Skip to content

පටුනට යන්න

අපිට ලොකු සහනයක්!

අපිට ලොකු සහනයක්!

අපිට ලොකු සහනයක්!

● මෙක්සිකෝවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට එක් පුද්ගලයෙක් ලිපියකින් මෙසේ දන්වා තිබුණා. “මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නෙමෙයි. නමුත් ඔයාලගේ සඟරා කියවන්න මම හුඟක් කැමතියි. ඔයාලා ගාව ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට කියලා සඟරාවක් තියෙනවා කියලා මට කෙනෙක් කිව්වා. මගේ සීයා ළඟදී මිය ගිය නිසා මමත් පවුලේ අයත් ඉන්නේ හුඟක් දුකෙන්. ඒ නිසා මම ආසයි ඒ සඟරාවේ පිටපත් අටක් ලබාගන්න. මට හිතෙනවා ඒකෙන් අපිට ලොකු සහනයක් ලැබෙයි කියලා.”

ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට යන සඟරාවෙන් මෙම ප්‍රශ්නවලට පිළිතුරු ඔබට දැනගත හැකියි. මම ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද? මිය ගිය අයට තිබෙන බලාපොරොත්තුව කුමක්ද? මෙම සඟරාවේ මරණය යනු කුමක්ද සහ මිය ගිය කෙනෙකුගේ තත්වය කුමක් කියාත් පැහැදිලි කරනවා. යෙහෝවා දෙවි මේ පොළොව පාරාදීසයක් බවට පත් කරන කාලයේදී යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මිය ගිය අයට ලබා දෙන නැවත නැඟිටීම ගැනත් මෙහි සාකච්ඡා කරනවා.

මෙම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට හෝ බයිබලයේ සඳහන් තොරතුරු දැනගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.