Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“ගැබිනි කාලයේදී හා දරු ප්‍රසූතියේදී මිය යන මව්වරුන්ගේ සංඛ්‍යාව ධනවත් රටවලට වඩා දිලිඳු රටවල 300 ගුණයකින් වැඩියි.”—BUSINESSWORLD, PHILIPPINES.

වයස අවුරුදු 11ත් 15ත් අතර ජර්මනියේ සිටින දරුවන්ගෙන් සියයට 40ක්ම හිරු උදා වන්නේ නැඟෙනහිරින් කියා නොදන්නා බවත් සියයට 60ක් සෑම මාසයකම පුරහඳ පායනවා කියා නොදන්නා බවත් අධ්‍යයනයකින් හෙළි වුණා.—WELT ONLINE, GERMANY.

පුරාණ ගාත් නගරයෙන් පිලිස්තිවරුන්ගේ දේවස්ථානයක් සොයාගෙන තිබෙනවා. ඒ මුළු ගොඩනැඟිල්ලම රඳා තිබෙන්නේ ප්‍රධාන කුලුනු දෙකක් මතයි. බයිබලයේ සඳහන් වන සැම්සන් නමැති ශක්තිමත් පුරුෂයා මේ හා සමාන දේවස්ථානයක කුලුනු දෙක තල්ලු කිරීමෙන් එය කඩා දමා තිබෙනවා.—THE JERUSALEM POST, ISRAEL.

මනාලියන් ආනයනය

“ජපානය, කොරියාව වැනි ධනවත් ආසියාතික රටවල සිටින පිරිමින් දැන් දැන් මනාලියන් සොයන්නේ වියට්නාමය, පිලිපීනය වැනි දුප්පත් රටවලින්” කියා එක් ව්‍යාපාරික පුවත්පතක සඳහන් වුණා. (Business World) වර්ෂ 1995 සිට 2006 දක්වා ජපන් ජාතික පුරුෂයන් එවැනි විවාහයන් කරගැනීම සියයට 73කින් වැඩි වී තිබෙනවා. එයට හේතුව කුමක්ද? “එම රටවල ස්ත්‍රීන් මුල් තැන දෙන්නේ විවාහයට වඩා මුදලට හා රැකියාවටයි.” නමුත් දුප්පත් රටවල සිටින ස්ත්‍රීන්, ධනවත් රටවල සාමාන්‍ය රැකියාවක් කරන පුරුෂයෙකු සමඟ වුණත් විවාහ වීමට කැමතියි. එවැනි ස්ත්‍රීන් එය සලකන්නේ “සාර්ථක ජීවිතයකට මඟක්” ලෙසයි.

අනියම් සබඳතාවලට අත්වැලක්!

සියලුදෙනාවම මවිතයට පත් කරමින් එක් වෙබ් අඩවියක මෙසේ සඳහන් වුණා. ‘ජීවිතය භුක්ති විඳින්න නම් අනියම් සම්බන්ධයක් අරඹන්න!’ මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ මෙසේ පැවසුවා. “අපේ වෙබ් අඩවියට පිවිසෙන්නේ අනියම් සම්බන්ධයක් ඇති කරගන්න දැනටමත් තීරණය කරලා තියෙන අයයි. සහකරුට ද්‍රෝහි වෙන්න කියලා අපි කියන්නේ නැහැ. හුඟක් වෙලාවට පවුල් ප්‍රශ්න ඇති වෙන්නේ ඒ වගේ අනියම් සම්බන්ධයක් අහු වුණාමයි. නමුත් අපි කරන්නේ සහකරුට හෝ සහකාරියට අහු වෙන්නේ නැති විදිහට සම්බන්ධය පවත්වාගෙන යන්න උදව් කරන එක විතරයි.” දැනටමත් මෙම වෙබ් අඩවියට රටවල් පහකින් 64 ලක්ෂයක් පමණ සම්බන්ධ වී සිටිනවා.

උපතින්ම නැට්ටුවෝ

“රිද්මයට අනුව මිනිසුන්ගේ අංග චලනය වන්නේ නිරායාසයෙන්මයි” කියා විශ්වවිද්‍යාලයක් කළ පර්යේෂණයකින් හෙළි වුණා. ඔවුන් පැවසුවේ කුඩා දරුවන් කතා කරන්නත් කලින් රිද්මයට අනුව අංග චලනය කරන්න දන්නා බවයි. එවැනි අවස්ථාවකදී දරුවන් දිගටම සිනාසෙන්නේ රිද්මයට සාර්ථකව අංග චලනය කරගන්න ඔවුන්ට හැකි වෙන නිසයි. මෙයින් පෙනී යන්නේ රිද්මයට අනුව නර්තනයේ යෙදීමේ හැකියාව අපට උපතින්ම ලැබී ඇති බවයි.