Skip to content

පටුනට යන්න

ඩොල්ෆින් මත්ස්‍යයාගේ තෙල් තට්ටුව

ඩොල්ෆින් මත්ස්‍යයාගේ තෙල් තට්ටුව

නිර්මාණයක්ද?

ඩොල්ෆින් මත්ස්‍යයාගේ තෙල් තට්ටුව

● ඩොල්ෆින් මත්ස්‍යයන්ට පැයට කිලෝමීටර් 40ක පමණ වේගයෙන් පිහිනා යා හැකියි. උන් එතරම් වේගයෙන් පිහිනන්නේ කෙසේද යන්න ගැන කාලයක් පුරා විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් වී තිබුණා. ඔවුන් පැවසුවේ පිහිනීමට අවශ්‍ය තරම් මාංස පේශි ප්‍රමාණයක් උන්ට නැති බවයි. නමුත් දැන් සොයාගෙන තිබෙන්නේ උන්ගේ ශරීරයේ ඇති මේද තට්ටුව ඊට උපකාර වන බවයි. මෙම විශේෂ මේද තට්ටුව ඩොල්ෆින් මත්ස්‍යාට පමණක් නොව මුහුදේ ජීවත් වන සියලුම ක්ෂීරපායී සතුන්ට තිබෙනවා.

මේ ගැන සිතන්න: මෙම “මේද තට්ටුව සැකසී තිබෙන්නේ විශේෂ පටක හා මේද සෛල එකතුවකින්” කියා එක් විශ්වකෝෂයක සඳහන් වුණා. (New World Encyclopedia) එයින් ජීවියාගේ ශරීරයම ආවරණය වී තිබෙනවා. ඒ වගේම “මේද තට්ටුව උගේ පේශිවලටත් ඇටකටුවලටත් සම්බන්ධ වී තිබෙන්නේ කණ්ඩරා හා අස්ථි බන්ධනී මාර්ගයෙනුයි.” ඒවා සෑදී තිබෙන්නේ ඇදෙනසුලු තන්තු හා කොලජන් නමැති ප්‍රෝටීනයෙනුයි. කණ්ඩරා හා අස්ථි බන්ධනී එකිනෙකට සම්බන්ධ වී වියනක් ආකාරයට ගෙතී තිබෙනවා.

ඩොල්ෆින් මත්ස්‍යාට මෙතරම් වේගයෙන් පිහිනීමට මෙම මේද තට්ටුව උපකාරවත් වන්නේ කෙසේද? පළමු දේ නම් මෙම මේද තට්ටුව නිසා දිය කපාගෙන යෑමට හැකි වන හැඩයක් ඌට ලැබී තිබීමයි. දෙවෙනි දේ නම් මත්ස්‍යාගේ ශරීරයේ මැද කොටසේ සිට පිටුපස වරල දක්වා තිබෙන මේද තට්ටුවේ ඇදෙනසුලු ස්වභාවය ඉතා අධික වීමයි. ඒ නිසා එම කොටස ක්‍රියා කරන්නේ ඉහළට පහළට නැමෙන දඟරයක් (ස්ප්‍රිං එකක්) වගෙයි. පසුපස වරල පහළට ගසන විට එම කොටස පහළට නැමෙන අතර නැවත ඉතා වේගයෙන් ඉහළට එසවෙනවා. ඒ නිසා වෙහෙසකින් තොරව ඌට වේගයෙන් පීනා යා හැකියි.

මෙම මේද තට්ටුවෙන් මුහුදේ ජීවත් වන ක්ෂීරපායින්ට තවත් ප්‍රයෝජන ලැබෙනවා. එනම් උන්ට ජලයේ පාවීමටත් අධික සීතලෙන් ආරක්ෂා වීමටත් හැකි වෙනවා. ඒ වගේම ආහාර හිඟ කාලවලදී උන්ව පෝෂණය කරන්නෙත් මෙම මේද තට්ටුවයි. මේද තට්ටුවේ තිබෙන විශේෂත්වය නිසා එම ක්‍රියාවලිය අනුගමනය කරමින් තාක්ෂණයෙන් උසස් මුහුදු යාත්‍රා නිර්මාණය කිරීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.

ඔබේ නිගමනය කුමක්ද? මෙතරම් පුදුමාකාර මේද තට්ටුව සහ එහි ක්‍රියාවලිය ඇති වුණේ අහම්බෙන්ද? නැත්නම් එයට බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවාද?

[17වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

ඇදෙනසුලු තන්තු

ඇදෙනසුලු තන්තු සහ ප්‍රෝටීනවලින් සෑදුණු වියන