Skip to content

පටුනට යන්න

දෙවිට නමස්කාර කිරීමට විශේෂ දවසක් අවශ්‍යද?

දෙවිට නමස්කාර කිරීමට විශේෂ දවසක් අවශ්‍යද?

බයිබලයෙන් පිළිතුරක්

දෙවිට නමස්කාර කිරීමට විශේෂ දවසක් අවශ්‍යද?

ලොව පුරාම සිටින ඉස්ලාම්, යුදෙව් හා විවිධ ක්‍රිස්තියානි භක්තිකයන් සෑම සතියකම එක් දිනයක් විශේෂ කොට සලකනවා. උදාහරණයකට ඉස්ලාම් භක්තිකයන් පල්ලි යන්නේ සෑම සතියකම සිකුරාදා දිනවලයි. ඒ ගැන ඉබ්‍රහිම් නමැති තැනැත්තා මෙසේ පවසනවා. “මම ඕනේ දෙවිට ළං වෙන්න. පල්ලි ගියාම මගේ මනසටත් සහනයක් දැනෙනවා.”

ආගමික කටයුතු සඳහා සතිපතා එක් දිනයක් විශේෂ කොට සැලකීම අවශ්‍යයි කියා දෙවි පවසා තිබෙනවාද? එසේ කිරීමෙන් දෙවිට ළං විය හැකිද?

තාවකාලික සැලැස්මක්

මීට වසර 3,500කට පමණ ඉහතදී දෙවි ඊශ්‍රායෙල්වරුන්ට යම් නීති මාලාවක් දුන්නා. ඉන් එක් නීතියක් වුණේ සබත පැවැත්වීමයි. සතිපතා පැවැත්වූ සබත් දිනයේදී සියලුම වැඩවලින් නිදහස් වී ආගමික කටයුතුවල පමණක් යෙදෙන්න කියා දෙවි ඔවුන්ට අණ කළා. සාමාන්‍යයෙන් සබත් දිනය වුණේ සිකුරාදා හිරු බැස යෑමේ සිට සෙනසුරාදා හිරු බැස යෑම දක්වා කාලයයි.—නික්මයාම 20:8-10.

දෙවි එම නීතිය ලබා දුන්නේ ඊශ්‍රායෙල්වරුන්ට සහ ඔවුන් සමඟ හවුල් වී දෙවිට නමස්කාර කළ අයටයි. බයිබලයේ ඒ බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ‘ඊශ්‍රායෙල් සෙනඟ සබත පැවැත්විය යුතුයි. එය දිගු කාලයකට මා හා ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ලකුණක් වශයෙන් තිබෙනු ඇත.’—නික්මයාම 31:16, 17.

දෙවි එම නීති ලබා දුන් හේතුව ගැන බයිබලයේ මෙසේ විස්තර කරනවා. එම නීති “පැමිණීමට තිබූ සැබෑ දේ වන ක්‍රිස්තුස් පිළිබඳ ඡායාවක් පමණි.” (කොලොස්සි 2:17) එහි “ඡායාවක්” කියා සඳහන් කර තිබීමෙන් පෙන්නුම් කරන්නේ එම නීති යම් කාලයකට පමණක් සීමා වන බවයි. (හෙබ්‍රෙව් 10:1) යේසුස්ගේ මරණයත් සමඟම සබත ඇතුළු මුළු නීති මාලාවම අහෝසි වුණා.—රෝම 10:4.

නමස්කාර ක්‍රමය වෙනස් වෙයි

ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීති අහෝසි කළායින් පසුව ක්‍රිස්තියානීන්ගෙන් දෙවි බලාපොරොත්තු වුණේ කුමක්ද කියා දැන් අපි සලකා බලමු.

එදා මෙන් අදටත් දෙවිගේ උසස් ප්‍රතිපත්ති වෙනස් වී නැහැ. දෙවි අපෙන් බලාපොරොත්තු වන දේවල් ගැන බයිබලයේ සඳහන් වී තිබෙනවා. ඉන් කිහිපයක් වන්නේ රූප නමස්කාරයෙන්, වේශ්‍යාකමෙන් හා රුධිරය ආහාරයට ගැනීමෙන් වැළකීමයි. (ක්‍රියා 15:28, 29) නමුත් සතිපතා සබත් පැවැත්වීම ගැන එහි සඳහන් වන්නේ නැහැ. ඉන් අදහස් කරන්නේ සබත් පැවැත්වීම දෙවි ක්‍රිස්තියානීන්ගෙන් අපේක්ෂා නොකරන බවයි.—රෝම 14:5.

මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් යාච්ඤා කිරීමටත් දේවවචනය අධ්‍යයනය කිරීමටත් දෙවිට ප්‍රශංසා ගී ගායනා කිරීමටත් පුරුද්දක් ලෙස එකට එකතු වූ බව බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 12:12; කොලොස්සි 3:16) එවැනි රැස්වීම් තුළින් මඟ පෙන්වීම් ලබාගන්නත් තමන්ගේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් එකිනෙකාව දිරිගන්වන්නත් ඔවුන්ට අවස්ථාව ලැබුණා.—හෙබ්‍රෙව් 10:24, 25.

