Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

එළිය විහිදුවන මුහුදු ගොළුබෙල්ලා

එළිය විහිදුවන මුහුදු ගොළුබෙල්ලා

● බොහෝ මුහුදු ජීවීන්ට එළිය විහිදුවීමේ හැකියාව තිබෙනවා. ඒත් ක්ලස්ටර්වින්ක් (clusterwink) නම් මුහුදු ගොළුබෙල්ලාට තිබෙන ඒ හැකියාව සුවිශේෂයි. කකුළුවෝ වැනි සතුරන්ගෙන් ආරක්ෂා වීමට මෙම ගොළුබෙල්ලා උගේ කටුව තුළට රිංගාගෙන දීප්තිමත් ආලෝකයක් විහිදුවා සතුරාව බිය ගන්වනවා. ඌ කටුව හරහා ආලෝකය එතරම් දීප්තිමත්ව විහිදුවන්නේ කොහොමද?

මේ ගැන සිතන්න: සාමාන්‍යයෙන් සතෙකුගේ කටුවක් හරහා ආලෝකය විහිදෙන්නේ නැහැ. නමුත් මෙම ගොළුබෙල්ලාගේ කටුව තුළින් ආලෝකය පිටතට විහිදෙනවා. එය සිදු වන්නේ කෙසේද කියා ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ස්ක්‍රිප්ට්ස් ආයතනයේ සේවය කරන සාගර විද්‍යාඥයන් දෙදෙනෙක් වන ඩිමිත්‍රි ඩෙහන් සහ නෙරිඩා විල්සන් පැහැදිලි කරනවා. මෙම ගොළුබෙල්ලා නිපදවන ආලෝකය කටුවේ එක් තැනකට නොව කටුව පුරාම විහිදෙනවා. එම ආලෝකය මිලිමීටර් 0.5ක් තරම් ගනකම් කටුව හරහා ගියත් එය දීප්තිමත්. එවැනි ගනකමක් ඇති යමක් හරහා මිනිසුන් විසින් ආලෝකය විහිදුවන්න උත්සාහ කරනවා කියා සිතන්න. එවිට එයින් නිකුත් වන ආලෝකයට වඩා මෙම ගොළුබෙල්ලා නිපදවන ආලෝකයේ දීප්තිය දස ගුණයකින් වැඩියි. ඒ වගේම ආලෝකය කටුවෙන් පිටතට විහිදෙන පරාසයද අට ගුණයකින් වැඩියි. එළිය විහිදුවිය හැකි මුහුදු ජීවීන්ගෙන් දීප්තිමත් ආලෝකයක් විහිදුවන්නේ මෙම ගොළුබෙල්ලා පමණයි. මුහුදු ජලය හරහා ඈතට ගමන් කරන්නෙත් මෙම ගොළුබෙල්ලා විහිදුවන ආලෝකය පමණයි.

වෛද්‍ය ඩෙහන් පවසන්නේ මෙම ගොළුබෙල්ලා ගැන අධ්‍යයනය කිරීමෙන් ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි ආකාරය සොයාගත හැකි බවයි. ඒ විතරක් නොව ආලෝකය යොදාගෙන වෛද්‍ය ක්ෂේත්‍රයේ කෙරෙන පරීක්ෂණ හා ප්‍රතිකාර පවා දියුණු කරගත හැකි බවයි. කුඩා ආලෝකයකින් උපරිම ප්‍රයෝජන ගත හැකි නම් ඒවා නිපදවීමට අවශ්‍ය වන්නේ අඩු ශක්ති ප්‍රභවයක්.

ඔබේ නිගමනය කුමක්ද? මෙම ගොළුබෙල්ලාගේ කටුව ඇති වුණේ අහම්බෙන්ද? නැත්නම් එය නිර්මාණයක්ද?

[18වන පිටුවේ පින්තූරය]

විශාල කර දක්වා ඇති ගොළුබෙල්ලෙක්

[18වන පිටුවේ පින්තූරය]

ගොළුබෙල්ලා ආලෝකය විහිදුවන විට

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Left: www.robastra.com; center and right: Courtesy of Dr. D. Deheyn, Scripps Institution of Oceanography, UC San Diego