Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

මා ගායනයෙන් සමුගත් හේතුව (2010 ජූනි) ඒ ලිපිය පළ කිරීම ගැන මම හුඟක් ස්තුතිවන්ත වෙනවා. මම ස්වාමිපුරුෂයෙකුගේ උපකාරය නැතුව දරුවන් තුන්දෙනෙකුව හදාවඩා ගන්න අවුරුදු 39ක මවක්. රුසියාවේ මම ජීවත් වන පළාතේ රැකියාවක් හොයාගන්න එක පහසු දෙයක් නෙමෙයි. මට මාර්තා තෙරේසාගේ අද්දැකීම ලොකු ශක්තියක් වුණා. පූර්ණකාලීන සේවයේ යෙදෙන්න තිබූ ආශාව නිසා ඇය වියදම් පිරිමසාගන්න කෑම වර්ග හදලා විකුණුවා කියලා ඒ ලිපියේ තිබුණා. මමත් හිතුවා කෑම වර්ග හදලා විකුණන්න. ඒක සාර්ථක වුණා. දැන් අපේ මුළු පවුලම එකතු වෙලා පුංචි ව්‍යාපාරයක් හැටියට ඒක කරනවා. දරුවන්ටත් මේක හොඳ පුහුණුවක්. ඒ අය වගකීමෙන් වැඩ කරන්නත් ඉගෙනගන්නවා.

රුසියාවේ ජී. එම්.

ගොතගැසීමේ ගැටලුවට මුහුණ දීම (2010 මැයි) ගොතගැසීමේ ගැටලුව පිළිබඳ සැබෑ තොරතුරු ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ ගැටලුව තියෙන අයට ඒකට සාර්ථකව මුහුණ දෙන්න හුඟක් ක්‍රම තියෙනවා කියලා ඔවුන්ට කාවද්දන්න අපි ලොකු වෙහෙසක් ගන්නවා.

එක්සත් ජනපදයේ කතනාබාධ සංගමයේ සභාපති ජේන් ෆ්‍රේසර්

යෞවනයන් අසති . . . සමලිංගික සේවනය ගැන බයිබලයේ ඇති දේ මම විස්තර කරන්නේ කෙසේද? (2010 දෙසැම්බර්) මම විවාහ වෙලා අවුරුදු 10ක් විතර වෙනවා. මට එක දරුවෙක් ඉන්නවා. මම ‘කටුවක් හා සමාන පීඩාවක්’ නිසා හැමදාම දුක් විඳිනවා. මට සමලිංගික ඇසුරක යෙදෙන්න ආශාවක් තියෙනවා. විවාහ වුණාට ඒ ආශාව නැති වුණේ නැහැ. මම කොයි තරම් උත්සාහ කළත් මට ඒකෙන් ගොඩ එන්න බැරි නිසා පුදුම කලකිරීමක් ඇති වෙනවා. ඒත් මම මේ ලිපිය කියෙව්වට පස්සේ උත්සාහය අත් නොහරින්න අදිටන් කරගත්තා. දැන් මම ඒ ආශාව ටිකෙන් ටික පාලනය කරගන්න ඉගෙනගන්නවා.—2 කොරින්ති 12:7.

එක්සත් ජනපදයේ පාඨකයෙක්

මට අවුරුදු පහේ ඉඳන්ම සමලිංගික ඇසුරක යෙදෙන්න ආශාවක් තිබුණා. දැන් මට අවුරුදු 61යි. තවමත් ඒ ආශාව තියෙනවා. ඒ ලිපියේ තිබුණ මේ කාරණා මගේ හිතට තදින්ම කාවැදුණා. වේශ්‍යාකම වෙතින් පලා දුවන්න කියලා ඒකෙ තිබුණා. ඒ වගේම විවාහ වී නැති අයත් සහකරු හෝ සහකාරිය යම් අසනීප තත්වයක සිටින අයත් තම ආශාවන් පාලනය කරගනිමින් ජීවිතය සතුටින් ගෙවනවා කියලත් එකේ තිබුණා. සමලිංගික ආශාව ඇති කෙනෙකුට වුණත් දෙවිව සතුටු කිරීමට අවශ්‍ය නම් ඒ ආශාව පාලනය කරගන්න පුළුවන්. ඒ වගේ ගැටලුවකින් පොරබඳින අපි වගේ අයටත් එයින් මිදෙන්න පුළුවන් කියලා දිරිගැන්වීම ගැන ස්තුති කරන්න කැමතියි.

එක්සත් ජනපදයේ පාඨකයෙක්