Skip to content

පටුනට යන්න

තරු වියනේ විස්මය

තරු වියනේ විස්මය

තරු වියනේ විස්මය

අඳුරු රැයක අහස සිසාරා දිදුළන තරුකැට දැක ඔබ පුදුමයට පත් වී තිබෙනවාද? ඒ සෑම තරුවක්ම දීප්තියෙන් හා වර්ණයෙන් එකිනෙකට වෙනස් බව ඔබ දැක ඇති. “සෑම තරුවකින්ම විහිදෙන ආලෝකයද එකිනෙකට වෙනස්” කියා බයිබලයේද සඳහන් වෙනවා.—1 කොරින්ති 15:41.

තරුවල දීප්තිය හා වර්ණය එකිනෙකට වෙනස් වන්නේ ඇයි? උදාහරණයකට සමහර තරු සුදු පැහැයෙනුත් සමහරක් නිල්, කහ සහ රතු පැහැයෙනුත් දිස් වන්නේ ඇයි? තරුවල දීප්තිය අඩු වැඩි වන්නේ ඇයි?

සෑම තාරකාවකම ශක්තිය හා බලය නිපද වන්නේ එහි න්‍යෂ්ටියෙන්. ආලෝකයක් හැටියට අපට දිස් වන්නේ එම ශක්තියයි. ඒවායින් සමහරක් නොපෙනෙන කිරණ ලෙසත් පිට වෙනවා. දැඩි උණුසුමක් තිබෙන තරු නිල් පැහැයෙනුත් අඩු උණුසුමක් තිබෙන තරු රතු පැහැයෙනුත් දිස් වෙනවා. එලෙස වර්ණය වෙනස් වන්නේ ඇයි?

ආලෝකය ශක්තියක්. එහි වර්ණාවලියේ සියලු පාට අඩංගුයි. එහි දෙපැත්තෙන් ඇත්තේ නිල් සහ රතු පාට වන අතර මැද කහ සහ කොළ පාටින් යුක්තයි. ආලෝකයට තරංග ආයාමයක් හෙවත් ගමන් කරන දුර ප්‍රමාණයක් තිබෙනවා. උණුසුමෙන් වැඩි තරු එනම් නිල් පැහැයෙන් දිස් වන තරුවල ඇත්තේ කෙටි තරංග ආයාමයක්. ඊට වෙනස්ව උණුසුමෙන් අඩු එනම් රතු පැහැයෙන් දිස් වන තරුවල ඇත්තේ දිගු තරංග ආයාමයක්. අපේ ප්‍රධාන ආලෝක උල්පත වන සූර්යයා නමැති තරුව වැඩි උණුසුමක් පිට කරන තාරකාවක්වත් අඩු උණුසුමක් පිට කරන තාරකාවක්වත් නොවෙයි. ඒ නිසා සූර්යාගෙන් පිට වන ආලෝකය කොළ පැහැයක් ගත යුතුයි. නමුත් එහි ආලෝකය වායුගෝලය හරහා පැමිණෙන නිසා එය අපට දිස් වන්නේ සුදු පැහැයෙනුයි.

හිරුට පාට දෙන වායුගෝලය

හිරුගේ ආලෝකය වායුගෝලය හරහා පෘථිවියට පතිත වන නිසා දවසේ විවිධ කාලවලදී එහි වර්ණය වෙනස් වෙනවා. උදාහරණයකට දහවල් කාලයේදී හිරු අපට දිස් වන්නේ කහ පැහැයෙනුයි. නමුත් හිරු නඟින විට සහ බැස යන විට එය ක්ෂිතිජයට ළං වන නිසා එය අපට දිස් වන්නේ තැඹිලි හෝ රතු පැහැයෙනුයි. එලෙස වර්ණයේ වෙනසක් ඇති වන්නේ වායුගෝලයේ ඇති ජල අංශු, වායු අංශු සහ අනිකුත් කුඩා අංශු නිසයි.

වායුගෝලයේ ඇති අංශු නිසා කෙටි ආලෝක තරංග ආයාමයක් තිබෙන නිල් සහ දම් පැහැය අප දකින්නත් කලින් දසත විහිදෙනවා. පැහැබර දවසක අහස නිල් පාටින් දිස් වන්නේ ඒ නිසයි. වර්ණාවලියේ ඉතුරු පාට අපට දිස් වන්නේ කහ පාටටයි. නමුත් සූර්යයා ක්ෂිතිජය දෙසට ගමන් කරන විට ආලෝකය බොහෝ දුරකට විහිදුවන්න සිදු වෙනවා. රතු ආලෝක තරංග ආයාම දිගු නිසා එය බොහෝ දුරක් ගමන් කරනවා. හිරු බැස යද්දී අහස රන්වන් පාටින් දිස් වන්නේ ඒ නිසයි.

