Skip to content

පටුනට යන්න

යොවුන් සිතේ ගැටලු

මම ඇයි එහෙම කිව්වේ?

මම ඇයි එහෙම කිව්වේ?

ඔබ ගැන සිතා බලන්න

ඉඳහිට වැරදි දෙයක් කියවෙන්නේ ඇයි?

වැරදි දෙයක් කියවුණොත් කරන්නේ කුමක්ද?

දිව පාලනය කරගන්නේ කොහොමද?

“මම සාමාන්‍යයෙන් කතා කරන්නේ හිතලා බලලා. ඒත් සමහර වෙලාවට වැරදි දෙයක් කියවෙනවා. ඒ වෙලාවට මට පොළොව පලාගෙන යන්න හිතෙනවා.”​—චේස්

“හැමෝම දැනගෙන ඉන්න කාරණයක් වුණත් අනික් අය ඒක එළිපිට කියන්නේ නැහැ. ඒත් මට එකපාරටම ඒක කියවෙනවා.”​—අලී

එහෙම වුණේ ඇයි?

බයිබල් පදනම: ‘යමෙකුට තම දිව පාලනය කරගැනීමට හැකි නම් කිසි වරදක් නොකරන පරිපූර්ණ මිනිසෙකු වීමට ඔහුට පුළුවන්.’ (යාකොබ් 3:2) ඉන් අදහස් කරන්නේ තම දිව සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කිසි කෙනෙකුට නොහැකි බවයි. ඇනට් * පැවසූ මේ දේට බොහෝදෙනෙක් එකඟ වෙයි. “ගොඩක් වෙලාවට මම හිතන්නේ බලන්නේ නැතුව දේවල් කියනවා. පස්සේ ඒ ගැන හුඟක් දුක් වෙනවා.”

සැබෑ අද්දැකීමක්: “මම ඇඳුම් ටිකක් අයින් කරද්දී මගේ යාළුවෙකුට ඒවට ආස හිතුණා. ‘ඔයාට නම් ඒවා ඇති වෙයිද දන්නේ නැහැ’ කියලා මම කිව්වා. එතකොට එයා කිව්වා ‘ඔයා හිතන්නේ මම මහතයි කියලද?’”—කොරීන්.

ඔබට වැරදි දෙයක් කියවෙන්නේ මොන අවස්ථාවේදීද කියා තේරුම්ගැනීමට පහත සඳහන් දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

● ඔබේ දුර්වල තැන් හඳුනාගන්න.

___ මම කේන්තියෙන් කතා කරන විට

___ සිතන්නේ බලන්නේ නැතුව කතා කරන විට

___ සවන් නොදී කතා කරන විට

___ වෙනත් ___

උදාහරණයක්: “මම විහිළු කරන්න කැමති කෙනෙක්. හැබැයි සමහර වෙලාවට මම කියන දේවල් අනික් අය වැරදියට තේරුම්ගන්නවා.”—ඇලෙක්සිස්.

ඔබට වැරදි දෙයක් කියවෙන්නේ කා සමඟ කතා කරන විටද?

___ දෙමාපියන් සමඟ

___ පවුලේ අනික් අය සමඟ

___ යහළුවන් සමඟ

___ වෙනත් ___

උදාහරණයක්: “මම වැඩියෙන්ම රිද්දන්නේ මම හුඟක් ආදරය කරන අයවයි. මොකද මම එයාලත් එක්ක ඉද්දී ඔහේ කියවනවා.”—ක්‍රිස්ටීන්.

වැරදි දෙයක් කියවුණොත් කරන්නේ කුමක්ද?

බයිබල් පදනම: ‘සමාදානයට දායක වන දේවල් කිරීමට දැඩි උත්සාහයක් දරන්න.’ (රෝම 14:19) එය අදාළ කරගත හැකි ආකාරයක් නම් සමාව ඉල්ලීමයි.

සැබෑ අද්දැකීමක්: “මගේ අම්මා මැරෙන කොට මට මාස 10යි. මම තාත්තව කවදාවත් දැකලා නැහැ. මාව හදාවඩා ගත්තේ මගේ අම්මගේ අක්කයි එයාගේ මහත්තයයි. (ලොකු අම්මයි ලොකු තාත්තයි.) මට දවසක් අම්මා නැති පාළුව තදින්ම දැනුණා. එතකොට මට අවුරුදු 10ක් 11ක් විතර ඇති. ඒ වෙලාවේ මට ලොකු තරහක් ආවා. ඒක කාගේහරි පිටින් යවන්න මට ඕන වුණා. ලොකු අම්මා මට වැඩක් කරන්න කිව්ව වෙලාවේ මම කේන්තියෙන් මෙහෙම කිව්වා. ‘ඔයා මගේ අම්මා නෙමෙයිනේ. මම ඔයාට කැමති නැහැ.’ ඒ වෙලාවේ ලොකු අම්මා පුදුමයෙන් මගේ දිහා බලාගෙන හිටියා. ඊටපස්සේ එයා කාමරේට ගිහින් දොර වහගෙන ඇඬුවා. මට ඒ වෙලාවේ ලොකු දුකක් දැනුණා. මාව පුංචි කාලේ ඉඳලම බලාගත්තේ එයයි. මම එයාට කතා කරපු විදිහ වැරදියි. ලොකු තාත්තා මගේ වැරැද්ද පෙන්නලා දීලා මගේ දිව පාලනය කරගන්නේ කොහොමද කියලා බයිබලයෙන් උපදෙස් ටිකක් දුන්නා. පස්සේ මම ලොකු අම්මගෙන් සමාව ඉල්ලුවා.”—කෙරන්.

