Skip to content

පටුනට යන්න

ඔබටම ගැළපෙන පොතක්!

ඔබටම ගැළපෙන පොතක්!

ඔබටම ගැළපෙන පොතක්!

යෞවනයන් අසන ප්‍රශ්නක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නමැති පොතේ දෙවැනි වෙළුම ලොව පුරා සිටින බොහෝ යෞවනයන් අගය කර තිබෙනවා. * ඔවුන්ගේ අදහස් කිහිපයක් බලමු.

“දෙමාපියන් එක්ක සාර්ථකව අදහස් හුවමාරු කරන විදිහ මම මේ පොතෙන් ඉගෙනගත්තා. ඒකේ තියෙන යෝජනාත් මම අත්හදා බැලුවා. ඒවා හරිම සාර්ථකයි.”—රොබර්ටෝ, මෙක්සිකෝව.

“පොත අතට ගත්තට පස්සේ බිමින් තියන්න හිතුණෙම නැහැ. මගේ විශ්වාසයන් ගැන පාසලේදී කතා කරන්නේ කොහොමද කියලා ඉගෙනගන්න මේ පොත මට හුඟක් ප්‍රයෝජනවත් වුණා. “ගත හැකි පියවර” කියන කොටසටයි, “මගේ සටහන්” කියන කොටසටයි මම හරි ආසයි.”—ජොඑලා, එක්සත් ජනපදය.

“මේ පොතේ හැම දෙයක්ම මගේ හිතට කාවැදුණා. යෞවන අයගේ අදහසුත් ඒකේ තියෙනවා. ඒ වගේම “ඔබ දැන සිටියාද” සහ “යෝජනාවක්” කියන කොටුවල ඇති තොරතුරුවලටත් මම හරිම කැමතියි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සහෝදරයන් අපි ගැන හුඟක් සැලකිලිමත් කියලා පැහැදිලියි.”—හුයිවොන්, දකුණු කොරියාව.

“සාක්ෂිකරුවන් මුද්‍රණය කරලා තියෙන පොත්වලින් මම ආසම පොත මේකයි. අපේ හිතේ තියෙන දේවලුත් අපි මුහුණ දෙන ප්‍රශ්න ගැනත් එයාලට හොඳට තේරෙන බව මේ පොත කියෙව්වාම මට වැටහුණා.”—ෂානා, කැනඩාව.

“ඉස්සර අම්මයි තාත්තයි රණ්ඩු කරන හැම වෙලාවකම මම කාමරේට ගිහින් අඬනවා. ඒත් මේ පොතේ 24වන පරිච්ඡේදය කියෙව්වට පස්සේ මම ඒ ගැන අම්මයි තාත්තයි එක්ක කතා කළා. ඊටපස්සේ ඒ දෙන්නත් මේ පරිච්ඡේදය කියෙව්වා. දැන් ඒගොල්ලන් ඉස්සර වගේ රණ්ඩු කරන්නේ නැහැ.”—මරියානා, චෙච් සමූහාණ්ඩුව.

“මගේ අඩුපාඩු හදාගන්න මට උපකාර වුණේ අතීතයේ අයගේ හොඳ ආදර්ශ ගැන කතා කරන කොටසයි. උදාහරණයකට මම ලැජ්ජාශීලී කෙනෙක් නිසා අනික් අයත් එක්ක කතා කරන්න මට අමාරුයි. ඒත් බයිබලයේ සඳහන් වන ලිදියා, පාවුල් සහ ඔහු සමඟ පැමිණි අයට සැලකුව ආකාරය මම මේ පොතෙන් කියෙව්වා. මමත් දැන් උත්සාහ කරන්නේ එහෙම කරන්නයි.”—මොනිකා, හංගේරියාව.

[පාදසටහන]

^ 2 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැනට සිංහලෙන් නැත.

[25වන පිටුවේ කොටුව/පින්තූරය]

පාසැල් දැරියකගේ සාර්ථක ව්‍යාපෘතියක්!

දහසය හැවිරිදි කැට්රීනා ජීවත් වන්නේ ඇමරිකාවෙයි. තමන් කැමති විෂයක් තෝරාගෙන පන්තිය ඉදිරියේ කතාවක් දීමට ඇයට පැවරුමක් ලැබුණා. ඇයගේ මාතෘකාව වුණේ ‘විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ ඇති වරද කුමක්ද’ යන්නයි. ඒ සඳහා ඇය යොදාගත්තේ යෞවනයන් අසන ප්‍රශ්නක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නමැති පොතේ දෙවෙනි වෙළුමයි. ඒ ගැන ඇගේ දෙමාපියන් පැවසුවේ මෙසේයි. “විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ ඇති අවදානම ගැනත් දෙවිගේ ප්‍රමිති කඩ කිරීමෙන් සිදු වන හානි ගැනත් කැට්රීනා විස්තර කළා. ඒ වගේම සමහර යෞවනයන්ගේ අද්දැකීම්ද ඇය පැවසුවා. කතාව අවසානයේදී ශිෂ්‍යයන්ට ප්‍රශ්න අහන්නත් අවස්ථාව දුන්නා. ඊටපස්සේ ගුරුවරිය කැට්රීනාට පුංචි කාඩ් එකක් දුන්නා. ඒකේ සඳහන් වෙලා තිබුණේ මේ විදිහටයි. ‘මේ විෂයේදී අපි නොසිතන පැත්තක් ගැන අපට පෙන්වා දුන්නාට ඔබට බොහොම ස්තුතියි. ඔබේ විශ්වාසය අපි හුඟක් අගය කරනවා. දිගටම ඊට ඇලී සිටින්න.’”