Skip to content

පටුනට යන්න

ඔබ ගන්නා ආහාර සෞඛ්‍යාරක්ෂිතද?

ඔබ ගන්නා ආහාර සෞඛ්‍යාරක්ෂිතද?

ඔබ ගන්නා ආහාර සෞඛ්‍යාරක්ෂිතද?

“ඊ-කෝලි බැක්ටීරියාව නිසා ජර්මනියේ පාසැල් වැසෙයි.”—ජර්මනියේ REUTERS NEWS SERVICE.

“සැල්මොනෙල්ලා බැක්ටීරියාව ප්‍රාන්ත පහක පැතිරෙයි.”—එක්සත් ජනපදයේ USA TODAY.

“විකිරණවලට නිරාවරණය වූ තණකොළ කෑ ගවයන් හයදෙනෙකුගේ මස් ප්‍රදේශ නවයකට බෙදාහැර තිබේ.”—ජපානයේ THE MAINICHI DAILY NEWS.

පසුගිය වසරේ සති දෙකක් තරම් කෙටි කාලයක් තුළ පුවත්පත් කිහිපයක ශීර්ෂපාඨ වූයේ ඒවායි. සංවර්ධිත රටවල සෑම වසරකම සියයට 30ක් පමණ ජනයා ආහාර නිසා රෝගාතුර වන බව පර්යේෂකයන් පවසයි.

එවැනි වාර්තා අසන විට තමන්ට හැඟෙන දේ ගැන හොං කොංහි වෙසෙන පියෙක් මෙසේ පැවසුවා. “මට නං පුදුම කේන්තියක් ඇති වෙන්නේ. මටත් දරුවෝ දෙන්නෙක් ඉන්න නිසා එයාලා කන කෑම හදන්නේ කොහොමද, ගේන්නේ කොහෙන්ද කියලා මම හොයලා බලනවා.”

දිලිඳු රටවල වසරකට මිලියන ගණන් ජනයා ආහාර හා ජලය නිසා ඇති වන රෝගවලින් මිය යනවා. මෙයින් වැඩි පිරිසක් දරුවන්. නයිජීරියාවෙහි බෝලා නමැති මව මෙසේ පවසනවා. “වෙළඳපොළේ තියෙන කෑම අව්වට වේළෙනවා, වැස්සට තෙමෙනවා, දූවිලි වැදෙනවා, මැස්සෝ වහනවා. කෑම නිසා ඇති වෙන ලෙඩ ගැන අහනකොට මට භයත් හිතෙනවා.”

ආහාරවල ප්‍රමිතිය ගැන සොයා බලන කැනඩාවේ ආයතනයක් මෙසේ වාර්තා කරනවා. “පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළඳපොළට පැමිණියොත් ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. ඒත් අපේ මුළුතැන්ගෙයි ආහාර පිසින ආකාරය ගැන සැලකිලිමත් නොවුණොත් ඒවාත් නුසුදුසු ආහාර බවට පත් විය හැකියි.”

ආහාර නිසා ඇති වන රෝගවලින් අපේ පවුල ආරක්ෂා කරගැනීමට ගත හැකි පියවර හතරක් ගැන අපි දැන් සලකා බලමු.

[3වන පිටුවේ පින්තූරය]

වැඩි අවදානමක් තිබෙන්නේ කාටද?

● අවුරුදු පහට අඩු දරුවන්ට

● ගැබිනි මව්වරුන්ට

● අවුරුදු 70වට වඩා වැඩි අයට

● ප්‍රතිශක්තිය අඩු අයට

ඔබ හෝ ඔබ සමඟ ආහාර ගන්නා කෙනෙකු ඉහත සඳහන් කාණ්ඩයකට අයත් වෙනවා නම් ආහාර පිළියෙල කිරීමේදී, පිළිගැන්වීමේදී හා අනුභව කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.

[හිමිකම් විස්තරය]

මූලාශ්‍රය: ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි ආහාර අධිකාරිය.