Skip to content

පටුනට යන්න

නින්ද අඩු වූ විට

නින්ද අඩු වූ විට

නින්ද අඩු වූ විට

● නින්ද අපට කොතරම් වැදගත්ද? සමහර අය පැය හතක හෝ හතහමාරක පමණ රාත්‍රී නින්දක් ලබනවා. ඒ නින්ද අපට ඉතාමත් වැදගත්! සාමාන්‍යයෙන් කෙනෙක් නින්දට ගිය පසු සෑම විනාඩි 60ත් 90ත් අතර කාලයකදී ඔහුගේ ඇස් වේගවත්ව චලනය වෙනවා. එය හඳුන්වන්නේ නිද්‍ර කාලය ලෙසයි. (REM) මේ කාලය තුළදී කෙනෙකුගේ මොළයේ සෛල අලුත්වැඩියා වන බව පර්යේෂකයන් පවසනවා. එමෙන්ම නින්ද කඩවීම, මෙම ක්‍රියාවලියට බාධා කරන අතර එය මොළයේ ක්‍රියාකාරීත්වයටද අහිතකර ලෙස බලපාන බවත් විවිධ ලෙඩ රෝග වැලඳීමට ඇති ප්‍රවණතාව වැඩි වන බවත් ඔවුන් පවසනවා.

නින්ද අවශ්‍ය බව ශරීරයට සංඥා කරන්නේ මොළයේ ඇති වන රසායනික ක්‍රියාවලියක් මගිනුයි. නමුත් කැෆේන් අඩංගු පාන වර්ගවලින් එම සංඥා අවහිර කරනවා. ඒ කෙසේවෙතත් අප නිසි පරිදි නින්දක් නොලැබූ විට මොළය මගින් කෙසේ හෝ අපව කෙටි නින්දකට පත් කරනවා. එක් පුවත්පතක ඒ ගැන මෙසේ සඳහන් වුණා. “අපි කොයි තරම් නින්ද වළක්වාගන්න උත්සාහ කළත් එය අත්‍යවශ්‍ය බව දන්නා අපේ මොළය, හදිසියේම අපටත් නොදැනීම වරකට තත්පර දහයක් හෝ විනාඩියක් වැනි කෙටි කාලයකට අපට නින්ද යෑමට සලස්වනවා.” මේ ගැන සිතන්න. පැයට කිලෝමීටර් 30ක වේගයකින් කෙනෙක් රිය පදවන අවස්ථාවකදී එවැනි කෙටි නින්දකට වැටුණා නම් ඔහුට කුමක් සිදු විය හැකිද? සුදු රුධිරාණුවලට අයත් T සෛල අපේ ශරීරය තුළ නිපදවෙන්නේ නින්ද අතරතුරේදීයි. මෙය රෝග මර්දනය කරන සෛල විශේෂයක්. නමුත් නිසි පරිදි නින්ද නොලැබෙන විට මෙම සෛල නිෂ්පාදනය දුර්වල වෙනවා. එයින් අපගේ ප්‍රතිශක්තියද අඩු වෙනවා. ඊට අමතරව ආහාර රුචිය පාලනය කරන ලෙප්ටීන් නමැති හෝමෝනය අපේ ශරීරයේ නිපදවෙන්නේ අප නිදා සිටින විටයි. මින් පැහැදිලි වන්නේ පෝෂ්‍යදායි ආහාර, ව්‍යායාම් මෙන්ම නිසි නින්දද අත්‍යවශ්‍ය බවයි.—එම පුවත්පත The Toronto Star.

ඔබේ ජීවිතයේ තිබෙන ප්‍රශ්න ගැටලු හෝ කාර්යබහුල ජීවිතය, ඔබේ නින්ද සොරාගෙන තිබෙනවාද? එසේනම් අතීතයේ සිටි ප්‍රඥාවන්ත සලමොන් රජ නින්ද ගැන පැවසූ මේ වදන් සැලකිල්ලට ගන්න. “සේවකයෙකුට ස්වල්පයක් කන්න තිබුණත් බොහොමයක් කන්න තිබුණත් ඔහුගේ නින්ද මිහිරිය. එහෙත් තමා සතු වස්තු සම්භාරය නිසා ධනවතාට නින්ද නොයයි.”—දේශනාකාරයා 5:12.