Skip to content

පටුනට යන්න

අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?

අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?

අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?

ඉතිහාසය පුරාම මිනිසුන් මිලියන ගණන් දෙනා දුක් විඳ තිබෙනවා. වද හිංසා විඳ මිය ගොස් තිබෙනවා. ඒ නිසා බොහෝදෙනෙක් සිතන්නේ ‘අපි ගැන සලකන දෙවි කෙනෙක් ඉන්නවා නම් මිනිසුන් මෙච්චර දුක් විඳින්නේ නැහැ’ කියායි. සමහරුන්ට මෙවැනි ප්‍රශ්නයක් මතු වෙනවා. “අවශ්‍ය වෙලාවට දෙවියන් අපි ලඟ නැත්තේ ඇයි?”

ජීවීන්ගේ පුදුමාකාර සැකැස්ම හා අවට නිර්මාණ දෙස බලන විට අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවා කියා විශ්වාස කිරීමට ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. නමුත් අපි ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවා නම් අපිට මෙතරම් දුක් විඳින්න ඉඩහරින්නේ ඇයි?

එම ප්‍රශ්නයට පිළිතුර දැනගැනීම සඳහා අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද? යන සඟරාවේ පිටපතක් ලබාගන්නා ලෙස අප ඔබට ඇරයුම් කරනවා. “දුක් වේදනාවලට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි” සහ “දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵල” යන කොටස් දෙකෙන් එම ප්‍රශ්නයට සෑහීම ගෙන දෙන පිළිතුරු ඔබට ලැබෙන බව අපට විශ්වාසයි.

මෙහි පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගැනීමට කැමතියි.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.