Skip to content

පටුනට යන්න

“මට ප්‍රේමණීය පියෙක් හම්බවුණා”

“මට ප්‍රේමණීය පියෙක් හම්බවුණා”

“මට ප්‍රේමණීය පියෙක් හම්බවුණා”

● එක්සත් ජනපදයේ වෙසෙන 19 හැවිරිදි යෞවනියක් මෙසේ පැවසුවා. “පුංචි කාලේ ඉඳලාම අපි පල්ලි ගියා. ඒත් දෙවි ගැනත් විනිශ්චය දවස ගැනත් නිරය ගැනත් මට තිබුණේ ලොකු භයක්. නමුත් බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත කියෙව්වාට පස්සේ මගේ අදහස් වෙනස් වුණා.

“පරිච්ඡේද කිහිපයක් කියවනකොට මට පුදුම සහනයක් දැනුණා. හරියට හිසේ තිබුණ ලොකු බරක් බිමින් තිබ්බා වගේ. මට දැනුයි තේරෙන්නේ දෙවි මොන තරම් ප්‍රේමණීය පියෙක්ද කියලා. දෙවි කැමති අපි ඔහුගේ කිට්ටු මිත්‍රයන් වෙනවාටයි. මම දැන් හුඟක් ආසාවෙන් ඉන්නේ මේ ඉරිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික රැස්වීමට යන්න. ඇත්තටම යෙහෝවා දෙවි ප්‍රේමණීය පියෙක්. ඔහුව මට හඳුන්වලා දුන්නාට බොහොම ස්තුතියි.”

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ දෙවි සහ යේසුස් ගැන, දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි, සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කරන ආකාරය, මළවුන්ගේ තත්වය හා නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන විස්තර කරනවා. මෙම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.