Skip to content

පටුනට යන්න

බයිබලය එහි පණිවිඩය කුමක්ද?

බයිබලය එහි පණිවිඩය කුමක්ද?

බයිබලය එහි පණිවිඩය කුමක්ද?

● එදා මෙදා තුර ලොව පුරා වැඩියෙන්ම බෙදාහැර ඇති පොත බයිබලයයි. විවිධ රටවල සිටින අය බයිබලය කියවීමෙන් මහත් සහනයක් ලබා තිබෙන අතර ඒ තුළින් ඔවුන්ට අනාගතය ගැන බලාපොරොත්තුවක්ද ලැබී තිබෙනවා. ඔබත් මෙම වටිනා පොත ගැන දැනගැනීමට කැමතිද?

ඒ සඳහා බයිබලය—එහි පණිවිඩය කුමක්ද? නමැති සඟරාව ඔබට උපකාර කරයි. එහි තිබෙන මුල් කොටස් දෙකෙහි සඳහන් වෙන්නේ දෙවි මිනිසාට දුන් පාරාදීසය ගැන හා මිනිසා එය නැති කරගත් ආකාරය ගැනයි. ඒ වගේම දේවරාජ්‍යය මාර්ගයෙන් දෙවි නැවත පාරාදීස පොළොවක් ලබා දෙන්නේ කෙසේද කියාත් එහි සඳහන් වෙනවා.

ඉන්පසුව ඇති කොටස්වල විස්තර කරන්නේ යේසුස්ගේ දේශනා සේවය, ආශ්චර්යයන්, මරණය සහ නැවත නැඟිටීම ගැනයි. ඊළඟ කොටස් හතරෙහි සඳහන් වන්නේ පළමු සියවසේ සිටි යේසුස්ගේ අනුගාමිකයන් ශුභාරංචිය දේශනා කළ ආකාරය, පීඩා හමුවේ විශ්වාසවන්තව කටයුතු කළ ආකාරය මෙන්ම දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ලියූ ලිපි පිළිබඳව හද දනවන වාර්තායි.

“පොළොව නැවතත් පාරාදීසයක් වෙයි” යන්න 26වන කොටසේ තේමාවයි. ඒ වගේම අවසන් පිටුවේ “බයිබලයේ පණිවිඩය—සාරාංශයක්” යන මාතෘකාව යටතේ දෙවි තම අරමුණු ඉටු කරන ආකාරය පියවර හතකින් විස්තර කරනවා.

පිටු 32කින් යුත් මෙම සඟරාවේ පිටපතක් ලබාගැනීම සඳහා පහත සඳහන් කූපනය පුරාවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.