රාත්‍රියේ දිස් වන අහස

අපට රාත්‍රී අහස දැකගැනීමට හැකි වී තිබෙන්නේ ඇසේ ඇති සංවේදක සෛල නිසයි. අපේ ඇසේ කේතු සහ යෂ්ටි ලෙස ආලෝක සංවේදක සෛල වර්ග දෙකක් තිබෙනවා. වර්ණ හඳුනාගැනීමේ හැකියාව ඇත්තේ කේතු සෛලවලටයි. නමුත් අඩු ආලෝකයේදී එම සෛල ක්‍රියා කරන්නේ නැහැ. යෂ්ටි සෛල වර්ණය හඳුනා නොගත්තත් අඩු ආලෝකයේදී පවා දේවල් බැලීමට එය උපකාරවත් වෙනවා. ඒ හේතුව නිසා අඩු ආලෝකයේදී පවා තරු බැබළෙන ආකාරය අපට පෙනෙනවා. ඒත් අපට පෙනෙන්නේ දීප්තියෙන් අඩු තරු මිස දීප්තියෙන් වැඩි තරු නොවෙයි. නමුත් පියවි ඇසට නොපෙනෙන දේ දැකගැනීමට පවා අපට දැන් හැකියාව තිබෙනවා.

දූරේක්ෂය වැනි දේවල් නිසා පියවි ඇසට නොපෙනෙන තරු, මන්දාකිනි, වල්ගා තරු සහ නිහාරිකා වැනි දේවල් පවා පැහැදිලිව දැකීමට හැකි වී තිබෙනවා. කෙසේවෙතත් වායුගෝලය යම් අවස්ථාවලදී අපේ දසුනට බාධාවක් විය හැකියි. ඊට හොඳම විසඳුම ලැබුණේ හබ්ල් අභ්‍යාවකාශ දූරේක්ෂයෙනුයි. එය ඇත්තෙන්ම නවීන තාක්ෂණයේ විජයග්‍රහණයක් කියා පැවසිය හැකියි. එම දූරේක්ෂය මගින් අභ්‍යාවකාශයේ ඇති මන්දාකිනි, නිහාරිකා ලෙස හඳුන්වන දූවිලි සහ වායු වලාකුළු වැනි වස්තූන්වල විස්මය දනවන ඡායාරූප ගැනීමට හැකි වී තිබෙනවා.

පොළොවේ සිට අභ්‍යාවකාශයේ දේවල් නැරඹිය හැකි නවීන දූරේක්ෂ යම් පැතිවලින් හබ්ල් දූරේක්ෂයට වඩා දියුණුයි. උදාහරණයකට ගගනගාමීන්ට වායුගෝලය නිසා ඇති වන බාධා ජය ගෙන පැහැදිලි දසුන් නැරඹීමට මෙම දූරේක්ෂවලින් හැකි වී තිබෙනවා. එවැනි දූරේක්ෂවලින් කෙක් 1 නමැති දූරේක්ෂය ලෝකයේ සුපිරි ගණයේ දූරේක්ෂයක් ලෙස හඳුන්වනවා. එය ආධාරයෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ගගනගාමියෙකු වන පීටර් ටුටිල් සෞරග්‍රහ මණ්ඩලයේ මැදට වෙන්න පිහිටා ඇති බව පෙනෙන්න තිබෙන එක් මන්දාකිනියක තරුවක් විසින් පිට කරන ලද දූලි වලාකුළු සොයාගෙන තිබෙනවා.

ගගනගාමීන් අභ්‍යාවකාශයේ වැඩි වැඩියෙන් සැරිසරන විට තව තවත් තරු, මන්දාකිනි දැකගැනීමට හැකි වී තිබෙනවා. එසේනම් සොයා නොගත් වස්තූන් තව කොතරම් ඇද්ද කියා කිසිවෙකුටවත් කිව නොහැකියි. නමුත් අපව නිර්මාණය කළ යෙහෝවා දෙවිට නම් එය ගැටලුවක් නොවෙයි. බයිබලයේ පවසන්නේ ඔහු ‘තාරකා සියල්ල ගණන් කර ඒ එක් එක් තාරකාවන් නම් වශයෙන් හඳුන්වනවා’ කියායි.—ගීතාවලිය 147:4.

යෙසායා නමැති අනාගතවක්තෘවරයාද ඒ හා සමාන දෙයක් බයිබලයේ සඳහන් කළා. විශ්වය දෙවි ඔහුගේ බලය යොදාගෙන නිර්මාණය කළ බව ඔහු පැවසූ මෙම වදන්වලින් පැහැදිලියි. “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද? තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය. ඔහු සතු අතිමහත් බලය හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි.”—යෙසායා 40:26.

