Skip to content

පටුනට යන්න

පවුලේ සැමට

පවුලේ සැමට

පවුලේ සැමට

යා කරන්න

දේශනාකාරයා 2:3-10 කියවන්න. පින්තූරයට ගැළපෙන බයිබල් පදය යා කරන්න. (පින්තූර තිබෙන්නේ පිළිවෙළට නොවේ.) ඉන්පසු පින්තූර පාට කරන්න.

1. 3වන පදය

2. 4වන පදය

3. 5වන පදය

4. 6වන පදය

5. 7වන පදය

6. 8වන පදය

සාකච්ඡා කරන්න:

තමන් අත් කරගත් දේවල් ගැන සලමොන් රජ සතුටු වුණාද?

හෝඩුවාව: දේශනාකාරයා 2:11 කියවන්න.

‘සියල්ල නිෂ්ඵලයි’ හා ‘සුළඟ පසුපස හඹා යනවා’ යන්නෙහි තේරුම කුමක්ද? සතුට ඇත්තටම ලැබෙන්නේ කොහොමද?

හෝඩුවාව: ලූක් 6:38; ක්‍රියා 20:35 කියවන්න.

පවුලම එකතු වන්න:

දේශනාකාරයා 3:1-8 කියවන්න. පවුලේ එක් එක් සාමාජිකයන් මේ බයිබල් පදවල සඳහන් කරන ක්‍රියාකාරකමක් කොළයක ලියා පෙට්ටියක දමන්න. පසුව හැමෝම පෙට්ටියෙන් එක එක කොළය ගෙන එහි සඳහන් දේ අභිරූපනය කර පෙන්වන්න. අනික් අයට එය හඳුනාගන්න පුළුවන්ද බලන්න.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 11 යෝසෙප්

ප්‍රශ්න

අ. හිස්තැන් පුරවන්න. යොසෙප්ගේ සහෝදරයන් ඔහුට පැවසුවේ “..... ” කියායි. ඉන්පසු ඔහුව රිදී ෂෙකෙල් ..... කට විකුණුවා.

ආ. තමා සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න කියා පොතිෆර්ගේ භාර්යාව යෝසෙප්ට බල කළ විට ඔහු “මේ තරම් දුෂ්ට දෙයක් කර ..... “ කියා පිළිතුරු දුන්නා.

ඇ. පාරාවෝ රජ යෝසෙප්ව දෙවන පාලකයා බවට පත් කළේ ඇයි?

[වගුව]

ක්‍රි.පූ 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ

ක්‍රි.පූ 1700දී පමණ අවසන් පොත ලිව්වා

[සිතියම]

දොතාන් සිට ඊජිප්තුවට ගෙන ගියා

දොතාන්

ඊජිප්තුව

යෝසෙප්

තොරතුරු.

යාකොබ් සහ රාකෙල්ගේ කුලුඳුල් පුත්‍රයායි. (උත්පත්ති 35:24) ඊර්ෂ්‍යාව නිසා ඔහුගේ සහෝදරයන් ඔහුව වහලෙක් හැටියට ඊජිප්තුවට විකුණුවා. එහිදී ඔහු වහලෙක් ලෙසත් සිරකරුවෙක් ලෙසත් වසර 13ක් ගත කළා. ඔහු සහෝදරයන්ගෙන් පළිගන්නවා වෙනුවට සමාව දුන්නා. (උත්පත්ති 50:15-21) තම නිවසින් දුරස්ව සිටියත් ඔහු පිරිසිදු ජීවිතයක් ගත කරමින් යෙහෝවා දෙවිට පක්ෂපාතව සිටියා. ඔහු වෙහෙස මහන්සි වී වැඩ කළා.—උත්පත්ති 39:1-23.

පිළිතුරු

අ. හීන මවන්නා, 20.—උත්පත්ති 37:19, 28.

ආ. “දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?”—උත්පත්ති 39:9.

ඇ. දැනුම් තේරුම් ඇති බුද්ධිමත් කෙනෙක් ලෙස කටයුතු කරන්න දෙවි ඔහුගේ බලය යෝසෙප්ට දෙන බව පාරාවෝ දැන සිටියා.—උත්පත්ති 41:38-41.

ජාතීන් හා දේශ

7. මගේ නම අනියෙටී. මගේ වයස අවුරුදු හතයි. මම ජීවත් වෙන්නේ නයිජීරියාවේ. නියිජීරියාවේ සාක්ෂිකරුවන් ඉන්නේ 1,90,000ක්ද, 2,90,000ක්ද, නැත්නම් 3,90,000ක්ද?

8. සිතියමේ මගේ රට තියෙන්නේ කොහේද? ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. ඒ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

“පවුලේ සැමට” යන කොටසේ තවත් පිටපතක් ලබාගැනීම සඳහා www.pr418.com යන වෙබ් අඩවියට පිවිසෙන්න.

පිළිතුරු 15වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. 1 සහ ඊ.

2. 2 සහ ඉ.

3. 3 සහ අ.

4. 4 සහ ඇ.

5. 5 සහ ආ.

6. 6 සහ ඈ.

7. 2,90,000.

8. 3.