Skip to content

පටුනට යන්න

කිසිවකට සම කළ නොහැකියි!

කිසිවකට සම කළ නොහැකියි!

කිසිවකට සම කළ නොහැකියි!

“මෙතරම් විරෝධතාවලට ලක් වූ වෙන කිසිම පොතක් නැහැ. ඉතා බලවත් මිනිසුන් එය මෙලොවින් තුරන් කිරීමට පියවර ගත්තත් ඒ කිසිම උත්සාහයක් සාර්ථක වී නැහැ.”

මිහිපිට සිටින සෑම මිනිසෙකුටම වැදගත් පණිවිඩයක් අඩංගු ඉතා වටිනා පොතක් ගැන ඔබ අසා තිබෙනවාද?—2 තිමෝති 3:16.

එය ලෝකයේ පැරණිතම පොත් අතරින් එකක්. ඒ වගේම වැඩියෙන්ම පරිවර්තනය කර බෙදාහරින පොතත් එයයි. ඉතිහාසයේ වෙන කිසිම පොතක් ඒ තරම් අලෙවි වී නැහැ.

ඒ හැමදේටම වඩා සිත්ගන්නාසුලු තවත් දෙයක් වන්නේ එම පොත විනාශ කිරීමට බොහෝ අය උත්සාහ දැරුවත් ඒ සෑම විරුද්ධවාදිකම් මැද වුණත් එය ආරක්ෂා වීමයි. දහනවවන සියවසේ විසූ දේවධර්මාචාර්යවරයෙකු වන ඇල්බට් බාන්ස් ඒ පොත ගැන මෙවැනි දෙයක් පැවසුවා. “මෙතරම් විරෝධතාවලට ලක් වූ වෙන කිසිම පොතක් නැහැ. ඉතා බලවත් මිනිසුන් එය මෙලොවින් තුරන් කිරීමට පියවර ගත්තත් ඒ කිසිම උත්සාහයක් සාර්ථක වී නැහැ.” කිසිවකට සම කළ නොහැකි එම පොත වෙන කිසිවක් නොව බයිබලයයි.

විරුද්ධතා ජය ගත් මිනිසුන් ගැන හෝ වෙන යම් දේවල් ගැන දැනගැනීමට සාමාන්‍යයෙන් මිනිසුන් කැමතියි. බයිබලයත් දැඩි විරෝධතා හමුවේ සුරැකුණු පොතක්. ඒ ගැන බාන්ස් පැවසුවේ මෙසේයි. “බයිබලයට එරෙහිව එල්ල වූ විරුද්ධවාදිකම් සමඟ සසඳන විට යුද්ධ රැසක් හමුවේ නොසැලී සිටි දක්ෂතම හමුදාව, බොහෝ ප්‍රහාර හමුවේ නොබිඳුණු ප්‍රාකාර හා සාගරයේ දැඩි රළ පහරට මුහුණ දුන් ශක්තිමත්ම පර්වත ඊට සම කළ නොහැකියි.”

ඉපැරණි ලියවිලි බොහොමයක් නැති වී, විනාශ වී හෝ මතකයෙන් ගිලිහී ගොස් තිබුණත් බයිබලය සතුරු ප්‍රහාර හමුවේ ආරක්ෂා වී තිබෙනවා. බයිබලය වෙනුවෙන් සමහරුන් ඔවුන්ගේ ජීවිත පවා පරදුවට තැබුවා. අනික් අතට සමහරුන් බයිබල් ප්‍රසිද්ධියේ පුළුස්සා ඒවා කියවූ අයවත් පනපිටින් පිලිස්සුවා.

සමහරෙක් බයිබලයට ඇලුම් කරන්නත් තවත් අය ඊට වෛර කරන්නත් හේතුව කුමක්ද? ඊට එරෙහිව පැමිණි විරුද්ධවාදිකම් මොනවාද? එය විනාශ කිරීමට උත්සාහ දැරුවේ කවුද? එය ආරක්ෂා වුණේ කොහොමද? එහි ඇති පණිවිඩය ඔබට වැදගත් වන්නේ ඇයි? එම ප්‍රශ්නවලට පිළිතුරු අපි ඊළඟ ලිපිවලින් සලකා බලමු.

[2, 3වන පිටුවල වගුව/පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

බයිබලය ආ දිගු ගමන

ක්‍රි.පූ. 1513 සිට හෙබ්‍රෙව්, ඇරමයික හා ග්‍රීක

ක්‍රි.ව. 98 පමණ දක්වා භාෂාවෙන් බයිබලය ලිවීම

100 පොතකට සමාන ආකාරයකින් සකස් කරයි

405 ජෙරොම්, ලතින් භාෂාවට පරිවර්තනය කරයි

1380 වයික්ලිෆ්, ලතින් භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරයි

1455 ගූටන්බර්ග් මුල්ම බයිබලය මුද්‍රණය කරයි

1525 ටින්ඩේල්, ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරයි

1938 භාෂා 1,000කට වඩා මුද්‍රණය කරයි

2011 භාෂා 2,500කට වඩා මුද්‍රණය කරයි