දස දෙසින්
දස දෙසින්
ජර්මනියේ සිටින සෑම අතදරුවන් දසදෙනෙකුගෙන් හත්දෙනෙකුටම ඔවුන්ටම කියා වෙබ් පිටුවක් හෝ ඊ මේල් ලිපිනයක් දෙමාපියන් සකස් කරනවා. දරුවා පිළිසිඳගෙන සිටි කාලයේ ගත් ස්කෑන් ඡායා රූප සහ වෙනත් ඡායා රූප එහි පළ කරනවා. නමුත් ඒවා අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන්ම මකා දමන්න බැරි නිසා විද්වතුන් පවසන්නේ ඒ ගැන පරෙස්සම් වන්න කියායි.—BABY UND FAMILIE, GERMANY.
වාර්තාවලට අනුව සෑම වසරකම රුසියාවේ කාන්තාවන් 14,000ක් ගෘහස්ථ සැහැසියාව නිසා මිය යනවා.—RIA NOVOSTI, RUSSIA.
එවරස්ට් කන්දට වැටෙන හිමෙහි ඇති ආසනික් හා කැඩ්මියම් ප්‍රමාණය නිසා ඒවා පානීය ජලය සඳහා යොදාගැනීම අනතුරුදායක බව වාර්තා වෙනවා. ඊට වග කිව යුත්තේ මිනිසාමයි.—SOIL SURVEY HORIZONS, U.S.A.
චීනයේ බයිබලය මුද්‍රණය කිරීම සඳහා අවසර ඇති එකම ආයතනය මේ වන විට බයිබල් මිලියන 80ක් මුද්‍රණය කර තිබෙනවා. එම ආයතනය මසකට බයිබල් මිලියනයක් පමණ මුද්‍රණය කරන අතර එය ලෝකය පුරා මුද්‍රණය කරන බයිබල් ගණනින් හතරෙන් එකක්.—XINHUA, CHINA.
“ඇමරිකාවේ ජීවත් වන වැඩිහිටියන්ගෙන් සියයට10.1 කතෝලික ආගම අත්හැර ගොස් තිබෙනවා.”—NATIONAL CATHOLIC REPORTER, U.S.A.
වසර 2010දී මරු කැඳවූ විපත්
පසුගිය වසර දහය ඇතුළත සෑම වසරකදීම ලොව පුරා ස්වාභාවික විපත් 785ක් පමණ සිදු වී තිබෙනවා. වර්ෂ 2010දී එය 950ක් දක්වා වැඩි වී ඇති බව එක් රක්ෂණ ආයතනයක් වාර්තා කරනවා. ඒ විපත් අතරින් දරුණුතම ඒවා වුණේ චීනයේ චිලීවල හා හයිටිවල සිදු වූ භූමිකම්පා, පකිස්තානයේ ඇති වූ ගංවතුර හා රුසියාවට බලපෑ අධික උණුසුම් කාලගුණයයි. අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යෑම හේතුවෙන් යුරෝපයේ අවට අහස අළුවලින් වැසී ගිය නිසා ගුවන් ගමන් ඇණ හිටියා. ඕස්ට්‍රේලියාවේ දරුණු හිම කැට වර්ෂාව ඇදහැලුණු අවස්ථා දෙකේදීම ඇමරිකානු ඩොලර් බිලියන 2ක පමණ අලාභ හානි ඇති වුණා. එක් පුවත්පතක වාර්තා වුණේ “කලින් වසරේ ඇති වූ ඩොලර් බිලියන 50ක අලාභය මේ වසර වන විට ඩොලර් බිලියන 130 දක්වා ඉහළ ගොස් ඇති” බවයි.—The Telegraph.
නියැන්ඩර්තාල්වරුත් අපි වගේමයි!
විද්‍යාව පිළිබඳ එක් සඟරාවක පළ වුණේ මෙයයි. “නුතන මානවයා හෙවත් හෝමෝසේපියන්ස් මානවයා සමඟ සසඳන විට නියැන්ඩර්තාල් මානවයා නොදියුණුයි යන මතය බොහෝ කලයක් පුරා පැවතුණා. නමුත් අපට තිබෙන හැකියාවන්ම ඔවුන්ටත් තිබුණ බව දැන් සොයාගෙන තිබෙනවා.” නියැන්ඩර්තාල්වරුන් ජීවත් වීමට හා ගිනිමැල ගැසීමට ස්ථාන සකස් කරගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන් ඇඳුම් ඇන්ද බවත් කෑම පිසූ බවත් ආයුධ සාදා ඇති බවත් ඉතා ශක්තිමත් මැලියම් වර්ග නිපදවා තිබෙන බවත් හෙළි වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි යම් විසිතුරු දේවල් ඔවුන් පැළඳ තිබෙනවා. අසනීප වූ අයට සාත්තු කිරීමත් මිය ගිය අයව වල දැමීමත් සිදු කර තිබෙනවා. මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන එරික් ට්රිනිකස් පැවසුවේ මෙසේයි. “නියැන්ඩර්තාල්වරුනුත් අපි වගේමයි. ඔවුන්ට තියෙන්න ඇත්තේත් අපිට තියෙන බුද්ධි මට්ටමමයි.”—New Scientist.