Skip to content

පටුනට යන්න

දෙවිගේ මිතුරෙක් වන්නේ කෙසේද?

දෙවිගේ මිතුරෙක් වන්නේ කෙසේද?

දෙවිගේ මිතුරෙක් වන්නේ කෙසේද?

● ඊට පිළිතුරු දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්! නමැති සඟරාව සපයයි. “දෙවි ඔහුගේ මිතුරා වීමට ඔබට ආරාධනා කරනවා” සහ “ඔබට සිටිය හැකි හොඳම මිතුරා දෙවියි” යන මාතෘකා එහි ඇති සිත්ගන්නා මාතෘකා අතරින් දෙකක් පමණයි. මෙම සඟරාව සකස් කර තිබෙන්නේ බයිබලයේ සඳහන් මූලික ඉගැන්වීම් ගැන දැනුමක් ලබා දීමටයි.

ඉදිරියේදී දෙවි මේ පොළොවේ කරන්න යන වෙනස්කම් ගැන “දෙවිගේ මිතුරන් පාරාදීසයක ජීවත් වෙන්න යනවා” නමැති කොටසේ සඳහන් වෙනවා. ඒ ප්‍රීතිමත් කාලයේ ජීවත් වීමට නම් අප දෙවිගේ කැමැත්ත කුමක්ද කියා දැනගත යුතුයි. ඒ ගැන අපට “සැබෑ ආගම සොයාගන්නා ආකාරය” සහ “බොරු ආගම ප්‍රතික්ෂේප කරන්න!” යන කොටස්වලින් දැනගත හැකියි. මෙම සඟරාව කියවීමෙන් ඔබත් ප්‍රයෝජන ලබනවාට කිසිම සැකයක් නැහැ.

මෙම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට හෝ බයිබලයේ සඳහන් තොරතුරු දැනගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.