Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

එක් පරීක්ෂණයකින් හෙළි වූ පරිදි පොදු වැසිකිලිවල තිබෙන බැක්ටීරියා හා සමාන හානිකර බැක්ටීරියා එංගලන්තය පුරා තිබෙන ATM යන්ත්‍රවල ඇති බොත්තම්වලද තිබෙනවා.—THE TELEGRAPH, BRITAIN.

“භූ කම්පන සිදු වීමට ප්‍රවණතාව ඇති ස්ථාන සියල්ලම තවමත් සොයාගෙන නැහැ. සොයාගෙන නැති එවැනි ස්ථානවල දැන් දැන් භූමිකම්පා සිදු වෙනවා. (උදාහරණයකට මේ වසරේ නවසීලන්තයේ හා පසුගිය වසරේ හයිටි රටේ සිදු වූ භූමිකම්පා.) ඒ ගැන විද්‍යාඥයින් පවා පුදුම වෙනවා. ඒ නිසා පැනනඟින ප්‍රශ්නය නම් තවත් දරුණු භූමිකම්පා කීයක් කොයි මොහොතේ සිදු වේද යන්නයි.”—THE NEW YORK TIMES, U.S.A.

‘ලෝකයේ දිලිඳුම රටවල් 57හි තිබෙන මුදල්වලට වඩා ධන සම්භාරයක් ලොව ධනවත්ම පුද්ගලයන් හතරදෙනා සතුයි.’—FOREIGN POLICY, January/February 2011, U.S.A.

පෝලන්තයේ ව්‍යාපාරිකයන්ගෙන් සියයට 90ක්ම කියා සිටියේ පසුගිය අවුරුදු දෙක පුරා සේවකයන් ඔවුන්ගෙන් සොරකම් කර හෝ ඔවුන්ව රවටා ඇති බවයි.—GAZETA PRACA, POLAND.

ප්‍රමාද වී පල්ලියට පැමිණෙන මනාලියන්ගෙන් බ්‍රසීලයේ කතෝලික පල්ලිය ඩොලර් 300ක දඩයක් අය කරනවා. යුවළක් විවාහ දිනයට පෙර චෙක්පතක් පල්ලියට භාර දිය යුතු අතර එය නැවතත් ඔවුන්ට දෙන්නේ මනාලිය වෙලාවට පැමිණියොත් පමණයි.—G1, BRAZIL.

පාප්වරයා අවයව දන් නොදෙයි

යෝසෆ් රැට්සිංගර් රෝමානු කතෝලික සභාවේ කාදිනල්වරයෙකුව සිටි කාලයේදී ඔහු අවයව දන් දුන් බව එක් පුවත්පතක සඳහන් වුණා. (La Repubblica) නමුත් ඔහු 16වන බෙනඩික් පාප්වරයා බවට පත් වීමෙන් පසු ඔහුට තවදුරටත් එසේ කළ නොහැකියි. ඊට හේතුව ගැන වතිකානුවේ අගරදගුරුවරයෙකු වන සිග්මොන්ට් සිමෝව්ස්කි මෙසේ පවසනවා. “පාප්වරයෙකුගේ ශරීරය අයිති වන්නේ කතෝලික පල්ලියටයි. ඔහු මිය ගිය පසු මිනිසුන් ඔහුගේ ශරීරයට ගරුබුහුමන් දැක්වීමට ඉඩ තිබෙනවා.”

වටින්නේ ජීවිතයද සල්ලිද?

ජීවිතයෙන් අවුරුද්දක් යූරෝ මිලියනයක් වෙනුවෙන් කැප කරන්න කෙනෙක් කැමති වෙයිද? ඒ ප්‍රශ්නය අසමින් ජර්මනියේ එක් සමීක්ෂණයක් කළා. ඉන් හෙළි වුණේ එහි ජීවත් වන පුරුෂයන්ගෙන් හතරෙන් එකකට වඩා සහ ගැහැනු අයගෙන් හයෙන් එකකට වඩා වැඩිදෙනෙක් එසේ කිරීමට කැමති වූ බවයි. වයස අවුරුදු 14ත් 29ත් අතර අය සියයට 29ක්ද අවුරුදු 30ත් 39ත් අතර අය සියයට 25ක්ද මුදල් වෙනුවෙන් තම ජීවිත කැප කිරීමට කැමති වුණා. ඒ වගේම වයස අවුරුදු 50ත් 59ත් අතර අය සියයට 13ක්ද අවුරුදු 60ට වැඩි අය සියයට 11ක්ද මුදල්වලට වැඩි කැමැත්තක් දැක්වුවා. ඉන් පැහැදිලි වන්නේ පුද්ගලයන් වයසට යත්ම ඔවුන්ට මුදල්වලට වඩා වටින්නේ ජීවිතය බවයි.