අවුරුදු 2,700කට පමණ පෙර ජීවත් වූ යෙසායා විශ්වය දෙවිගේ අතිමහත් බලයේ නිර්මාණයක් කියා දැනගත්තේ කොහොමද? ඔහු එය උපකල්පනය කළ දෙයක් නොවෙයි. ඔහු එය වාර්තා කළේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමෙනුයි. (2 තිමෝති 3:16) යෙසායා ඇතුළු අනික් බයිබල් ලේඛකයන් කළේ විද්‍යාත්මක පොත් පත්වලටවත් දූරේක්ෂවලටවත් කළ නොහැකි දෙයක්! තරුවලට දීප්තිය හා සුන්දරත්වය ලබා දුන්නේ කවුද කියා ඔවුන් තේරුම්ගත්තා.

[16වන පිටුවේ කොටුව/පින්තූරය]

තරු බැබළෙන්නේ ඇයි?

තරු බැබළෙන්නේත් තරුවල එළිය අඩු වැඩි වන්නේත් තරුවල ස්ථාන වෙනස් වන්නේත් වායු ගෝලය නිසයි. උදාහරණයකට කුඩා ආලෝකයක් නාන තටාකයක පතුලේ තිබෙනවා කියා සිතන්න. ජලය කැලතෙන විට එම ආලෝකයට සිදු වන්නේ කුමක්ද? හරියට තරුවක වගේ එහි ආලෝකයද පෙනී නොපෙනී යනවා. අනික් අතට විශාල ආලෝකයක් දිය යට තිබුණොත් එහි වැඩි වෙනසක් සිදු වන්නේ නැහැ. ග්‍රහලෝක ඒ විශාල ආලෝකය හා සමානයි. ඒ, ග්‍රහලෝක තරුවලට වඩා විශාල නිසා නොව ඒවා පෘථිවියට ළඟින් පිහිටා තිබෙන නිසයි.

[17වන කොටුව/පිටුවේ පින්තූරය]

වර්ණ සැබෑද?

හබ්ල් දූරේක්ෂයට ස්තුතිවන්ත වෙන්න අභ්‍යාවකාශයේ ඇති මන්දාකිනි, නිහාරිකා සහ තරුවල මනස්කාන්ත දසුන් දැකගැනීමට හැකි වී තිබෙනවා. ඒවායේ වර්ණ සැබෑද? හබ්ල් දූරේක්ෂයෙන් ලබාගන්නේ කලු සුදු ඡායාරූපයි. නමුත් ඒවා වර්ණ පෙරහන් තුළින් යවා වර්ණවත් ඡායාරූප ලබාගන්නවා. නවීන තාක්ෂණය සහ විශේෂිත මෘදුකාංග ආධාරයෙන් ඒවාට වර්ණ යොදන්නේ ගගනගාමීන් හා ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් විසිනුයි. ඔවුන් ආකාශ වස්තුවල ස්වාභාවික වර්ණ ලෙස උපකල්පනය කරන වර්ණ ඒවාට ලබා දෙනවා. * තවත් අවස්ථාවලදී ගගනගාමීන් වුවමනාවෙන්ම වර්ණ වෙනස් කරනවා. එසේ කරන්නේ ඔවුන් අවධානය යොමු කරන ආකාශ වස්තුව උලුප්පා දැක්වීමටයි.

[පාදසටහන]

^ 21 ඡේ. රාත්‍රී අහසේ දීප්තියෙන් අඩු ආකාශ වස්තු දෙස දූරේක්ෂයකින් බලන විට ඒවා දැකගැනීමට හැකි වන්නේ අපේ ඇසේ ඇති යෂ්ටි සෛල ආධාරයෙනුයි. නමුත් ඒවාට වර්ණ හඳුනාගැනීමේ හැකියාව නැහැ.

[පින්තූර]

කලු සුදු ඡායාරූප

රතු

කොළ

නිල්

වර්ණ තුන සංයෝජනය කිරීමෙන් ලබාගන්නා ඡායාරූපය

[හිමිකම් විස්තර]

J. Hester and P. Scowen (AZ State Univ.), NASA

[16වන පිටුවේ පින්තූරය]

V838 මොනාසරස් තරුව

[16වන පිටුවේ පින්තූරය]

Arp 273 මන්දාකිනි

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

NASA, ESA, and the Hubble Heritage (STScI/​AURA) -ESA/​Hubble Collaboration

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

V838: NASA, ESA, and H. Bond (STScI); Arp 273: NASA, ESA, and the Hubble Heritage Team (STScI/​AURA)