Skip to content

පටුනට යන්න

අපූරු ඇසුරුමක් සහිත බිත්තරය

අපූරු ඇසුරුමක් සහිත බිත්තරය

නිර්මාණයක්ද?

අපූරු ඇසුරුමක් සහිත බිත්තරය

● බිත්තරයක් සැකසී තිබෙන ආකාරය හඳුන්වන්නේ “පුදුමාකාර ඇසුරුමක්” ලෙසයි.

මේ ගැන සිතන්න. බිත්තර කටුවේ වැඩි කොටසක් තිබෙන්නේ කැල්සියම්. එහි ඉතා කුඩා සිදුරු 8,000ක් පමණ තිබෙනවා. මේවායින් ඔක්සිජන් ඇතුල් කරගන්නා අතර කාබන්ඩයොක්සයිඩ් පිට කරනවා. කට්ට මෙන්ම ඇතුළත තිබෙන තුනී පටලය, කලලයට විෂබීජ ඇතුල් වීමෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම ගැස්සීම්වලින් කලලයට සිදු විය හැකි හානි වළක්වන්නේ ඇල්බියුමින් හෙවත් සුදු මදයයි.

බිත්තරයේ සැකැස්ම අනුකරණය කරමින් කම්පනවලට ඔරොත්තු දිය හැකි ආකාරයේ භාණ්ඩ ඇසුරුම් නිර්මාණය කිරීමට පර්යේෂකයන් උත්සාහ කරනවා. ඒ වගේම එහි තිබෙන තුනී පටලය අනුකරණය කරමින් පලතුරු වර්ග බැක්ටීරියාවන්ගෙන් ආරක්ෂා කිරීමටත් ක්‍රම සොයනවා. නමුත් එක් සඟරාවක සඳහන් වන්නේ “එවැනි දේවල් නිපදවීම එතරම් පහසු නොවන” බවයි. දැනටමත් එවැනි දේවල් නිපදවා තිබුණද ඒවා පරිසරයට අහිතකරයි.

ඔබේ නිගමනය කුමක්ද? පුදුමාකාර ඇසුරුමක් සහිත බිත්තරය ඇති වුණේ අහම්බෙන්ද? නැත්නම් එයට බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවාද?

[28වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

බිත්තරයක පැතිකඩක්

කට්ට

කහ මදය

බීජාධාරකය

පිටත සිවිය

ඇතුළත සිවිය

කලලය වැඩෙන්න පටන්ගන්නා ස්ථානය

තුනී ඇල්බියුමින්

ගණ ඇල්බියුමින්

වාතය රුඳෙන ස්ථානය