Skip to content

පටුනට යන්න

යොවුන් සිතේ ගැටලු

බයිබලය අධ්‍යයනයෙන් සතුටක් ලබන්නේ කෙසේද?

බයිබලය අධ්‍යයනයෙන් සතුටක් ලබන්නේ කෙසේද?

බයිබලය අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත්ද?

බයිබලයේ සඳහන් දේවල් නිධානයක් හා සමානයි. ලොව වැඩියෙන්ම විකිණෙන එම පොතේ,

● සාර්ථක ජීවිතයකට අවශ්‍ය මඟ පෙන්වීම්

● අතීතය සහ අනාගතය ගැන

● ඔබව තේරුම්ගන්නත් යහපත් කෙනෙක් වීමටත් අවශ්‍ය මඟ පෙන්වීම් වැනි දේ තිබෙනවා. *

බයිබලය අධ්‍යයනය කිරීමට වෑයමක් දැරිය යුතු වුණත් ඉන් ලැබෙන ප්‍රයෝජන අතිවිශාලයි! සමහර යෞවනයන් ඒ සඳහා කරන දේවල් දැනගැනීමට ඔබ කැමතිද? එසේනම් ඊළඟ පිටු දෙක කපා පොතක් මෙන් සකස් කරගන්න. ඔබේ වයසේ පසු වන යෞවනයන් බයිබලය අධ්‍යයනය කිරීමේදී ඇති වූ බාධා ජය ගත් ආකාරය එහි සඳහන් වෙනවා.

“බයිබලය හැමෝටම ගැළපෙන පොතක්. ඒකේ තියෙන දේවල් ඉගෙනගෙන ඉවර කරන්න බැහැ. ඒකේ හුඟක් විෂයන් තියෙනවා.”—වැලරි. *

පිබිදෙව්! කලාපයේ පළ වන “යොවුන් සිතේ ගැටලු” යන ලිපි පෙළේ තවත් ලිපි අවශ්‍ය නම් www.pr418.com වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

[පාදසටහන්වල]

^ 7 ඡේ. බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඉහත සඳහන් දේවල් අත් කරගත හැකි ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වීමට හෝ පස්වන පිටුවේ සඳහන් ලිපිනයකට ලිවීමට ඔබට හැකියි.

^ 9 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[19, 20යන පිටුවල කොටුව/පින්තූර]

බයිබලය අධ්‍යයනය කරන්නේ කොහොමද?

ප්‍රශ්නය: පෙලඹීමක් නැහැ

“පැයක් විතර ඉඳගෙන බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න සමහර දවස්වලට මට හරි කම්මැළියි.”—ලීනා.

කළ යුතු දේ: ප්‍රයෝජනය සිතන්න

බයිබලය අධ්‍යයනය කිරීමෙන් සතුටක් ලැබීමට නම් ඉන් ලැබෙන ප්‍රයෝජන ගැන සිතා බැලිය යුතුයි. බයිබලය අධ්‍යයනය කිරීමෙන් දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න මට පුළුවන්ද? ලෝකයේ සිදු වන දේවල් ගැන මට ඇති අවබෝධය වැඩි වෙයිද? මම දියුණු විය යුතු පැති හඳුනාගන්න පුළුවන් වෙයිද?

“බයිබලය අධ්‍යයනය කරන එක පාසැලේ විෂයක් අධ්‍යයනය කරනවා වගේ හිතන්න එපා. ඒක ඇත්තටම අපේ හොඳම මිත්‍රයා වන යෙහෝවා දෙවිට ළං වෙන්න තියෙන හොඳ අවස්ථාවක් හැටියට සලකන්න.”—බෙතනි.

