Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

ජර්මනියේ වැඩිහිටියන් පිරිසක් යොදාගෙන කළ සමීක්ෂණයකින් සියයට 76.3ක්ම කියා සිටියේ නුසුදුසු හැඟීම් ඇති වන ආකාරයෙන් ආලවන්තකම් පෑමේ කිසි වරදක් නැති බව හා එය ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීමට මුල පිරීමක් නොවන බවයි. ඊට සහභාගි වූ පුද්ගලයන්ගෙන් අඩක්ම විවාහකයෙක් වෙනත් කෙනෙකු සමඟ එවැනි ආලවන්තකම් පෑමේ කිසි වරදක් නැති බව කියා සිටියා.—APOTHEKEN UMSCHAU, GERMANY.

රුසියාවේ කළ සමීක්ෂණයකදී සියයට 48ක්ම කියා සිටියේ ත්‍රස්ත ප්‍රහාර ඔවුන්ගේ ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවයි.KOMMERSANT, RUSSIA.

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්සත් ජනපදයේ මායිමෙන් එහාට මත්ද්‍රව්‍ය යැවීමට යොදාගන්නේ ඉපැරණි ක්‍රමයක්. ඔවුන් උස දණ්ඩකට ඉලාස්ටික් පටියක් සවි කර මත්ද්‍රව්‍ය එහි රඳවා මායිමෙන් එහාට විදිනවා.—REUTERS NEWS SERVICE, U.S.A.

ගර්භණී මව්වරුන් පස්දෙනෙක්ගෙන් දෙදෙනෙක්ම තම දරුවාව ගබ්සා කරන බව ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයෙන් වාර්තා වෙනවා. කනගාටුවට කාරණයක් වන්නේ එම සංඛ්‍යාව වසර දහයකට වඩා වැඩි කාලයක් එලෙසම පැවතීමයි.—THE NEW YORK TIMES, U.S.A.

ඉදි කරමින් තිබෙන ගොඩනැඟිල්ලක 72වෙනි තට්ටුවේ සිටින නරියෙකු අල්ලාගැනීමට පැමිණෙන ලෙස එංගලන්තයේ කෘමී මර්දන කණ්ඩායමකට පණිවිඩයක් ලැබුණු විට ඔවුන් පුදුම වුණා. “සේවකයන් ඉවත දමන කෑම කමින් ජීවත් වූ” එම නරියාව ඔවුන් නිදහස් කළා.—THE TELEGRAPH, LONDON.

පූජකයන්ටත් දේශපාලනයට සම්බන්ධ වීමට වරම්

රුසියාවේ ඕතඩොක්ස් පල්ලියේ පූජකයන්ට දේශපාලනයට හවුල් වීමට එම පල්ලියෙන් අවසර දී තිබෙනවා. එසේ අවසර දී තිබෙන්නේ පල්ලිය නිකායවලට බෙදීමෙන් වළක්වාගැනීම හා එල්ල විය හැකි වෙනත් තර්ජනවලින් එය ආරක්ෂා කරගැනීම වැනි හේතුන් මතයි.—RIA Novosti.

අලුත් නීතිමය ප්‍රශ්නයක්

දරුවන් නැති අම්මලාට දරුවෙක් හදා දීම සඳහා කලින් අත්හදා බැලූ ක්‍රම දැන් සාර්ථක වී තිබෙනවා. නමුත් ඒ නිසා දැන් නීතිමය ගැටලුවක් ඇති වෙලා. ඇමරිකාවේ සඟරාවක මෙසේ වාර්තා වෙනවා. “කාලයක් පුරා රසායනාගාරවල තැන්පත් කර ඇති ශුක්‍රානු හා ඩිම්බ යොදාගෙන දරුවන් බිහි වීමට සලස්වනවා. නමුත් එවැනි අවස්ථාවලදී බොහෝවිට ඒ දරුවන්ගේ පියවරුන් මිය ගිහින්.” එක්සත් ජනපදයේ අනාථ දරුවන්ට සුභ සාධක සංගම්වලින් ආධාර ලබා දුන්නත් මෙවැනි දරුවන්ට සහනාධාර ලබා දිය යුතුද යන්න ගැන සමහර ප්‍රාන්තවල අධිකාරීන්ට ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. ඒ ගැන ඇමරිකාවේ මිනසොටා ප්‍රාන්තයේ එක් නීතීඥවරයෙක් පැවසුවේ “තාක්ෂණය නීතිය අභිභවා ගොස් ඇති” බවයි.—එම සඟරාව The Wall Street Journal.