Skip to content

පටුනට යන්න

කාන්තියෙන් දිදුලන සමනල තටුව

කාන්තියෙන් දිදුලන සමනල තටුව

නිර්මාණයක්ද?

කාන්තියෙන් දිදුලන සමනල තටුව

● සමහර සමනලුන්ගේ තටුවේ වර්ණය අපි බලන දිශාව අනුව වෙනස් වෙනවා. එක්තරා සමනල වර්ගයකට අයත් සමනලයෙකුගේ තටුවෙන් කොතරම් දීප්තිමත් කාන්තියක් දිස් වෙනවාද කියනවා නම් මීටර් 805ක් තරම් දුරින් සිටින කෙනෙකුට පවා එය දැකගත හැකියි. සමනල තටුවලට මේ තරම් දිදුලන වර්ණ ලැබුණේ කෙසේද?

මේ ගැන සිතන්න: පින්තූරයේ දැක්වෙන ලෙස පැපිලියෝ බ්ලූමේ කුලයට අයත් සමනලුන්ගේ තටුවේ ඉතාමත් සියුම් නෙරීම් රාශියක් තිබෙනවා. ඒ මත ආලෝකය වැටෙන විට ඒ ආලෝකය විවිධාකාරයෙන් පරාවර්තනය වෙනවා. උදාහරණයකට නෙරීමේ මැදට ආලෝකය වැටුණු විට ඉන් දිස් වෙන්නේ කහ සහ කොළ වර්ණයයි. ඊට හේතුව මැදට වැටෙන ආලෝකය කෙළින්ම පරාවර්තනය වීමයි. ඒත් නෙරීමේ දෙපැත්තට ආලෝකය වැටුණු විට ඉන් දිස් වන්නේ නිල් වර්ණයයි. ඊට හේතුව එම ආලෝකය තවත් පෘෂ්ඨ රාශියක වැදී පරාවර්තනය වීමයි. එම ආලෝකය ඉතාමත් දීප්තිමත්. අවසානයේදී මේ සියලු වර්ණයන් එකට එකතු වී අපේ නෙතට දැකුම්කලු වර්ණයක් දිස් වෙයි.

සමනල තටුවේ මතුපිට අනුකරණය කරමින් ඒ හා සමාන නිර්මාණයක් කිරීමට පර්යේෂකයන්ට වසර දහයක පමණ කාලයක් ගත වුණා. නමුත් එය සමනල තටුව තරම් විශිෂ්ට ගණයේ එකක් නොවෙයි. පර්යේෂකයන් පවසන්නේ ඒ තාක්ෂණය යොදාගනිමින් ක්‍රෙඩිට් කාඩ්පත්, මුදල් නෝට්ටු මෙන්ම සූර්යකෝෂ වඩාත් සුපිරි ලෙස නිර්මාණය කළ හැකි බවයි. නමුත් අනුකරණය කිරීම පහසු කාර්යයක් නොවෙයි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උල්රික් ස්ටේනර් මෙසේ පවසනවා. “ආලෝකය ගැන විද්‍යාඥයන් බොහෝ දේ සොයාගෙන තිබුණත් ස්වභාවික පරිසරයේ තිබෙන විවිධ වර්ණ නව තාක්ෂණික ක්‍රමවලින් නිපදවීමට හැකි වී නැහැ.”

ඔබේ නිගමනය කුමක්ද? සමනල තටුවේ මතුපිට එසේ සැකසුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?

[24වන පිටුවේ පින්තූරය]

පැපිලියෝ බ්ලූමේ කුලයට අයත් සමනලයෙක්

[24වන පිටුවේ පින්තූරය]

අන්වීක්ෂයකින් සමනල තටුව පෙනෙන අයුරු

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Butterfly: Faunia, Madrid; microscopic view: © Eye of Science/​Photo Researchers, Inc.