දරුවන්ට උගන්වන්න
දරුවන්ට උගන්වන්න
“අපි දෙන්නා පොඩි කාලේ මගේ බයිබල් කතන්දර පොතට හරිම ආසයි. දැන් අපිට මාස 16ක පුතෙක් ඉන්නවා. එයාගේ නම ජොෂුවා. එයාට උගන්වන්න අපි පාවිච්චි කරන්නෙත් මේ පොතමයි. මේ පොතේ තියෙන බයිබල් චරිත 35ක්ම ජොෂුවාට පාඩම්. ඒවා තමයි නිතරම එයාගේ කටින් පිට වෙන්නේ.”—ටිමති සහ ඈන්.
“උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු කියන පොත බලන්න මගේ පුතාට තියෙන්නේ ලොකු ආශාවක්. එයාට ඒකෙ තියෙන පින්තූර හොඳට මතකයි. පාසැලේදීත් වෙනත් අවස්ථාවලදීත් මුහුණ දෙන්න වෙන ප්රශ්න ගැන එයා එක්ක සාකච්ඡා කරන්න මේ පොත හුඟක් උපකාරවත්. මට එයාට අමුතුවෙන් උගන්වන්න දෙයක් නැති තරම්!”—ජෙනිෆර්.
“මට අවුරුදු 19යි. යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම් 2වන පොත යෞවනයන්ගේ ජීවිතයේ හැම පැත්තකටම ප්රයෝජනවත්. ඉලක්ක තබාගන්නත් විරුද්ධ ලිංගයේ අය සමඟ ආශ්රය කරන ආකාරය තේරුම්ගන්නත් දෙවි සමඟ කිට්ටු මිත්රත්වයක් භුක්ති විඳින්නත් මෙය මට උපකාරවත් වෙලා තියෙනවා. මේක යෞවනයන්ට විතරක් නෙමෙයි වැඩිහිටි අයටත් ප්රයෝජනවත් පොතක්.”—කෝට්නි. (මෙය සිංහලෙන් නැත. නමුත් එහි “1වන පොත” සිංහලෙන් ලබාගත හැකියි.)
□ මගේ බයිබල් කතන්දර පොත
□ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
□ යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම් 1වන පොත
□ ලකුණු කළ ප්රකාශන පමණක් ලබාගන්න කැමතියි. එසේනම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති ලිපිනයකට තැපැල් කරන්න.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.