Skip to content

පටුනට යන්න

මේ තරම් වේදනාවක්!

මේ තරම් වේදනාවක්!

මේ තරම් වේදනාවක්!

නිකෝල්, වයස අවුරුදු තුනක පුංචි දඟකාරියක්. දිනක් හදිසියේ ඇති වුණ හිසරදයක් නිසා ඇයව රෝහල් ගත කළා. ප්‍රතිකාර කරන අතරේදීම ඇයට හෘදයාබාධයක්ද ඇති වුණා. වෛද්‍යවරුන් පැවසුවේ කලාතුරකින් ඇති වන දරුණු බැක්ටීරියාවක් ඇගේ පෙණහලු, වකුගඩු සහ හෘදයට ආසාදනය වී ඇති බවයි. මේ නිසා පැය 48ක් ඇතුළත පුංචි නිකෝල් මිය ගියා.

බොහෝ අය ජීවිතයේ අද්දකින වේදනාකාරීම අද්දැකීම වන්නේ තමන් ආදරය කරන කෙනෙකුගේ මරණයයි. ඒ බව නිකෝල්ගේ මව වන ඉසබෙල්ට දැනුණු ආකාරයෙන් පැහැදිලි වෙනවා. “මගේ කිරිකැටියා නැතුව මට දැනෙන පාළුව විස්තර කරන්න වචන නැහැ. එයාගේ හිනාව, සුවඳ, හුරතලේ, මේ දේවල් මට කවදාවත් අමතක කරන්න බැහැ.”

ඔබත් වියෝ දුකට මුහුණ දී ඇති. ඒ ඔබේ දරුවෙකුගේ, විවාහ සහකරුගේ, සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ, දෙමාපියෙකුගේ එසේත් නැත්නම් මිතුරෙකුගේ විය හැකියි. එසේනම් ඒ වේදනාව කොතරම්ද කියා ඔබ දන්නවාත් ඇති. ඒ වේදනාව දරාගැනීම සඳහා ඔබට කළ හැකි දේවල් කිහිපයක් අපි සලකා බලමු.