Skip to content

පටුනට යන්න

“මේ පොත නම් විශිෂ්ටයි!”

“මේ පොත නම් විශිෂ්ටයි!”

“මේ පොත නම් විශිෂ්ටයි!”

● යේසුස් මේ පොළොවේ ගත කළ ජීවිතය ගැන, ඔහුගේ ප්‍රබල ඉගැන්වීම් සහ උපමා ගැන කියවා දැනගන්න ඔබ කැමතිද? එසේනම් මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොත කියවන්න කියා අප ආරාධනා කරනවා.

මේ පොත පිළිබඳව එක් පාඨකයෙක් මෙසේ පැවසුවා. “අපේ ස්වාමීන් වන යේසුස් මේ පොළොවේ ජීවත් වුණ විදිහ හුඟක් සරලව හා ආකර්ෂණීය විදිහට මේකේ ලියලා තියෙනවා. මේ පොත නම් විශිෂ්ටයි!”

මෙම පොතේ යේසුස්ගේ ජීවිතය පිළිබඳ සිදුවීම් නිසි පිළිවෙළට සටහන් කිරීමට උපරිම උත්සාහයක් දරා තිබෙනවා. එහි තොරතුරු රැගෙන තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු මතෙව්, මාක්, ලූක් සහ යොහන් යන සුවිශේෂ වාර්තාවලිනුයි. ඔවුන් යේසුස් සමඟ සමීපව කටයුතු කළ අයයි. මතෙව් සහ යොහන් යේසුස්ගේ නියෝජිතයන් වූ අතර යේසුස් සමඟ ගමින් ගමට ගොස් දේශනා කළා. මාක් යේසුස්ගේ නියෝජිතයෙක් වූ පේතෘස්ගේ සමීප මිත්‍රයෙක්. වෛද්‍යවරයෙක් වූ ලූක් යේසුස්ගේ නියෝජිතයෙක් වූ පාවුල්ගේ සමීපතම මිත්‍රයෙක්.

මෙහි පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.