Skip to content

පටුනට යන්න

යොවුන් සිතේ ගැටලු

අපි නිකම්ම යාළුවෝ විතරද? 1වෙනි කොටස

අපි නිකම්ම යාළුවෝ විතරද? 1වෙනි කොටස

ඒ මාතෘකාව කියවනකොට ඔයාට කාව හරි මතක් වෙනවද?

ඔව් නැහැ

↓ ↓

එහෙමනම් මේ ලිපියේ ඒත් මේ තොරතුරු කියවන්න.

තොරතුරු ඔයාට එතකොට ඔයාට විරුද්ධ ලිංගයේ

හුඟක් වැදගත් වෙයි. අය එක්ක ඇති වෙන ප්‍රශ්න අඩු

කරගන්න පුළුවන්.

පහත සඳහන් අදහස ඇත්තද, බොරුද?

මම බඳින වයසට එනකල් විරුද්ධ ලිංගයේ කෙනෙකුව කිට්ටුවෙන් ආශ්‍රය කරන්නේ නැහැ.

..... ඇත්ත ...... බොරු

මේ ගැන හිතන්න: යේසුස්ට විවාහ වෙන්න අදහසක් තිබුණේ නැහැ. ඒත් යේසුස්ට හොඳ මිතුරියන් සිටියා. (මතෙව් 12:46-50; ලූක් 8:1-3) තිමෝතිත් ඒ වගේ කෙනෙක්. එයා තනිකඩයෙක්ව ඉන්න කාලයේදී පාවුල් මේ වගේ උපදෙසක් දුන්නා. ‘තරුණියන්ව පවිත්‍ර සිතින් තම සහෝදරියන් මෙන් සලකන්න.’—1 තිමෝති 5:1, 2.

තිමෝති හුඟක් ක්‍රිස්තියානි සභාවල සේවය කරපු නිසා තරුණියන් එක්කත් ආශ්‍රය කරන්න වෙන බව පාවුල් දැනගෙන ඉන්න ඇති. (මාක් 10:29, 30) තිමෝති එහෙම ආශ්‍රය කරපු එක වැරදිද? නැහැ. ඒත් ඒ වෙනකොට ඔහුට විවාහ වෙන්න අදහසක් තිබුණේ නැති නිසා යම් සීමාවන් තියාගන්න අවශ්‍ය වුණා. ඒ වගේ සීමාවන් තියාගත්ත නිසා අනික් අයගේ හැඟීම් එක්ක සෙල්ලම් නොකර ඉන්නත් ඒ අයට වේදනාවක් නොදී ඉන්නත් තිමෝතිට පුළුවන් වුණා.—ලූක් 6:31.

ඔයා විවාහ වෙන්න සූදානම්ද?

ඔව් නම් විරුද්ධ ලිංගයේ අයව ආශ්‍රය කිරීමෙන් විවාහයට සුදුසු කෙනෙකුව සොයාගන්න ඔයාට පුළුවන් වෙයි.—හිතෝපදේශ 18:22; 31:10.

නැහැ නම් යම් සීමා තියාගන්න වෙයි. (යෙරෙමියා 17:9) කියන්න ලේසි වුණත් කරන්න ටිකක් අමාරුයි. ඒක 18 හැවිරිදි නෙයා කියන දෙයින් තේරුම්ගන්න පුළුවන්. * “පිරිමි ළමයි එක්ක නිකම්ම යාළුකමක් තියාගන්න එක අමාරුයි. සීමාව තියාගන්නේ කොතනද කියලා තේරුම්ගන්න එක ලේසි නැහැ.”

සීමාවන් තියාගන්න ඕනේ ඇයි? එහෙම කළේ නැත්නම් ඔයාගේ හිත හරි වෙන කෙනෙකුගේ හිත හරි රිදෙන්න පුළුවන්. ඒ කොහොමද කියලා බලමු.

