Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

ඔවුන්ව අත් නොහරිමු! (2011 ජූලි) මම වැඩ කරන්නේ සමාජ සේවා ආයතනයක. මරණාසන්න රෝගීන්ව බලාගන්නා ආකාරය ගැන මම පුහුණුවක් ලබා තියෙනවා. වර්ෂ 2011 ජූලි පිබිදෙව්! කලාපයේ තිබූ තොරතුරු සත්‍යයයි. මේ කාලයේ එවැනි රෝගීන්ව බලාගන්නේ කොහොමද කියලා දැනුවත් වීම ඉතා වැදගත්. දේවපාලනය යටතේ කිසි වැසියෙක් “මා ලෙඩින්” කියලා නොකියන කාලය එනකල් මම ආසාවෙන් බලා සිටිනවා.—යෙසායා 33:24; එළිදරව් 21:3, 4.

ඉතාලියේ එම්. ආර්.

තයිරොයිඩ් ග්‍රන්ථිය ගැන ඔබ දත යුතු දේ (2009 මැයි) මේ වගේ ලිපියක් පළ කිරීම ගැන හුඟක් ස්තුතියි. මගේ උගුරේ අමාරුවක් තියෙනවා කියලා මට දැනුණා. නමුත් මම ඒක ගණන් ගත්තේ නැහැ. මේ ලිපිය කියෙව්වට පස්සේ මම වෛද්‍යවරයෙක් හමු වෙන්න ගියා. මට ග්‍රේව් රෝගය තියෙනවා කියලා සොයාගත්තා. රෝගයේ මුල් අවදිය නිසා මම බේරුණා. ඔබට ස්තුතියි.

ජපානයේ ටී. කේ.

විශ්වාස කළ හැකි පොතක් (1-7 දක්වා කොටස්) (2010 නොවැම්බර් සිට 2011 මැයි දක්වා) බයිබල් ඉතිහාසයේ සඳහන් ලෝක අධිරාජ්‍යයන් ගැන හොඳින් ගවේෂණය කර ලියා තිබුණු ඒ ලිපිවලට බොහොම ස්තුතියි. මෙම තොරතුරු සියල්ල එකතු කර මාසික නොවන සඟරාවක් ලෙස ප්‍රකාශයට පත් කරනවා නම් එය ගොඩක් අගය කරනවා. එම අනාවැකි පැවසූ බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවි කෙරෙහි ලොකු ගෞරවයක් හා භක්තියක් ඇති කිරීමට එම ලිපිවලට හැකි බව නිසැකයි.

එක්සත් ජනපදයේ ජී. එච්.

යෟවන අය අසති . . . අන්තර්ජාලය හරහා මිතුරුකම් පැවැත්වීම භයානකද? (2011 ජූලි) මෙවැනි ලිපියක් පළ කිරීම ගැන බොහොම ස්තුතියි. මගේ වයස 26යි. මමත් මිතුරු සමාජ වෙබ් පිටුවක් ආරම්භ කරන්නයි හිටියේ. ඒ මට යාළුවෝ වැඩි කරගන්න ඕනේ නිසා නෙවෙයි අනික් අය බල කරපු නිසයි. මිතුරු සමාජ වෙබ් අඩවියක් නැතුවත් යාළුවෝ ඇති කරගන්න පුළුවන් කියලා මම මේ ලිපියෙන් දැනගත්තා. ඒ ලිපිය මට ගොඩක් උපකාරවත් වුණා.

පිලිපීනයේ එම්. පී.

මම මේ ලිපිය දැකපු ගමන්ම හිතුවේ මිතුරු සමාජ වෙබ් අඩවි ගැන වැරදි කියයි කියලා. ඒත් මේ ලිපියේ හොඳ හා නරක යන පැති දෙකම පෙන්නලා තිබුණා. ඒ වගේම මිතුරු සමාජ වෙබ් අඩවිවල ඇති භයානක පැතිත් පෙන්නලා තිබුණා. පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කාරණා පිළිබඳව සඳහන් උපදෙස් මගේ හිතට හුඟක් කාවැදුණා.

එක්සත් ජනපදයේ සී. ඩබ්ලිව්.

ප්‍රීතිමත් පවුල් ජීවිතයකට මඟ පෙන්වීම් (2009 ඔක්තෝබර්) මෙම විශේෂ කලාපය අපේ පවුලට හුඟක් ප්‍රයෝජනවත් වුණා. එක් එක් පියවර සමඟ “මෙය අත්හදා බලන්න” යන කොටුව මම ආසාවෙන් කියෙව්වා. එම කොටුවේ තිබුණු යෝජනා අපි දැනටමත් අදාළ කරගෙන තියෙනවා.

කොරියාවේ එච්. එච්.

පවුලේ සැමට මෙම අංගයට හුඟක් ස්තුතියි. අපේ දුවට අවුරුදු හයයි. පින්තූර පාට කරන්නත් සිඟිති ඔබට වැඩක් යන කොටසේ තියෙන පින්තූර හොයන්නත් එයා හරි ආසයි. පුංචි කාලේදීම දරුවන්ට ඉගැන්වීමේ ඇති වැදගත්කම දෙමාපියන්ට මෙම ලිපිවලින් කාවද්දනවා. දරුවන් වෙනුවෙන් ඔබ කරන මෙම සේවය අපි හුඟක් අගය කරනවා.

පෝලන්තයේ එම්. පී.