Skip to content

පටුනට යන්න

“මිනිසුන් නිසා පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වී යයිද?”

“මිනිසුන් නිසා පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වී යයිද?”

“මිනිසුන් නිසා පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වී යයිද?”

● විශ්වයේ සිට බලන විට අපේ පෘථිවිය පෙනෙන්නේ නිල් මැණිකක් වගෙයි. ඒත් මේ අලංකාර මැණික තිබෙන්නේ ලොකු අනතුරකයි. ඊට හේතුව වෙන කිසිවෙකු නොව මිනිසාමයි. පරිසර දූෂණය, ලේ වැගිරීම් හා සදාචාරය අතින් පිරිහුණු ජීවිත ගත කිරීම නිසා මේ ලස්සන පෘථිවිය ජීවත් වීමට නොහැකි තැනක් බවට පත් වී තිබෙනවා.

පෘථිවිය මෙවැනි තත්වයකට පත් වන බව මීට අවුරුදු 2,000කටත් කලින් බයිබලයේ සඳහන් වී තිබුණා. (2 තිමෝති 3:1-5; එළිදරව් 11:18) ඒ වගේම දෙවි විසින් මේ පෘථිවිය නැවත යථා තත්වයට ගෙන එන බවත් එහි සඳහන්වෙනවා. මේ ගැන “මිනිසුන් නිසා පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වී යයිද?” නමැති ප්‍රසිද්ධ දේශනයෙන් ඔබට දැනගත හැකියි. එම දේශනය ඉදිරිපත් කරනු ලබන්නේ “දෙවිගේ රාජ්‍යය පැමිණේවා” නමැති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ලොව පුරා පවත්වනු ලබන දිස්ත්‍රික් සමුළුවේදීයි.

එම දිස්ත්‍රික් සමුළුවට සහභාගි වන්න කියා අපි ඔබටත් ආරාධනා කරනවා. මේ ගැන වැඩි විස්තර ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයට හෝ ලියා විමසන්න.