Skip to content

පටුනට යන්න

ඔබටත් නිරෝගී දිවියක්!

ඔබටත් නිරෝගී දිවියක්!

මෙම ලිපි මාලාවේ පළමු ලිපියේ සඳහන් කළ රාම්ව ඔබට මතකද? පෝෂ්‍යදායි ආහාර හා හොඳ පුරුදු, සෞඛ්‍යයට බලපාන බව ඔහු දැනගත්තා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “පෝෂ්‍යදායි ආහාරවල වටිනාකම මම ඉගෙනගත්තේ පිබිදෙව්! සඟරාවකින් ඒ ගැන තියෙන ලිපියක් කියෙව්වට පස්සෙයි.”—“Nutritious Foods Within Your Reach,” Awake! May 8, 2002.

තවදුරටත් ඔහු මෙසේ පවසනවා. “ඉස්සර අපි නිතරම වගේ අසනීප වෙනවා. ඒත් දැන් නම් එහෙම නැහැ. ඒකට අපිට උදව් වුණේ ‘ඔබේ සෞඛ්‍යය රැකගැනීමට ක්‍රම 6ක්’ කියන පිබිදෙව්! සඟරාවේ පළ වුණ ලිපියයි. ඒ වගේම වියදමකින් තොරව පහසුවෙන් පිරිසිදු ජලය ලබාගන්න පුළුවන් ක්‍රමත් අපි ඒකෙන් ඉගෙනගත්තා.”—2003 ඔක්තෝබර් 8 පිබිදෙව්!“අපිට උපකාර වුණ තවත් ලිපියක් තමයි

‘සබන්—ඔබ ළඟම ඇති කදිම එන්නතක්’ කියන ලිපිය. ඒකේ තිබුණ උපදෙස් අදාළ කරගත්ත නිසා අපිට ඇස් රෝගවලින් ආරක්ෂා වෙන්න පුළුවන් වුණා.”—2003 දෙසැම්බර් 8 පිබිදෙව්!

“අපි ජීවත් වෙන ප්‍රදේශයේ හුඟක් මදුරුවෝ සහ මැස්සෝ ඉන්නවා. නමුත් පිරිසිදුකම ගැන කතා කරන DVD තැටිය බැලුවම අපි දැනගත්තා මේ වගේ කෘමීන්ගෙන් ආරක්ෂා වෙන්න ඕනේ කියලා. * ඒකේ තිබුණ දේවල් අපි කළ නිසා අපට හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගන්න පුළුවන් වෙලා තියෙනවා.”

උත්සාහය අත් නොහරින්න! ඉලක්ක තබාගෙන ටිකෙන් ටික ඒවා අත් කරගැනීමට උත්සාහ කරන්න. නමුත් එක පාරටම අත් කරගන්න අමාරු ඉලක්ක තබාගන්න එපා. උදාහරණයකට පෝෂණ ගුණයෙන් අඩු ආහාර එක පාරටම කපාහරිනවා වෙනුවට එය ටිකෙන් ටික අඩු කරන්න. දැන් නිදාගන්නා වේලාවට වඩා ටිකක් කලින් නිදාගන්න උත්සාහ කරන්න. ඒ වගේම ටිකෙන් ටික ව්‍යායාම් කිරීමට පටන්ගන්න. මේ දේවල් පුරුද්දක් බවට පත් වීමට කාලයක් යයි. නමුත් ඔබේ උත්සාහය අත්හරින්න එපා. කාලයත් සමඟ ඔබේ සෞඛ්‍ය තත්වය වඩා හොඳ අතට හැරෙයි.

අද අපි කොතරම් උත්සාහ කළත් පරිපූර්ණ ශරීර සෞඛ්‍යයක් භුක්ති විඳින්න බැරි බව ඇත්තයි. ඒ නිසා අපි ඒ ගැන කනස්සලු වීමෙන් අපේ ආයු කාලය සුළු මොහොතකින්වත් වැඩි කරගන්න අප අතරේ සිටින කාටවත් බැහැ. (ලූක් 12:25) ඔබ යම් රෝගී තත්වයකට මුහුණ දෙන විට ඒ ගැන කලකිරෙන්න එපා. අපි සියලුදෙනාටම දෙවිගේ පාලනය තුළදී පරිපූර්ණ ශරීර සෞඛ්‍යයක් ඇතුව සිටීමට හැකි වෙනවා. එදාට ‘කිසිවෙකුවත්, මා ලෙඩින් යයි පවසන්නේ නැහැ.’—යෙසායා 33:24.

^ 5 ඡේ. The Bible—Its Power in Your Life, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් සම්පාදිත වීඩියෝ තැටියක්.