Skip to content

පටුනට යන්න

යොවුන් සිතේ ගැටලු

විනෝදය සඳහා මම තෝරාගන්නේ මොනවාද?

විනෝදය සඳහා මම තෝරාගන්නේ මොනවාද?

ඔබ ක්‍රිස්තියානියෙක් නම් ඔබ තෝරාගන්නා විනෝදාංශ ගැන සැලකිලිමත් වෙනවා. අන් අය හොඳයි කියා පවසන නිසාම ඔබ යම් දේවල් නරඹන්නෙ, කියවන්නේ හෝ සවන් දෙන්නේ නැහැ. ඊට හේතුව ඒවායේ බොහෝවිට ලිංගික දේවල්, භූතවාදය හා සැහැසියාව දකින්න තිබීමයි. නමුත් ඉන් අදහස් කරන්නේ විනෝද වීම සඳහා ඔබට කිසිවක් නැහැ කියා නොවෙයි. එසේනම් විනෝද වීම සඳහා ඔබට තෝරාගත හැකි හොඳ දේවල් මොනවාද? *

චිත්‍රපට

ඔබ නැරඹීමට ප්‍රිය කරන චිත්‍රපට ඉදිරියෙන් ✔ ලකුණ දමන්න.

  • විකට

  • කතන්දර

  • සටන් හා ත්‍රාසජනක

  • විද්‍යා ප්‍රබන්ධ

  • වෙනත්

ඔබ දැන සිටියාද? ඉන්දියාවේ චිත්‍රපට කර්මාන්තය විසින් වෙනත් රටවලට වඩා චිත්‍රපටි දහසකට වඩා වැඩි ගණනක් නිෂ්පාදනය කර තිබෙනවා.

වැළකිය යුත්තේ කුමකින්ද? අද තිබෙන චිත්‍රපට විශාල ප්‍රමාණයක බයිබලය හෙළා දකින දේවල් ඇතුළත්. සමහර චිත්‍රපටවල ඉතා පිළිකුල්සහගත ලෙස ලිංගික දර්ශන පෙන්වනවා. ඉතා දරුණු ලෙස සැහැසික දේවල් සිදු කරන ආකාරයද චිත්‍රපටවල දැන් පෙන්වනවා. සමහර චිත්‍රපට නිෂ්පාදනය කර තිබෙන්නේ මිනිසුන්ට කිරීමට හැකියාවක් නැති දේවල් පදනම් කරගෙනයි. නමුත් බයිබලයේ සඳහන් වන්නේ මෙවැනි දෙයක්. “ඔබ උදහස, කෝපය, අයහපත් ක්‍රියා, නින්දාසහගත කතා යනාදි සියලු දේවල් ඔබෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතුයි.” (කොලොස්සි 3:8) ඒ විතරක් නොවෙයි භූතවාදයට සම්බන්ධ සියලු දේවල් දෙවි පිළිකුල් කරන බවත් බයිබලයේ සඳහන් වෙනවා.—ද්විතීය කතාව 18:10-13.

තෝරාගන්නේ කොහොමද? “ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටියක පූර්ව දර්ශන බලලා, ඒක හොඳ නැත්නම් මම ඒ චිත්‍රපටිය බලන්නේ නැහැ.”—ජෙරීන්. *

“මගේ ප්‍රතිපත්තිවලට සමාන ප්‍රතිපත්ති තියෙන කෙනෙක් කිව්වොත් මිසක් එක් එක් කෙනා කියන දේවල් මම තෝරගන්නේ නැහැ.”—කේට්ලින්.

“චිත්‍රපටියක් බලද්දී ඒක හොඳ නැහැ කියලා මට හිතුනොත් මම එතනින් නැගිටලා යනවා.”—මරීනා.

“චිත්‍රපටියේ තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා දැනගන්න මම අන්තර්ජාලයෙන් ඒ ගැන විස්තර හොයනවා.”—නටාෂා.

ඉඟිය: සමහර චිත්‍රපටිවල නුසුදුසු දේවල් නැති තරම්. “පැරණි සම්භාව්‍ය චිත්‍රපටි බලන එකෙන් මම ලොකු සතුටක් ලබනවා” කියා යෞවනියක් වන මසාමි පවසනවා.

කල්පනා කර බලන්න

ලිංගික දේවල්, සැහැසියාව සහ භූතවාදය සම්බන්ධයෙන් දෙවි දී ඇති නීතිවලට කීකරු වීමට මම බලන චිත්‍රපට මට බාධාවක්ද?’

පොත්

ඔබ කියවීමට ප්‍රිය කරන පොත් පත් ඉදිරියෙන් ✔ ලකුණ දමන්න.

  • ප්‍රබන්ධ කතා

  • සත්‍ය සිදුවීම්

  • සම්භාව්‍ය කෘති

  • වෙනත්

ඔබ දැන සිටියාද? එක්සත් ජනපදයේ පමණක් සෑම සතියකම අලුත් පොත් පත් 1,000කට වඩා ප්‍රකාශයට පත් කරනවා.

ඔබ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟ නොවන දේවල් අහනවා නම් බලනවා නම් කියවනවා නම් එයින් පාඩු වන්නේ ඔබටමයි.