ඇත්ත තත්වය: ඔයාට සම්බන්ධයක් පටන්ගන්න අවශ්‍යතාවක් නැතුව කෙනෙකුව කිට්ටුවෙන් ආශ්‍රය කළොත් අනික් කෙනාගේ හිත රිදෙයි. “මට දෙසැරයක්ම එහෙම වුණා. එක පාරක් මට පිරිමි ළමයෙක් ගැන අදහසක් ඇති වුණා. ඒත් එයාට එහෙම අදහසක් තිබුණේ නැහැ. අනික් වතාවෙදී පිරිමි ළමයෙකුට මං ගැන අදහසක් ඇති වුණා. ඒත් මට එහෙම අදහසක් එයා ගැන ඇති වුණේ නැහැ. ඒකෙන් වුණේ අපි දෙන්නගෙම හිත රිදුණ එක විතරයි. අදටත් මට ඒක අමතක කරන්න බැහැ.” එසේ පැවසුවේ 19 හැවිරිදි කෙලී.

සිතා බලන්න:

විරුද්ධ ලිංගයේ අයව ඔයාට ආශ්‍රය කරන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද? මඟහරින්න ඕනේ මොන වගේ අවස්ථාද?

නිතර නිතර එකම කෙනා සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කිරීම ඥානවන්ත නොවන්නේ ඇයි? ඒක අනික් කෙනාට කොහොම බලපායිද? ඒක ඔයාට බලපාන්නේ කොහොමද?

“‘එයා මගේ සහෝදරයෙක් වගේ, එයා මට යාළුවෙක් විතරයි’ වගේ දේවල් හිතලා සමහර වෙලාවට මම මාවම රවට්ටගන්නවා. ඒත් එයා ගිහින් වෙන ගෑනු ළමයෙක් එක්ක කතා කරද්දී මට දුක හිතෙනවා.”—ඩෙනිස්.

බයිබලයේ සඳහන් දේ: “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝපදේශ 22:3.

ඇත්ත තත්වය: ඔයාට සම්බන්ධයක් පටන්ගන්න අවශ්‍යතාවක් නැතුව කෙනෙකුව කිට්ටුවෙන් ආශ්‍රය කළොත් හොඳ මිතුරෙක් ඔයාට නැති වෙයි. දහසය හැවිරිදි කේටිගේ අද්දැකීම බලන්න. “පිරිමි ළමයෙකුයි මායි SMS යවාගත්තා. ටික දවසක් යනකොට එයාට මං ගැන ආදරයක් ඇති වෙලා. ඊටපස්සේ හැමදාම SMS එවන්න පටන්ගත්තා. ඉතිං මමත් යැව්වා. දවසක් එයා කිව්වා මට කැමතියි කියලා. ඒත් මට ඒ වගේ අදහසක් නැහැ කියලා කිව්වට පස්සේ එයා මාත් එක්ක කතා කරන එක අඩු කළා. දැන් අපි අතර ඉස්සර තරම් යාළුකමක් නැහැ.”

සිතා බලන්න:

කේටිගේ සිදුවීමේදී හිත රිදුණේ කාගෙද? ඒ ඇයි? ඒ වගේ දෙයක් සිදු නොවෙන්න නම් දෙන්නම කරන්න තිබුණේ මොකක්ද?

SMS හුවමාරු කරගැනීමේදී අනික් කෙනා නිකම්ම යාළුකමකට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා දැනගන්නේ කොහොමද?

“පිරිමි ළමයි හොඳ යාළුවෝ හැටියට ආශ්‍රය කරන්න මම කැමතියි. ඒත් ඒ යාළුකමට වඩා වැඩි දෙයකට මම ආස නැහැ.”—ලෝරා.

බයිබලයේ සඳහන් දේ: “සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15.

නිගමනය: විරුද්ධ ලිංගයේ අය එක්ක ආශ්‍රය කරන එක වැරදි නැහැ. ඒත් විවාහ වෙන්න අදහසක් නැත්නම් සීමාවන් තියාගන්න.

“යොවුන් සිතේ ගැටලු” ඊළඟ ලිපියේ සාකච්ඡා කරන්නේ

විවාහ වීමේ අරමුණක් නැතුව කිට්ටු ඇසුරක් පැවැත්වීමෙන් ඔබේ නමට සිදු වන හානිය ගැනයි.

