Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

හස්තියාගේ හොඬවැල

හස්තියාගේ හොඬවැල

● නම්‍යශීලී සහ කාර්යක්ෂමතාවෙන් වැඩි රොබෝ අතක් නිපදවීමට පර්යේෂකයන් සමත් වී සිටිනවා. මෙම රොබෝ අත නිපදවා තිබෙන්නේ යන්ත්‍ර උපකරණ නිපදවීමේ සමාගමක් විසිනුයි. එහි ප්‍රධානියා පවසන්නේ “දැනට කාර්මික ක්ෂේත්‍රයේ නිපදවා ඇති විශිෂ්ටතම නිර්මාණය මෙය” බවයි. එවැනි නිර්මාණයක් කිරීමට අදහසක් පහළ වුණේ “අලියාගේ හොඬවැලේ සැකැස්ම” කියා ඔහු පවසනවා.

මේ ගැන සිතන්න: කිලෝග්‍රෑම් 140ක් පමණ බර අලියාගේ හොඬවැල තරම් “බහු කාර්යයන් සිදු කරන අවයවයක් මිහිමත තවත් නැහැ.” එය හුස්ම ගැනීමටත්, දිය ඇදගැනීමටත් අතකින් කරන කාර්යයන් කරගැනීමටත් උපකාරී වෙයි. පරිසරයම දෙවනත් කරවන තරම් ප්‍රබල හඬක් නැඟීමටත් එයට හැකියි.

ඕනෑම අතකට නැමිය හැකි අතිශයින් නම්‍යශීලී අලියාගේ හොඬය සෑදී ඇත්තේ පේශි 40,000ක් පමණ ප්‍රමාණයකින්. ඉන් කුඩා කාසියක් අහුලාගැනීමටත් කිලෝග්‍රෑම් 270ක් තරම් විශාල බරක් එසවීමටත් හැකියි.

පර්යේෂකයන් පවසන්නේ අලියාගේ හොඬවැල අනුකරණය කර නිවාසවල හා කර්මාන්ත ශාලාවල කාර්යයන් සඳහා සුපිරි ගණයේ රොබෝ යන්ත්‍ර නිපදවීමට හැකි බවයි. “අපි සාදා තියෙන රොබෝ අත අනික් රොබෝ යන්ත්‍රවලට වඩා හාත්පසින්ම වෙනස්. ඒ වගේම දියුණුයි. අනතුරකින් තොරව කාර්යක්ෂම වැඩ කළ හැකි එවැනි යන්ත්‍රයක් නිපදවා තිබෙන පළමු අවස්ථාව මෙයයි.” එසේ පැවසුවේ එම සමාගමේ නිලධාරියෙක් විසිනුයි.

ඔබේ නිගමනය කුමක්ද? අලියාගේ හොඬවැල ඇති වුණේ අහම්බෙන්ද? නැත්නම් එය බුද්ධිමත් කෙනෙකුගේ නිර්මාණයක්ද?