වැළකිය යුත්තේ කුමකින්ද? චිත්‍රපට මෙන්ම බයිබලයේ ඇති ප්‍රතිපත්තිවලට පටහැනි අදහස් තිබෙන පොත් පත් බොහොමයක් තිබෙනවා. උදාහරණයකට සමහර පොත් පත්වල ලිංගික කාරණා ගැන සෑම දෙයක්ම සවිස්තරාත්මකව සඳහන් කර තිබෙනවා. භූතවාදී අදහස් මත පදනම් පොත් පත්ද තිබෙනවා. නමුත් බයිබලයේ අපට මෙවැනි උපදෙසක් දෙනවා. “වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි.” (එෆීස 5:3) ඒ වගේම එවැනි දේවල් “යෙහෝවා දෙවි පිළිකුල්” කරන බවත් එහි සඳහන් වෙනවා.—2 රාජාවලිය 17:17.

තෝරාගන්නේ කොහොමද? “කියවන්න හොඳ පොතක් තෝරගන්න කලින් මම කරන්නේ ඒකේ පිටිපස්ස කවරයේ තියෙන තොරතුරු කියවලා බලන එකයි. පොත ටිකක් පෙරලලාත් බලනවා. ඒකේ හොඳ නැති දේවල් තියෙනවා කියලා හිතුනොත් මම ඒක ගන්නේ නැහැ.”—මරී.

“මම ලොකු වෙද්දී හෘදය සාක්ෂියට එකඟව දේවල් කරන්න පුරුදු වුණා. මම පොතක් කියවද්දී හිතට වද දෙන දෙයක් තිබුණොත් ඒක කියවන එක නතර කරනවා. මොකද දෙවි ඒවාට කැමති නැහැ කියලා මම දන්නවා.”—කොරීන්.

ඉඟිය: විවිධ දේවල් රසවිඳින්න පුරුදු වන්න. වයස අවුරුදු 17ක් වූ ලාරා පැවසුවේ මෙවැනි දෙයක්. “අලුතෙන් එන එක එක ජාතියේ කතන්දර කියවනවාට වඩා සම්භාව්‍ය කෘති කියවන එකෙන් මම ලොකු සතුටක් ලබනවා. ඒවායේ තියෙන භාෂාව හා චරිත හුඟක් ලස්සනයි.”

කල්පනා කර බලන්න

‘දෙවි පිළිකුල් කරන දේවල් මම කියවන පොත්වල තියෙනවාද?’

සංගීතය

ඔබ ඇසීමට ප්‍රිය කරන සංගීතය ඉදිරියෙන් ✔ ලකුණ දමන්න.

  • රොක්

  • ශාස්ත්‍රීය

  • වේග රිද්ම

  • ප්‍රේම ගී

  • හිප් හොප් / රැප්

  • වෙනත්

ඔබ දැන සිටියාද? සංගීත පටිගත කරන ප්‍රධාන ආයතන හතරක් අවුරුද්දකදී නවතම ගීත ඇල්බම 30,000ක් පමණ නිකුත් කරනවා.

වැළකිය යුත්තේ කුමකින්ද? චිත්‍රපට හා පොත් පත් මෙන්ම අද තිබෙන සංගීතය බොහෝවිට සදාචාරමය අතින් පිරිහී තිබෙනවා. සමහර පද රචනා හා රූප රචනා ඇතුළත් ගීත නරඹන විට ඔබේ හැඟීම් පාලනය කරගැනීමට අපහසු බවක් ඔබට දැනිය හැකියි. (1 කොරින්ති 6:18) විසිඑක් හැවිරිදි ලී නමැති යෞවනිය මෙවැනි දෙයක් පැවසුවා. “දැන් තියෙන සමහර සංගීත ඇහෙද්දී ලිංගික හැඟීම් ඇවිස්සෙන විදිහට නටන්න හිතෙනවා. ඒවා බයිබලයේ තියෙන ප්‍රතිපත්තිවලට පටහැනියි.”

තෝරාගන්නේ කොහොමද? “ගීත තෝරගන්න කලින් මම මෙහෙම කල්පනා කරනවා. ‘මම අහන්න තෝරගෙන තියෙන ගීත ක්‍රිස්තියානි සභාවේ වැඩිහිටියෙක් දැක්කොත් මට ඒ ගැන ලැජ්ජාවක් දැනෙයිද?’ හොඳ ගීත තෝරගන්න ඒක මට උදව් වෙනවා.”—ලීඈන්.

ඉඟිය: විවිධාකාර සංගීත අහන්න පුරුදු වන්න. යෞවනයෙකු වන රොබටෝ මෙවැනි දෙයක් පැවසුවා. “මගේ තාත්තා හුඟක් අහන්නේ ශාස්ත්‍රීය ගීත. ඒ නිසා පොඩි කාලේ ඉඳලම මමත් ඒ ගීත අහන්න පුරුදු වුණා. ඒත් එක්කම මම පියානෝව වාදනය කරන්නත් ඉගෙනගත්තා. ඒක මට රසවත් අද්දැකීමක් වුණා.”

කල්පනා කර බලන්න

‘මම අහන සංගීතය නිසා මගේ ලිංගික හැඟීම් ඇවිස්සෙනවාද?’

 

^ 3 ඡේ. යම් චිත්‍රපටයක්, පොතක් හෝ ගීතයක් සුදුසුයි හෝ සුදුසු නැහැ කියා පිබිදෙව්! සඟරාවෙන් පවසන්නේ නැහැ. මෙම ලිපියේ අරමුණ වන්නේ බයිබලයේ ඇති ප්‍රතිපත්තිවලට අනුව තම හෘදය සාක්ෂිය පුහුණු කරගැනීමට හා ඒ අනුව ක්‍රියා කිරීමට උපකාර කිරීමයි.—ගීතාවලිය 119:104; රෝම 12:9.

^ 13 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.