“ඒක කියවනකොට මගේ ඇස්වලට කඳුළු ආවා”
“ඒක කියවනකොට මගේ ඇස්වලට කඳුළු ආවා”
● එසේ පැවසුවේ එක්සත් ජනපදයේ ජීවත්වන කාන්තාවක්. මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා යන පොත කියවීමෙන් පසුව තම අදහස් පළ කරමින් ඇය මෙසේ පැවසුවා. “යේසුස් ගැන මේ පොතෙන් ඉගෙනගත්ත දේවල් අනික් අයටත් දැනගන්න ලැබෙන්න කියලා මම යාච්ඤා කරනවා.”
ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොත සකස් කර තිබෙන්නේ යේසුස්ගේ කාලයේ සිටි මතෙව්, මාක්, ලූක් සහ යොහන් විසින් ලියූ තොරතුරුවලට අනුවයි. මතෙව් සහ යොහන් යේසුස්ගේ මුල් ගෝලයන් වූ අතර, ඔහු සමඟ ශුභාරංචිය දේශනා කරන්නත් ඔවුන් හවුල් වුණා. මාක් යේසුස්ගේ ගෝලයෙක් වූ පේතෘස්ගේ මිත්‍රයෙක්. වෛද්‍යවරයෙක් වූ ලූක් පාවුල් සමඟ සංචාරක සේවය සඳහා හවුල් වුණා.
පින්තූර සහිත මෙම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.
□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.