පිබිදෙව්! කලාපයේ පළ වන “යොවුන් සිතේ ගැටලු” යන ලිපි පෙළේ තවත් ලිපි අවශ්‍ය නම් www.pr418.com වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

[පාදසටහන]

^ 14 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[16වන පිටුවේ කොටුව/පින්තූරය]

ඔයා නම් මොනවද කරන්නේ?

සැබෑ අද්දැකීමක්: “හුඟක් දුර ප්‍රදේශයක ජීවත් වෙන පිරිමි ළමයෙකුට සතියකට සැරයක් වගේ මම SMS යැව්වා. මට එයත් එක්ක සම්බන්ධයක් පටන්ගන්න කිසිම අදහසක් තිබුණේ නැහැ. එයාටත් මං ගැන එහෙම අදහසක් ඇති කියලා මම හිතුවේ නැහැ. එක දවසක් මේ විදිහේ SMS එකක් එයාගෙන් ආවා. ‘හායි ලව්! මට හැම තිස්සේම ඔයාව මතක් වෙනවා.’ මම ගැස්සුණා! මං එයාව සැලකුවේ යාළුවෙක් හැටියට කියලා මං කිව්වා. ‘ආ, කමක් නැහැ’ කියලා එයා මට SMS එකක් එවලා තිබුණා. ඒක තමයි එයාගෙන් මට ලැබුණ අන්තිම SMS එක.”—ජෙනට්.

● ඔයා සම්බන්ධයක් පටන්ගන්න සූදානම් නැත්නම් ජෙනට්ට ලැබුණ විදිහේ SMS පණිවිඩයක් ලැබුණොත් ඔයා මොනවද කරන්නේ?

● ඔයා පිරිමි ළමයෙක් නම් ඔයා හිතනවද ජෙනට්ට යවපු SMS එකේ වරදක් නැහැ කියලා? ඒ ඇයි?

● ඔයාට හැඟෙන දේ මූණ බලාගෙන කියනවාට වඩා SMS එකකින් කියන එක ලේසියි කියලා ඔයා හිතනවද? ඒ ඇයි?

[17වන පිටුවේ කොටුව]

දෙමාපියන්ගෙන් අසන්න

මේ ලිපියේ ඔයාට හිතන්න දීලා තිබුණ ප්‍රශ්න අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහන්න. එයාලා දෙන උත්තර ඔයාගේ උත්තරවලට වඩා වෙනස්ද කියලා බලන්න. ඒ උත්තරවලින් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවද?—හිතෝපදේශ 11:14.

[17වන පිටුවේ කොටුව/පින්තූරය]

යෞවනයන් පවසන දේ

ජොෂුවාඑක් කෙනෙක් එක්ක ඕනෑවට වඩා කාලය ගත කරනවා නම් දන්නෙම නැතුව එයාට ළං වෙනවා.

නටාෂා—ඔයාට ඕන් නිකම්ම යාළුවෝ වගේ ආශ්‍රය කරන්න වුණත් එකම කෙනා එක්ක ඕනෑවට වඩා කාලය ගත කළොත් වෙන්නේ දෙන්නටම හරි, දෙන්නගෙන් එක් කෙනෙක්ට හරි ආදරයක් ඇති වෙන එකයි.

කෙල්සියාළුවෝ වගේ ආශ්‍රය කරන්න පටන්ගත්තත් වැඩි කාලයක් එයා එක්ක ගත කරද්දී ඒ යාළුකම ආදරයකට පෙරළෙන්න පුළුවන්. යාළුවෝ වගේ ආශ්‍රය කරන්න බැරිකමක් නැහැ. හැබැයි අවබෝධයෙන් කරන්න ඕනේ.

[16වන පිටුවේ පින්තූරය]

විවාහ වෙන්න අදහසක් නැතුව කිට්ටු ඇසුරක් පැවැත්වීමෙන් සිදු වෙන්නේ විශාල අනතුරක්