ඒ කාලය හරියට යෙහෝවා දෙවි එක්ක ඔයා තනියම කාලය ගත කරනවා වගේ. ඔයා කාත් එක්ක හරි ආශ්‍රය කරන්නේ අම්මලා තාත්තලා ඉද්දී විතරක් නම් එයා ඇත්තටම ඔයාගේ යාළුවෙක් කියලා කියන්න පුළුවන්ද? බැහැ. යෙහෝවා දෙවිව ඔයාගේ මිතුරෙක් කරගන්න නම් ඔයාම ඔහු ගැන තනියම ඉගෙනගන්න ඕනේ.”—බියාන්කා.

මතක තබාගන්න. “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්‍රයෝජනවත්ය.”—2 තිමෝති 3:16.

“මම නිතරම හිතන්නේ බයිබලය කියවීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැනයි. මට යම් පැතිවලින් දියුණු වෙන්න ඕනේ කියලා තේරෙද්දී මම කරන්නේ වැඩි වැඩියෙන් ඒක කියවන එකයි.”—මැක්ස්.

ටිකක් සිතන්න.

බයිබලය අධ්‍යයනය කිරීමට ඔබ තුළ පෙලඹීමක් ඇති කරන්නේ කුමක්ද?

ප්‍රශ්නය: කම්මැළිකම

“විනාඩි 10ක් විතර පාඩම් කරගෙන යද්දී මට හරි මහන්සියි. විනාඩි 20ක් යද්දී මට හිතෙනවා වෙන දෙයක් කළා නම් හොඳයි කියලා. විනාඩි 30ක් විතර පාඩම් කරද්දී මාර කම්මැළිකමක් දැනෙනවා.”—එලිසන්.

කළ යුතු දේ: නිර්මාණශීලී වන්න

ඔබ අධ්‍යයනය කරන්නේ කුමක්ද, කරන්නේ කොහොමද සහ තෝරාගන්නා ස්ථානය ගැන සිතා බලන්න.

“ඔයාට බයිබලය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැන පර්යේෂණය කරන්න කාලය ගන්න. ඔයා ප්‍රශ්නවලට උත්තර හොයාගත්තට පස්සේ ඔයාට සතුටක් සහ තෘප්තියක් දැනෙයි.”—රිචඩ්.

“ඔයා යම් සිද්ධියක් බයිබලයෙන් කියවද්දී ඔයත් එතන ඉන්නවා කියලා හිතන්න. ඒකේ ප්‍රධාන චරිතය ඔයා කියලා හරි නැත්නම් ඒ සිද්ධිය ඔයා බලාගෙන ඉන්නවා කියලා හරි හිතන්න.”—ස්ටීවන්.

“සතුටක් ඇති වෙන විදිහට අධ්‍යයනය කරන්න. ඔයාට පුළුවන් මිදුලට ගිහින් රස බීමක් බොන ගමන් අධ්‍යයනය කරන්න. මම නම් ආසයි අධ්‍යයනය කරද්දී පොඩි කෑමක් ළඟ තියාගන්න. කවුද ඒ වගේ ක්‍රමවලට අකමැති!”—ඇලෙක්සැන්ඩ්‍රා.

මතක තබාගන්න. කම්මැළිකම, සිතෙහි ඇති වන ආකල්පයක්. ඒ නිසා “ඉගෙනගන්න එක හරි කම්මැළි වැඩක්” කියා නොපවසා “මට කම්මැළිකමක් දැනෙනවා” කියා පවසන්න. අධ්‍යයනය කිරීම ගැන ඔබට තිබෙන වැරදි සිතුවිල්ල වෙනස් කරගැනීමට එය උපකාරවත් වෙයි. එවිට අධ්‍යයනය කිරීමට ඇති වන බාධා ජය ගැනීමට ඔබට හැකි වෙයි.—හිතෝපදේශ 2:10, 11.

“තනියම අධ්‍යයනය කරන එක කම්මැළි දෙයක් නෙමෙයි. ඒක කම්මැළිද නැද්ද කියලා තීරණය වෙන්නේ ඔයා ඒ ගැන දරන ආකල්පයෙනුයි.”—වෙනෙසා.

ටිකක් සිතන්න.

විවිධත්වයක් ඇතුව අධ්‍යයනය කරන්නේ කොහොමද?

