Skip to content

පටුනට යන්න

‘මේ ගැන උගන්වන්න දරුවන් පොඩි වැඩි නැහැ.’

‘මේ ගැන උගන්වන්න දරුවන් පොඩි වැඩි නැහැ.’

‘මේ ගැන උගන්වන්න දරුවන් පොඩි වැඩි නැහැ.’

උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොත ගැන කැලිෆෝර්නියාවේ සිටින එක් මවක් පැවසුවේ මෙයයි. “අපේ පුතා ජේවන්ට අවුරුදු තුනයි. ගිය සතියේ අපි එයාව වෛද්‍යවරියක් ළඟට එක්ක ගියා. වෛද්‍යවරිය ඇහුවා, අතවරවලින් ආරක්ෂා වීම ගැන අපි පුතාට කියලා දීලා තියෙනවාද කියලා. ඒ වෙලාවේ මම උතුම් ගුරුවරයා පොත ගැන ඇයට කිව්වා. කිසිම කෙනෙකුට තමන්ගේ ලිංගික අවයවයන් අල්ලන්නවත් ඉඩ දෙන්න එපා කියලා මේ පොතේ පැහැදිලි කරලා තියෙන බව මම විස්තර කළා. මේ වගේ දෙයක් අපි පුතාට කියලා දුන්න එක ගැන ඇය පුදුම වුණා.

“මේ පොත සකස් කරලා තියෙන විදිහ නිසා මේ වගේ බැරෑරුම් දේවල් වුණත් දරුවන් එක්ක සාකච්ඡා කරන එක අමාරු නැහැ” කියා මව පැවසුවා. යේසුස්ට අනතුරු කිරීමට බලාගෙන සිටි හෙරොද් රජගෙන් ඔහුව දෙවි බේරාගත් ආකාරය මෙම පොතේ “යේසුස්ව ආරක්ෂා කළ සැටි” යන පරිච්ඡේදයේ විස්තර කරනවා. ඒ වගේම අතවරයකට ලක් වීමෙන් කුඩා දරුවන්ව ආරක්ෂා කරගන්නේ කෙසේද කියාත් එහි සාකච්ඡා කරනවා.

පිටු 256කින් යුත් පින්තූර සහිත මෙම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.