Skip to content

පටුනට යන්න

මුහුදු ඉකිරියාගේ තියුණු දත්

මුහුදු ඉකිරියාගේ තියුණු දත්

නිර්මාණයක්ද?

මුහුදු ඉකිරියාගේ තියුණු දත්

● සාමාන්‍යයෙන් මුහුදු ඉකිරියන් ගල්පරවල රැඳී සිටීමට ඒවා මත වලවල් සාදාගන්නවා. උන් ඒවා හෑරීමට භාවිත කරන්නේ උන්ගේ තියුණු දත් පහයි. නමුත් පුදුම දේ වන්නේ කොපමණ වලවල් හෑරුවත් උන්ගේ දත් මොට නොවීමයි. භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන පූපා ගිල්බර්ට් ඒ ගැන මෙවැනි දෙයක් පැවසුවා. “මුහුදු ඉකිරියන්ට තියෙන දත්, කැපීමට හා ඇඹරීමට භාවිත කරන කිසිම උපකරණයකට සමාන කරන්න බැහැ.” එය එතරම්ම විශේෂ වීමට හේතුව කුමක්ද?

මේ ගැන සිතන්න. ඒ දත් සැකසී තිබෙන්නේ ස්ඵටික නමැති ද්‍රව්‍යවලිනුයි. ඒවා එකිනෙකට ශක්තිමත්ව ඇලී තිබෙනවා. කෙසේවෙතත් “ඒ දත්වල සමහර තැන් සකස් වී තිබෙන්නේ ගැලවී යා හැකි ආකාරයකටයි” කියා මහාචාර්යය ගිල්බර්ට් පවසනවා. එසේ ගැලවී යාමට හේතු වන්නේ එම ස්ථානවල තිබෙන කාබනික ද්‍රව්‍යයයි. ඒ ආකාරයට දතක පිටතින් තිබෙන ගෙවුණු ස්ථරයක් ගැලවී ගියත් අළුත් ස්ථරයක් මතු වෙනවා. එමෙන්ම එක් පැත්තකින් දත වර්ධනය වෙනවා වගේම අනික් පැත්තෙන් එය තියුණු වෙනවා. ඒ හේතු නිසා උන්ගේ දත් සෑම විටම තියුණුව තබාගැනීමට හැකියි. මහාචාර්යවරයා ඉකිරියාගේ දත ගැන පැවසුවේ “ස්ව හැකියාවෙන්ම මුවහත් කරගත හැකි දේවල් අතලොස්සකින් එය එකක්” කියායි.

මුහුදු ඉකිරියන්ගේ දත්වල ඇති විශේෂ සැකැස්ම අධ්‍යයනය කිරීම ආයුධ තනන්නන්ට බොහෝ සේ ප්‍රයෝජනවත්. ‘යම් උපකරණයක් කොතරම් භාවිත කළත් මුවහත්ව තබාගත හැකි උපක්‍රමය අපට කියා දෙන්නේ මේ පුංචි සතායි’ කියා මහාචාර්යය ගිල්බර්ට් පවසනවා.

ඔබේ නිගමනය කුමක්ද? මුහුදු ඉකිරියන්ගේ දත් තියුණු වීමේ හැකියාව ඌට ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය බුද්ධිමත් කෙනෙකුගේ නිර්මාණයක්ද?

[16වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

දත වැඩෙන ස්ථානය

කැල්සියම් කාබනේට්වලින් සෑදුණු ස්ථරයක්

දත තියුණු වන ස්ථානය

[16වන පිටුවේ පින්තූරය]

මුහුදු ඉකිරියා

[16වන පිටුවේ පින්තූරය]

දත් පහ

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Both photos: Courtesy of Pupa Gilbert/​University of Wisconsin-Madison