ප්‍රශ්නය: වෙලාවක් නැහැ

“මම ආසයි වැඩි වෙලාවක් බයිබලය කියවන්න. ඒත් වැඩ වැඩි නිසා ඒකට කාලය හොයාගන්න හරිම අමාරුයි.”—මරියා.

කළ යුතු දේ: මුල් තැන දෙන්න

ඔබ වැඩිහිටියෙක් දක්වා වැඩෙන විට “වඩා වැදගත් දේවල් මොනවාද කියා” අවබෝධ කරගැනීමට ඉගෙනගන්න.—ෆිලිප්පි 1:10.

“මට තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිහ අම්මා මට ඉගැන්නුවා. මට බයිබලය අධ්‍යයනය කරන්න තිබුණු ආසාව වැඩි කරගත්තට පස්සේ මම කොහොම හරි ඒකට කාලය හොයාගත්තා.”—නාටාන්යා.

“මම ටිකක් ලොකු වෙද්දී අධ්‍යයනය කරන්න වෙනම කාලයක් වෙන් කරන්න ඕනේ කියලා මම ඉගෙනගත්තා. ඒක දිගටම කරගෙන යද්දී ඒකට බාධා කරන්න කිසිම දේකට ඉඩ දුන්නේ නැහැ.”—යොලැන්ඩා.

විනෝද වෙන්න කලින් අධ්‍යයනය වැඩකටයුතු කරලා ඉවර කළාම ලොකු සතුටක් දැනෙනවා. ඊටපස්සේ සැනසිල්ලෙන් විනෝද වෙන්නත් පුළුවන්.”—ඩියෑන්.

මතක තබාගන්න. ඔබ වැදගත් දේවලට මුල් තැන නොදුන්ණොත් ඔබේ කාලය නිකරුණේ නාස්ති වෙයි. ඒ නිසා අධ්‍යයනය කරන්න කාලය වෙන් කිරීම ඉතා වැදගත්.—එෆීස 5:15, 16.

“මම උසස් පෙළ පන්තියේ ඉන්න නිසා ලේසියෙන්ම වෙන වෙන දේවලට කාලය යොදවන්න පෙලඹෙනවා. ඒත් මම මගේ කාලසටහනේ බයිබලය අධ්‍යයනය කරන්න දාලා තියෙන කාලය වෙන කිසිම දේකට දෙන්නේ නැහැ.”—ජෝර්ඩන්.

ටිකක් සිතන්න.

අධ්‍යයනය කිරීමට ඔබ කාලය වෙන් කර තිබෙන්නේ කොහොමද?

[19වන පිටුවේ කොටුව/පින්තූර]

ඔබේ මිතුරන් පවසන දේ

සාකරි—ඔයාගේ අම්මා තාත්තා හරි වෙනත් අය හරි අධ්‍යයනය කරන දේවල්ම ඔයත් කරන්න එපා. ඔයා ඉගෙනගන්න ආස දේ ඔයාම තෝරගන්න.

කාලි—මුලින්ම විනාඩි පහක් වගේ පොඩි වේලාවක් ගන්න. හැබැයි හැමදාම ඒක කරන්න. ඊටපස්සේ විනාඩි 10ක් 15ක් වගේ වේලාවක් ගන්න. අන්තිමට ඔයාම ඒකෙන් ලොකු සතුටක් ලබයි.

ඩැනියෙලා—පුංචි දේවලින් පවා ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්. පාටවල් කිහිපයකින් පෑන් ටිකක්, ලස්සන සටහන් පොතක් තියාගන්නවා නම් අධ්‍යයනය කරන්න ආසාවක් ඇති වෙනවා.

ජෝඩන්—මම ආස කරන විෂයක් තෝරගත්තම මම ඒක ආසාවෙන් අධ්‍යයනය කරනවා. ඒ වගේම මට නිස්කලංක පරිසරයක් තියෙන්නත් ඕනේ.

[18වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

කපන්න

නවන්න