Skip to content

පටුනට යන්න

පවුලේ සැමට

පවුලේ සැමට

පවුලේ සැමට

මේ පින්තූරවල ඇති අඩුපාඩු මොනවාද?

හිතෝපදේශ 18:10 හා 26:17 කියවන්න. මේ පින්තූරවල ඇති අඩුපාඩු හඳුනාගන්න පුළුවන්ද? ඔබේ පිළිතුරු පහත ලියන්න. තිත් යා කරමින් පින්තූර සම්පූර්ණ කර පාට කරන්න.

1. ․․․․․

2. ․․․․․

[රූප සටහන්]

(මුද්‍රිත පිටපත බලන්න)

සාකච්ඡා කරන්න:

දෙවිගේ නම දැනගත්ත පමණින් ඔහුගේ අනුමැතිය අපට ලැබෙයිද? මේ බයිබල් පදවලින් ඔයා ඉගෙනගන්නේ මොකක්ද?

හෝඩුවාව: ගීතාවලිය 91:2; හිතෝපදේශ 3:5, 6 කියවන්න.

අනික් අයගේ දේවල්වලට ඇඟිලි නොගැසිය යුත්තේ ඇයි?

හෝඩුවාව: ගලාති 6:5-7; 1 තෙසලෝනික 4:11; 1 පේතෘස් 4:15.

දැන් හිතෝපදේශ 26:18, 19 කියවන්න. අන් අය රිදවන විහිළු හොඳ නැත්තේ ඇයි?

හෝඩුවාව: හිතෝපදේශ 14:13; 15:21; මතෙව් 7:12.

පවුලම එකතු වන්න:

හිතෝපදේශ 31:10-31 කියවන්න. හොඳ භාර්යාවක් කරන දේවල් පවුලේ එක් කෙනෙක් අභිරූප රංගනය කර පෙන්වන්න. අනික් අයට එය හඳුනාගන්න පුළුවන්ද බලන්න. ඉන්පසු ඔබ එයින් ඉගෙනගත් දේ සාකච්ඡා කරන්න.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 10 සලමොන්

ප්‍රශ්න

අ. සලමොන් යාච්ඤා කර දෙවිගෙන් ඉල්ලුවේ මොනවාද?

ආ. හිස්තැන් පුරවන්න. සලමොන්ට හිතෝපදේශ ..... පැවසීමට හැකි වූ අතර ඔහු ගීතිකා ..... රචනා කළා.

ඇ. දෙවි ඔහුට දුන් අනික් නම කුමක්ද?

[වගුව]

ක්‍රි.පූ 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ අවසන්

ක්‍රි.පූ 1000දී පමණ පොත ලිව්වා

[සිතියම]

ෂෙබාහි රැජිණ සලමොන්ගේ ප්‍රඥාවන්ත වදන් අසන්න කිලෝමීටර 2,900ක දුරක් ගෙවා පැමිණියා.

ෂෙබා

යෙරුසලම

සලමොන්

තොරතුරු:

දාවිත් සහ බැත්-ෂෙබාගේ දෙවෙනි පුත්‍රයායි. වසර 40ක් ඊශ්‍රායෙල් දේශය පාලනය කළා. දෙවිට නමස්කාර කිරීම සඳහා දේවමාලිගාවක් සෑදුවා. (1 රාජාවලිය 5:2-5) හිතෝපදේශ, දේශනාකාරයා හා සලමොන්ගේ ගීතිකාව යන බයිබල් පොත් ලිවීම සඳහා දෙවි ඔහුව යොදාගත්තා. ඔහු වෙනත් ජාතීන්ට අයත් ස්ත්‍රීන් සමඟ ආශ්‍රය කළ නිසා දෙවිගෙන් ඈත් වුණා.—1 රාජාවලිය 11:1-6.

පිළිතුරු

අ. කීකරු සිතක්.—1 රාජාවලිය 3:5-14.

ආ. 3,000ක්, 1,005ක්.—1 රාජාවලිය 4:29, 32.

ඇ. යෙදිදීයා. එහි තේරුම “යෙහෝවා දෙවිගේ ප්‍රේමය දිනාගත් තැනැත්තා” යන්නයි.—2 සාමුවෙල් 12:24, 25.

ජාතීන් හා දේශයන්

3. මගේ නම ක්ලොයී. මට වයස අවුරුදු නවයයි. මම ජීවත් වෙන්නේ කැනඩාවේ. කැනඩාවේ සාක්ෂිකරුවන් ඉන්නේ 55,000ක්ද, 88,000ක්ද, නැත්නම් 1,10,000ක්ද?

4. සිතියමේ මගේ රට තියෙන්නේ කොහේද? ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

“පවුලේ සැමට” යන පිටුවේ තවත් පිටපතක් ලබාගැනීම සඳහා www.pr418.com යන වෙබ් අඩවියට පිවිසෙන්න.

පිළිතුරු 24වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. ශක්තිමත් බලකොටුව.

2. බල්ලෙක්

3. 1,10,000.

4. 1.