Skip to content

පටුනට යන්න

දෙවිගේ ප්‍රේමය ඔවුන් අගය කළා

දෙවිගේ ප්‍රේමය ඔවුන් අගය කළා

දෙවිගේ ප්‍රේමය ඔවුන් අගය කළා

● යෙහෝවා දෙවිගේ ප්‍රේමය මොන තරම්ද කියා මෙම වචනවලින් පැහැදිලියි. ‘මවකට තම කිරි බොන දරුවාව අමතක කළ හැකිද? තම කුසේ දරා මෙලොවට බිහි කළ පුතාට ඇය අනුකම්පා නොකර සිටියිද? මවක තම දරුවාව අමතක කළත් යෙහෝවා දෙවි කිසිදා ඔබව අමතක කරන්නේ නැහැ.’ (යෙසායා 49:15) දෙවි අපට පෙන්වූ ප්‍රේමය ගැනත් සදාකාල ජීවනය ලබාගැනීමට ඔහු අප වෙනුවෙන් කර තිබෙන දේ ගැනත් යෙහෝවාට ළං වන්න යන පොතේ පැහැදිලි කරනවා.

එක්සත් ජනපදයේ ජීවත් වන කාන්තාවක් මෙසේ පැවසුවා. “මේ පොතේ පස්වෙනි පරිච්ඡේදය කියෙව්වට පස්සේ යෙහෝවා දෙවිගේ ප්‍රේමය, ප්‍රඥාව සහ අසීමිත බලය ගැන මට පුදුම හිතුණා. ඔහු නිර්මාණය කළ දේවල් ගැන කල්පනා කරද්දී මට ඔහු කෙරෙහි තියෙන ප්‍රේමය තවත් වැඩි වුණා.” එක්සත් ජනපදයේ ජීවත් වන තවත් කාන්තාවකගේ අදහස මෙයයි. “අවුරුදු 30ක් පුරා මට තව කෙනෙකුට ආදරය පෙන්වන්න (හෝ අනික් අය මට ආදරෙයි කියලා තේරුම්ගන්න) හුඟක් අමාරු වුණා. ඒත් මේ පොත නිසා මම හිතන විදිහ වෙනස් වුණා.”

පිටු 320කින් යුත් යෙහෝවාට ළං වන්න නමැති පොතේ යෙහෝවා දෙවිගේ ප්‍රධාන ගතිලක්ෂණ හතරක් වන ප්‍රේමය, යුක්තිය, ප්‍රඥාව හා බලය ගැන ඉතා සිත්ගන්නාසුලු ආකාරයෙන් පැහැදිලි කරනවා. මෙහි පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.