Skip to content

පටුනට යන්න

පවුලේ සැමට

පවුලේ සැමට

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

උත්පත්ති 24:1-4, 10–23 දක්වා කියවන්න. ඒ වාර්තාවට අනුව මෙම පින්තූරයේ ඇති අඩුපාඩු තුනක් සඳහන් කරන්න. ඉන්පසු පින්තූරය පාට කරන්න.

1 ․․․․․

2 ․․․․․

3 ․․․․․

සාකච්ඡා කරන්න:

රෙබෙකාට තිබුණු හොඳ ගුණාංග මොනවාද?

හෝඩුවාව: හිතෝපදේශ 31:17, 27, 29-31; 1 පේතෘස් 4:9 කියවන්න.

රෙබෙකාව අනුකරණය කරන්න ඔබට පුළුවන් කොහොමද?

හෝඩුවාව: හිතෝපදේශ 11:25; රෝම 12:11 කියවන්න.

පවුලම එකතු වන්න:

ඔබ උදව් කරන්න කැමති පුද්ගලයෙකුගේ නම සඳහන් කරන්න. ඉන්පසු ඒ පුද්ගලයාට කළ යුතු උපකාර මොනවාද කියා ලියන්න. එය පවුලේ සියලුදෙනාට පෙන්වන්න. ඔහුට කළ යුතු උපකාර සහ එය කරන්නේ කවදාද කියා සියලුදෙනාම එකතු වී සාකච්ඡා කරන්න. එලෙස උපකාර කිරීමෙන් අනතුරුව පවුලේ සියලුදෙනාටම හැඟුණු දේ ගැන සාකච්ඡා කරන්න.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 13 යෝබ්

ප්‍රශ්න

අ. යෝබ්ට පුතුන් ․․․․․ දෙනෙක්ද දූවරුන් ․․․․․ දෙනෙක්ද සිටියා.

ආ. සාතන් යෝබ්ට අහිමි කළේ මොනවාද?

ඇ. යෝබ් පැවසූ දේ සම්පූර්ණ කරන්න. “මා අවසන් හුස්ම හෙළන තුරු . . . ”

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ අවසන්

ක්‍රි.පූ. 1600දී පමණ පොත ලිව්වා

[සිතියම]

ජීවත් වුණේ ඌෂ් දේශයේ

පොරොන්දු දේශය

ඊජිප්තුව

ඌෂ්?

යෝබ්

තොරතුරු.

ඔහු “අවංක, නිර්දෝෂව හැසිරෙන” කෙනෙක්. (යෝබ් 1:8) ඔහුගේ භාර්යාව සහ වෙනත් අය ඔහුට බලපෑම් කළත් ඔහු යෙහෝවා දෙවි කෙරෙහි ඇති විශ්වාසය නැති කරගත්තේ නැහැ. (යෝබ් 1:20-22; 2:9, 10) ඔහු පීඩා විඳදරාගත් නිසා ඔහුට අවසානයේදී ලැබුණු ආශීර්වාද ගැන කල්පනා කිරීම අපටත් පීඩා අද්දකින විට දෙවිට විශ්වාසවන්තව සිටින්න විශාල උපකාරයක්.—යෝබ් 42:12-17; යාකොබ් 5:11.

පිළිතුරු

අ. 14, 6.—යෝබ් 1:2; 42:13.

ආ. සතුන්, සේවකයන්, දරුවන්, යහපත් සෞඛ්‍ය.—යෝබ් 1:13-19; 2:4-7.

ඇ. මම දෙවිට විශ්වාසවන්තව සිටිමි.—යෝබ් 27:5.

ජාතීන් හා දේශ

4. මගේ නම ලූකස්. මට අවුරුදු හතයි. මම ජීවත් වෙන්නේ ජර්මනියේ. එහි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිටින්නේ 60,000ක්ද, 1,00,000ක්ද නැත්නම් 1,60,000ක්ද?

5. සිතියමේ මගේ රට ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. ඒ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද කියලා බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

“පවුලේ සැමට” යන කොටසේ තවත් පිටපත් ලබාගැනීම සඳහා www.pr418.com යන වෙබ් අඩවියට පිවිසෙන්න.

● පිළිතුරු 27වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. සිටිය යුත්තේ ඔටුවන් 11ක් නොව 10ක්.

2. රෙබෙකා වතුර පිරෙව්වේ දිය ඔරුවකට මිස බැරල් තුනකට නෙවෙයි.

3. සේවකයන් රෙබෙකාට දුන්නේ මාලයක් නොව නාසයට දමන ආභරණයක් සහ රන් වළලු දෙකක්.

4. 1,60,000.

5. 3.