෙක වපුරන්නේ නැත. වැස්ස වහීද කියා කල්පනා කරන තැනැත්තා අස්වැන්න නෙළාගන්නේ නැත.” (දේශනාකාරයා 11:4) ඒ නිසා ඔබට අද කළ හැකි දේ ඉතා කුඩා වුණත් එය අදම කරන්න.

දිනපතා ඔබේ ප්‍රගතිය මනින්න. එක් එක් ඉලක්කය ඔබට වැදගත් ඇයි කියා නැවත මතකයට නඟන්න. ඉලක්කයක ඔබ අවසන් කරන සෑම පියවරක් ඉදිරියෙන්ම ලකුණ දමන්න.

තත්වයට අනුව සකස් වන්න. ඔබ කොතරම් හොඳින් සැලසුම් කළත් විටින් විට ඒවා වෙනස් කිරීමට සිදු විය හැකියි. ඒ ගැන දුක් වෙන්න එපා. ඔබේ ඉලක්කය අත් කරගැනීමට දිගටම උත්සාහ කරන්න.

ප්‍රතිඵලය දැකීමට උත්සාහ කරන්න. ඔබ ඉලක්කය අත් කරගත්තා කියා සිතන්න. ඒ ගැන ඔබට දැනෙන තෘප්තිය සිතින් මවාගන්න. ඊළඟට ඉලක්කය ඉටු කරගැනීම සඳහා පියවරෙන් පියවර ඔබ කළ දේවල් ගැන සිතන්න. දැන් ඔබ ඒ සියලු පියවර ඉටු කරමින් ඉදිරියට යන ආකාරය මනසින් දකින්න උත්සාහ කරන්න. ඒ ගැන ඔබට දැනෙන තෘප්තියද මනසින් මවාගන්න. දැන් ඔබේ එම ඉලක්කය අත් කරගැනීමට පියවර ගන්න.

[පින්තූරය]

ඉලක්ක, පිඹුරුපතක් වගෙයි. උත්සාහයෙන් එය නිවසක් බවට පත් කළ හැකියි

[25වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෞවනයන් පවසන දේ 4

“කිසිම අරමුණක් නැතුව ජීවිතය ඔහේ ගත කරනවා නම් අපි ලේසියෙන්ම කලකිරෙනවා. හැබැයි ඉලක්කයක් තියලා ඒක අත් කරගත්තාම ලොකු සතුටක් දැනෙනවා.”—රීඩ්.

“ඔබේ ඉලක්කය ඔබ හිතන විදිහටම අත් කරගන්න බැරි වුණා නම්, ඒ ගැන කලබල වෙලා වැඩක් නැහැ. ඒ වෙනුවෙන් දිගටම උත්සාහ කරන්න.”—කෝරි.

“ඔබේ ඉලක්කවලට සමාන ඉලක්ක තබාගෙන ඒවා අත් කරගත් අයත් එක්ක කතා කරන්න. ප්‍රයෝජනවත් යෝජනා ඔවුන් ළඟ ඇති. එය ඔබට උපකාරයක් වෙයි.”—ජූලියා.

[24වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

කපන්න

නවන්න