Skip to content

පටුනට යන්න

පවුලේ සැමට

පවුලේ සැමට

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

මෙම පින්තූර දෙකේ ඇති වෙනස්කම් තුනක් සොයන්න. ඔබේ පිළිතුර පහත ලියන්න. පින්තූරය පාට කරන්න.

හෝඩුවාව: නික්මයාම 25:10-22 කියවන්න.

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

4. නිවැරදි පින්තූරය කුමක්ද? පළමු එකද, නැත්නම් දෙවෙනි එකද?

සාකච්ඡා කරන්න:

ගිවිසුම් පෙට්ටියෙන් නියෝජනය කළේ කුමක්ද?

හෝඩුවාව: නික්මයාම 25:22; ලෙවී කතාව 16:2 කියවන්න.

දෙවි තම සෙනඟගෙන් බලාපොරොත්තු වුණේ කුමක්ද?

හෝඩුවාව: යොෂුවා 7:1-6, 11, 12 කියවන්න.

ඔබේ දෙමාපියන්ව සහ යෙහෝවා දෙවිව සතුටු කිරීමට නම් කීකරුකම කොතරම් වැදගත්ද?

හෝඩුවාව: 1 සාමුවෙල් 15:22, 23; එෆීස 6:1-3 කියවන්න.

පවුලම එකතු වන්න:

පවුලේ එක් එක් කෙනා ගිවිසුම් පෙට්ටිය ගැන තොරතුරු සොයන්න. පසුව සියලුදෙනාම එකතු වී ඒ දේවල් සාකච්ඡා කරන්න. උදාහරණයකට ගිවිසුම් පෙට්ටියේ තිබුණේ මොනවාද? ඒවා ඇඳ ඒවායෙහි ඇති වැදගත්කම ගැන සාකච්ඡා කරන්න.

හෝඩුවාව: හෙබ්‍රෙව් 9:4 කියවන්න.

ගිවිසුම් පෙට්ටිය රැගෙන යා යුතු වුණේ කෙසේද? එම මඟ පෙන්වීම්වලට අනුව දාවිත් කටයුතු නොකළ නිසා සිදු වුණේ කුමක්ද?

හෝඩුවාව: නික්මයාම 37:5; 1 ලේකම් 13:7, 9-14; 15:12-15 කියවන්න.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 6 ආබෙල්

ප්‍රශ්න

අ. ආබෙල්ව මරා දැමුවේ කවුද?

ආ. ආබෙල් ගැන සහ ඔහු කළ පූජාව ගැන දෙවිට හැඟුණේ කෙසේද?

ඇ. හිස් තැන පුරවන්න. ආබෙල් වැඩ කළේ ......

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ අවසන්

ක්‍රි.පූ 3900දී පමණ පොත ලිව්වා

[සිතියම]

ජීවත් වුණේ ඒදන් උයනෙන් පිටතයි

ඒදන් උයන?

ආබෙල්

තොරතුරු.

ආදම් සහ ඒවගේ දෙවෙනි පුතා. බයිබලයේ සඳහන් වන ලෙස දෙවිට විශ්වාසවන්තව සිටි පළමුවන පුද්ගලයායි. දෙවි අනුමත කරන පූජා ඔප්පු කිරීමෙන් ඔහුට දෙවිගේ අනුමැතිය අවශ්‍ය බව ඔහු පෙන්නුම් කළා. විශ්වාසවන්තකම සම්බන්ධයෙන් ඔහු අපට හොඳ ආදර්ශයක් තැබුවා.—උත්පත්ති 4:1-11; හෙබ්‍රෙව් 11:4.

පිළිතුරු

අ. ඔහුගේ සහෝදරයා වූ කායින්.—1 යොහන් 3:11, 12.

ආ. දෙවි සතුටු වුණා.—උත්පත්ති 4:4.

ඇ. එඬේරෙක් ලෙසයි.—උත්පත්ති 4:2.

ජාතීන් හා දේශයන්

5. අපේ නම් ඩීන්, වයස අවුරුදු 10යි. ජෙනිෆර්, වයස අවුරුදු 7යි. අපි ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේයි. ඕස්ට්‍රේලියාවේ සාක්ෂිකරුවන් සිටින්නේ 36,400ක්ද, 63,400ක්ද නැත්නම් 93,400ක්ද?

6. සිතියමේ අපේ රට ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

● පිළිතුරු 15වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. පොලු සහ වළලු.

2. කෙරුබ්වරුන්ගේ පියාපත් පියන උඩින් විහිදී තිබිය යුතුයි.

3. ඔවුන්ගේ මුහුණු පියන දෙසට යොමු වී තිබිය යුතුයි.

4. 2.

5. 63,400.

6. 3.