Skip to content

පටුනට යන්න

මුහුදු ජීවියෙක් නිපදවන මැලියම

මුහුදු ජීවියෙක් නිපදවන මැලියම

නිර්මාණයක්ද?

මුහුදු ජීවියෙක් නිපදවන මැලියම

● අස්ථි බිඳුණු අවස්ථාවකදී බොහෝවිට කරන්නේ ලෝහ කූරු වැනි ආධාරක භාවිත කරමින් ඒවා නැවත යථා තත්වයකට ගෙන ඒමයි. නමුත් කුඩා අස්ථි බිඳීමකදී එසේ කරන්න බැහැ. ඒ නිසා මෙවැනි අස්ථි සවි කිරීම සඳහා මැලියම් වර්ගයක් සෑදීමට පර්යේෂකයන් උත්සාහ කළා. නමුත් ගැටලුව වුණේ සාදන මැලියම, ශරීරයේ තිබෙන තෙතමනයට ඔරොත්තු දෙයිද යන්නයි. ඊට කුඩා මුහුදු ජීවියෙකුගෙන් (sandcastle worm) කදිම පිළිතුරක් ලැබී තිබෙනවා.

මේ ගැන සිතන්න. මුහුදේ ජීවත් වන මෙම කුඩා ජීවියා ඌගේ නිවස තනන්නේ මුහුදු පතුළේ තිබෙන වැලි කැට හා කුඩා ගල් කැටවලිනුයි. ඌ ඒවා එකිනෙකට අලවාගන්නේ උගේම ශරීරයෙන් නිපදවෙන මැලියම් වර්ගයකිනුයි. එය සෑදී තිබෙන්නේ ඉතා විශේෂ ප්‍රෝටීන මිශ්‍රණයකින්. එම මැලියම සෑදී තිබෙන ආකාරය නිසා ජලය යටදී වුණත් එය ඉතා ඉක්මනින්ම ඇලවෙනවා. යූටා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන රසල් ස්ටුවර්ට් පවසන්නේ මේ පුංචි ජීවියා “මැලියම් පිළිබඳ පැන නඟින සංකීර්ණ ප්‍රශ්නයකට විසඳුමක් සොයා දුන්” බවයි.

මෙම ජීවියාව නිරීක්ෂණය කිරීමෙන් පසු පර්යේෂකයන් ජලයේදී ඇලවිය හැකි මැලියම් වර්ගයක් සාදා තිබෙනවා. නමුත් තවමත් එය ශල්‍යකර්මයකදී භාවිත කළ හැකි තත්වයක නැහැ.

ඔබේ නිගමනය කුමක්ද? මේ පුංචි ජීවියා නිපදවන අද්විතීය මැලියම ඇති වුණේ අහම්බෙන්ද? නැත්නම් එයට බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවාද?

[26වන පිටුවේ පින්තූරය]

ලෝහමය ආධාරක භාවිත නොකර බිඳුණු අස්ථි යථා තත්වයට ගෙන ඒමට පර්යේෂකයන් උත්සාහ කරනවා

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Sandcastle worm: © Peter J. Bryant, University of California, Irvine