යේසුස් ‘ලෝකයෙන් පාපය නැති කර දමයි’
යේසුස් ‘ලෝකයෙන් පාපය නැති කර දමයි’
● යේසුස් “ලෝකයෙන් පාපය නැති කර දමන” බව යොහන් බව්තීස්ත පැවසුවා. (යොහන් 1:29) එයින් පෙන්නුවේ කීකරු මිනිසුන්ව ගලවාගැනීමට යේසුස් සතු කාර්යයයි.
පව්කාරයන්ව ගලවාගැනීමට යේසුස් මිය යා යුතු වුණේ ඇයි? කැමැත්තෙන්ම තම ජීවිතය පිදීමෙන් ඔහුට ඉටු කිරීමට හැකි වුණේ කුමක්ද? ඉන් ප්රයෝජන ලැබෙන්නේ කාටද? ඔබට එයින් ලැබෙන ප්රයෝජන මොනවාද?
සෑම වසරකම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ මරණය සිහි කරනවා. මෙම වසරේ එය යෙදී තිබෙන්නේ අප්රියෙල් 17වන ඉරුදිනයි. එය පවත්වන්නේ හිරු බැස යෑමෙන් පසුවයි.
ඉහත ප්රශ්නවලට බයිබලයෙන්ම පිළිතුරු දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ එදින එක් වන්න කියා අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරනවා.
ඔබට එම අවස්ථාවට සහභාගි වීම සඳහා රැස්වීම පවත්වන ස්ථානය හා වේලාව දැනගැනීමට සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන විමසන්න.