Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“වර්ෂ 1999දී බිලියන හයක්ව තිබූ” ලෝක ජනගහනය 2011 වන විට බිලියන හතක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.—HARVARD SCHOOL OF PUBLIC HEALTH, U.S.A.

‘එක්සත් රාජධානියේ වැසියන්ගෙන් සියයට 58.8ක් පැවසුවේ සියලුම නවීන සන්නිවේදන ක්‍රම නැතිනම් පවුල්වලට බොහෝ ප්‍රයෝජන ලැබිය හැකි බවයි. පුද්ගලයන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් පැවසුවේ සන්නිවේදනය සඳහා අලුත් උපකරණ නැති තරමට හොඳයි කියායි.’—UNIVERSITY OF CAMBRIDGE, BRITAIN.

‘වර්ෂ 1976 සිට ඇමරිකාවේ කතෝලික බිෂොප්වරුන්ගේ සම්මේලනය මෙවැනි අදහසක් ඉදිරිපත් කරනවා. එනම් ජනාධිපති අපේක්ෂකයෙකුට ඡන්දය දීමට පෙර තමන්ගේ ආගම ගැන සිතා තීරණයක් ගත යුතු බවයි.’—FORDHAM UNIVERSITY, U.S.A.

‘අපරාධකරුවන්ට වීථිවල කලකෝලහල කරන්න ඕනේ නම් ඔවුන්ට ඒ දේ කරන්න පුළුවන්. ඔවුන් කුඩා කණ්ඩායමක් වුණත් ත්‍රස්තවාදී ක්‍රියාවලට මුලපිරීමට හෝ රටට නින්දාවක් ගෙන ඒමට හැකියි.’—THE ECONOMIST, BRITAIN.

ජීවී විශේෂ කොපමණ ප්‍රමාණයක් සිටිනවාද?

ජීවීන් පිළිබඳව පර්යේෂණයක නියැලුණු විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ “පෘථිවියේ සිටින ජීවීන් ගැන දන්නා තොරතුරු අල්ප නිසා ඇත්තටම කොතරම් ජීවී විශේෂ සංඛ්‍යාවක් සිටිනවාද කියා නොදන්නා” බවයි. ඔවුන් තක්සේරු කරන්නේ ජීවී විශේෂ මිලියන 8.7ක හෝ දහයක පමණ ප්‍රමාණයක් සිටින බවයි. ඒත් තවත් විද්‍යාඥයන් පවසන්නේ එය මිලියන තුනත් 100ක පමණ ප්‍රමාණයක් විය හැකි බවයි. මේ වන විට වර්ගීකරණය කර තිබෙන්නේ ජීවී විශේෂ මිලියන 1.2ක වැනි ප්‍රමාණයක් පමණයි. දැනට වර්ගීකරණය සිදු කරන වේගයට අනුව සියලු ජීවී විශේෂ වර්ගීකරණය කරන්න අවුරුදු 1,000ක්වත් ගත වෙයි. “ජීවීන්ව සොයාගෙන වර්ගීකරණය කරන්න මෙතරම් කාලයක් ගත වෙනවා නම් සමහර ජීවීන් ගැන දැනගන්නා විට උන් වඳ වී ගොස් තිබෙන්නත් පුළුවන්” කියා පර්යේෂකයන් පවසනවා.

චන්ද්‍රිකා ඡායාරූපකරණය

පුරාවස්තු තිබෙන තැන් දැනගැනීමට පුරාවිද්‍යාඥයන් නවීන තාක්ෂණය යොදාගනියි. මේ සඳහා ඔවුන් අධෝරක්ත කිරණ යොදාගෙන චන්ද්‍රිකා ඡායාරූප ලබාගන්නවා. උදාහරණයකට ඊජිප්තුවට කිලෝමීටර් 700ක් පමණ ඉහළින් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප මගින්, කලින් සොයා නොගත් පිරමීඩ 17ක්, පෞරාණික සොහොන් කොත් 1,000ක් සහ වැළලී ගිය ජනපද 3,000ක් සොයාගෙන තිබෙනවා. අධෝරක්ත කිරණ භාවිත කිරීමේ තාක්ෂණය නිසා පොළොව යට තිබෙන දේ පවා දැකගත හැකියි.