ඔබට කෙනෙකුගෙන් සමාව ඉල්ලීමට අමාරු වීමට හේතුවක් ලියන්න.

___

සමාව ඉල්ලීම සිතට සහනයක් වන්නේ ඇයි?

___

ඉඟිය: හිතෝපදේශ 11:2; මතෙව් 5:23, 24හි සඳහන් ප්‍රතිපත්ති සලකා බලන්න.

නැණවත්ම දේ ප්‍රශ්න ගැටලු ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමයි. එවිට සමාව ඉල්ලීමට අවශ්‍යතාවක් නැහැ. ඔබට එය කරන්න පුළුවන් කොහොමද?

දිව පාලනය කරගන්නේ කොහොමද?

බයිබල් පදනම: “සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.” (යාකොබ් 1:19) එම උපදෙස අදාළ කරගැනීම සඳහා සිතා බැලීමට උපකාරවත් වන යෝජනා කිහිපයක් පහත දැක්වෙයි.

පහත සඳහන් බයිබල් පද කියවා ඊට ගැළපෙන අදහස තෝරන්න

හිතෝපදේශ 12:16

හිතෝපදේශ 17:14

හිතෝපදේශ 26:20

දේශනාකාරයා 7:9

ෆිලිප්පි 2:3

1 “ඕනෑවට වඩා තමන් ගැන හිතන්න එපා. එතකොට ඉක්මනින් කේන්ති යන්නෙත් නැහැ.”—ඩැනෙට්.

2 “මට කේන්ති ගියාම මම ටිකක් ඇවිදින්න යනවා. එතකොට මගේ කේන්තිය එහෙම්ම නිවිලා යනවා.”—බ්‍රියෙල්.

3 “මම මොනවා හරි දේකට අකමැති නම් මම හිතුවේ ඒක කෙලින්ම කියන්න ඕනේ කියලයි. ඒත් දැන් මම පොඩි පොඩි දේවල්වලට කලබල වෙන්නේ නැහැ.”—සෙල්යා.

4 “කවුරුහරි ඔයාට බනිනවා නම් හොඳම දේ තමයි නිශ්ශබ්දව ඉන්න එක. එතකොට එයාගේ කෑගැහිල්ල නිකම්ම නතර වෙයි. ඇවිලෙන ගින්නට පිදුරු දාන්න එපා.”—කෙරන්.

5 “සමහර අය එක්ක මට වෙලාවකට කේන්ති යනවා. ඒ වෙලාවට කියන්න හුඟක් දේවල් කටට එනවා. ඒත් ඉවසගෙන ඉන්න එකෙන් මම පස්සේ තේරුම්ගන්නවා මොකුත් නොකියා හිටපු එක කොච්චර හොඳද කියලා. මම තේරුම්ගත්ත දෙයක් තමයි හදිසි වෙන්න හොඳ නැහැ කියන එක.”—චාල්ස්.

පිබිදෙව්! කලාපයේ පළ වන “යොවුන් සිතේ ගැටලු” යන ලිපි පෙළේ තවත් ලිපි අවශ්‍ය නම් www.pr418.com වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

[පාදසටහන]

^ 10 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[22වන පිටුවේ කොටුව/පින්තූර]

අලීමම මොනවා හරි දෙයක් කියන්න කලින් ‘මම මේ කියන දෙයින් හොඳක් වෙයිද, අහන අයට මේක කොහොම බලපායිද’ කියලා හිතනවා. කියන්න යන දේ ගැන ඔයාට සැකයක් තියෙනවා නම් ඒ දේ නොකියා ඉන්න.

චේස්මම මොනවා හරි දෙයක් කියන්න කලින් අවට ඉන්න අයට ඒක බලපාන විදිහ ගැන හිතන්න උත්සාහ කරනවා. ටිකෙන් ටික ලොකු වෙද්දී මම ඉස්සරට වඩා හිතලා බලලා කතා කරනවා කියලා මට තේරෙනවා. අද්දැකීම් ලබන්න ලබන්න අපිට ඉගෙනගන්න පුළුවන්.

[23වන පිටුවේ කොටුව]

දෙමාපියන්ගෙන් අසන්න

කිසි වරදක් නොකරන කෙනෙක් මෙලොවෙහි නැහැ. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි.” දෙමාපියන්ට තම දිව පාලනය කරගැනීමේදී තිබුණු ගැටලු මොනවාද කියා ඔවුන්ගෙන් අසන්න.—යාකොබ් 3:2.

[22වන පිටුවේ පින්තූරය]

“ඔයාට යමක් කියවුණොත් කියවුණාම තමයි. ඒක හරියට දන්තාලේප මිරිකලා එළියට ගත්තට පස්සේ ආයෙත් ඇතුළට දාන්න බැහැ වගේ.”—ජේම්ස්.