Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

දික්කසාද වීමට බලාපොරොත්තු වන අයට අවශ්‍ය සියලුම සේවාවන් එකම වහලක් යටදී ලබා දීමට ඉතාලිය ප්‍රථම වතාවට සැලසුම් කර තිබුණා. නීතිඥයන් සොයා දීමටත්, නැවත විවාහ වීමට කෙනෙකුව සොයා දීමටත්, අවශ්‍ය අයට මනෝ වෛද්‍යවරුන්ව මුණගැසීමටත් පවුල් ප්‍රශ්න විසඳාගැනීමට විශේෂඥ උපදෙස් ලබා දීමටත් සැලසුම් කර තිබුණා. ඒ වගේම දික්කසාද වූ අයට නිවාඩු ගත කිරීම සඳහා අවශ්‍ය සැලසුම් කරන ආයතනද එහි තිබුණා.—CORRIERE DELLA SERA, ITALY.

බොහෝදෙනාට පල්ලිය කෙරෙහි තිබූ විශ්වාසය නැති වීමට එක් හේතුවක් වී තිබෙන්නේ “පූජකයන් කරන ලිංගික අපචාර සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීමයි. කතෝලික පල්ලිය මුහුණ දුන් දරුණුතම බිඳ වැටීම මෙයයි.”—NATIONAL CATHOLIC REPORTER, U.S.A.

වසර 4,000කට පෙර මිය ගිය ග්‍රීන්ලන්ත ජාතිකයෙකුගේ හිසකෙස් විද්‍යාඥයෝ පරීක්ෂණයකට ලක් කළා. ඔවුන් පවසන්නේ “ඔහු සයිබීරියානු ජාතිකයෙක් විය හැකි බවයි.”—REUTERS NEWS SERVICE, U.S.A.

දෙදරා ගිය විශ්වාසය

අයර්ලන්තයේ ජනයා පල්ලියට ළැදි අය ලෙස නම් දරා සිටියත් දැන් ඒ තත්වය වෙනස් වී තිබෙනවා. එක් පුවත්පතක මුල් පිටුවේ මෙසේ සඳහන් වුණා. “මිනිසුන්ට කතෝලික පල්ලිය කෙරෙහි තිබූ විශ්වාසය බිඳී ගිහින්.” ඒ සම්බන්ධයෙන් එක් සමීක්ෂණයකට භාජනය කළ අයගෙන් සියයට 32ක් කියා සිටියේ ඔවුන්ට පල්ලිය කෙරෙහි කිසිම විශ්වාසයක් නැති බවයි. තවත් සියයට 21ක් කියා සිටියේ ඔවුන්ට පල්ලිය කෙරෙහි එතරම් විශ්වාසයක් නැති බවයි. ඊට හේතුව, පල්ලි නායකයන්ගේ නුසුදුසු හැසිරීම බව බොහෝදෙනා පවසනවා.—The Irish Times.

උපාධියට ගිය කල

“සෑම වසරකම දහස් ගණන් ශිෂ්‍යයන් උපාධි ලබාගන්නවා. නමුත් ඔවුන්ගේ උපාධිවලට සරිලන රැකියා ඇබෑර්තු නැහැ. ඒ නිසා උපාධිධාරීන්ට රැකියා සොයාගැනීම ඉතා අසීරුයි.” එසේ පැවසුවේ ක්විෂොං නගරයේ නගරාධිපති වන හර්බර්ට් බව්ටිස්ටායි. උපාධි ගත් සමහර අයට ලැබී තිබෙන්නේ ආපන ශාලා වැනි ස්ථානවල සාමාන්‍ය රැකියායි. ඒ නිසා රජයෙන් දැන් උනන්දු කරන්නේ කාර්මික ක්ෂේත්‍රය වැනි රැකියා අවස්ථා ඇති ක්ෂේත්‍රයකින් පාඨමාලා හදාරන්න කියායි.

පාලම කන බුලත් කෙළ

ඉන්දියාවේ කල්කටා නගරයේ මීටර් 457ක් දිග හෝරා පාලම මලකඩ කෑමේ තර්ජනයකට ලක් වී තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ බුලත් කෙළයි. දිනපතා මෙම පාලම උඩින් මගීන් 5,00,000ක් හා වාහන 1,00,000ක් පමණ ගමන් කරනවා. මගීන් ගමන් කරන විට පාලමේ ඇති කුලුනු මතට ගසන බුලත් කෙළ නිසා එම කුලුනුවල ඇති යකඩ ආවරණ මලකඩ කෑමට ලක් වී තිබෙනවා. වර්ෂ 2007 සිට මෙම යකඩ ආවරණයේ ගනකම මිලිමීටර් හයේ සිට තුන දක්වා අඩු වී තිබෙනවා කියා එක් පුවත්පතක සඳහන් වුණා.—The Telegraph.