නමුත් එවැනි රැස්වීම් ඉරිදා වැනි නිශ්චිත දිනයක පැවැත්විය යුතුයි කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. එසේනම් බොහෝ පල්ලි විසින් ඉරිදා දිනය විශේෂ කොට සලකන්නේ ඇයි? බයිබලයේ එවැනි දෙයකට කිසිම පදනමක් සපයා නැහැ. එය ඇති වී තිබෙන්නේ කාලයක් සිට පැමිණි සිරිතක් ලෙසයි.

එසේනම් පසු කාලයේදී දෙවි එවැනි සිරිතකට අනුමැතිය ලබා දුන්නාද? නැහැ. ඒ බව මෙම බයිබල් පදයෙන් පැහැදිලි වෙනවා. “අපෙන් කෙනෙකු හෝ ස්වර්ගයේ දේවදූතයෙක් හෝ පැමිණ අප ප්‍රකාශ කළ ශුභාරංචියට වඩා වෙනස් ශුභාරංචියක් ඔබට ප්‍රකාශ කරනවා නම් ඔහුට ශාප වේවා!” ඉන් පැහැදිලි වන්නේ දෙවි ඔහුගේ අනුගාමිකයන්ගෙන් බලාපොරොත්තු වන දේවල් සඳහන් වන්නේ බයිබලයේ පමණක් බවයි.—ගලාති 1:8.

දෙවි පිළිගන්නා නමස්කාර පිළිවෙත

යේසුස්ගේ කාලයේ සිටි ආගමික නායකයන් සබත් පැවැත්වීමට දී තිබූ නීතිය අකුරටම පිළිපැද්දා. නමුත් දෙවි ඔවුන්ගේ නමස්කාරය පිළිගත්තේ නැහැ. එයට හේතුව ඔවුන්ගේ හදවත් දුෂ්ට දේවලින් පිරී තිබීමයි. ඔවුන් මුදලට කෑදරව සිටි අතර මිනිසුන්ට උපකාර කළේ නැහැ. ඒ වගේම අන් අය ඉදිරියේ කැපී පෙනෙන්න උත්සාහ කළා පමණක් නොව දේශපාලන කටයුතුවලටත් සම්බන්ධ වුණා. (මතෙව් 23:6, 7, 29-33; ලූක් 16:14; යොහන් 11:46-48) ඔවුන් සබත් පැවැත්වීම පිළිබඳ නීතිය යොදාගෙන තිබුණේ තමන්ගේ වාසි ප්‍රයෝජනයට සහ මිනිසුන්ට පීඩා කිරීමට මාධ්‍යයක් ලෙසයි.—මතෙව් 12:9-14.

මේ දේවලින් පැහැදිලි වන්නේ දෙවිට නමස්කාර කිරීමට විශේෂ දිනයක් වෙන් කළ පමණින් ඔහුව සතුටු කළ නොහැකි බවයි. නමුත් යේසුස් දුන් මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වීමෙන් දෙවිව සතුටු කළ හැකි වන අතර ඉන් අපට සහනයක්ද ලබාගත හැකියි. ඒ ගැන යේසුස්ම පැවසුවේ මෙසේයි. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි.”—මතෙව් 11:28.

යේසුස්ගේ මුල් අනුගාමිකයන් දෙවිට නමස්කාර කළ ආකාරයටම ලෝ පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් දෙවිට නමස්කාර කරනවා. සෑම සතියකම දෙවිගෙන් ඉගෙනගැනීමට ඔවුන් එක්රැස් වෙනවා. එම දිනය තීරණය කරන්නේ ඒ ඒ ප්‍රදේශයේ සිටින අයගේ පහසුව අනුවයි. සිරිතක් ලෙස නොවෙයි. ඔවුන් දෙවිට නමස්කාර කරන්නේ කෙසේද කියා දැනගැනීමට එවැනි රැස්වීමකට සහභාගි වී බලන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි.

මේ ගැන ඔබ සිතුවාද?

● දෙවිට නමස්කාර කිරීමට එක් දිනයක් විශේෂ කොට සැලකිය යුතුද?—රෝම 10:4; 14:5.

● නමස්කාර කිරීම සඳහා අප එකට රැස්විය යුත්තේ ඇයි?—හෙබ්‍රෙව් 10:24, 25.

● සහනයක් ලැබීමට ඔබ කළ යුත්තේ කුමක්ද?—මතෙව් 11:28.

[10, 11වන පිටුවල රූප සටහන/පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

අඟහරුවාදා

බදාදා

1 බ්‍රහස්පතින්දා

2 සිකුරාදා

3 සෙනසුරාදා

4 ඉරිදා