Skip to content

පටුනට යන්න

මට මේ පොත ලොකු උපකාරයක් වුණා

මට මේ පොත ලොකු උපකාරයක් වුණා

මට මේ පොත ලොකු උපකාරයක් වුණා

● යොවුන් සිතේ ගැටලු ඊට විසඳුම්, 1වන පොත ප්‍රකාශයට පත් කළේ පසුගිය වසරේයි. ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් නැඟිටින්නේය කියා හිතෝපදේශ 24:16හි ඇති වදන් එම පොතේ 179වන පිටුවේ සඳහන් වෙනවා. මෙයින් උපකාරය ලැබූ යෞවනියක් මෙසේ පවසනවා. ‘පොතේ 180වන පිටුවේ තියෙන උදාහරණයෙන් මම දැනගත්තා මගේ උත්සාහය දෙවියන් අගය කරනවා කියලා. මට තියෙන ගැටලුව මොකක්ද කියලා කියන්නත් මං වටින්නේ නැති කෙනෙක් කියලා නොහිතා ඉන්නත් උපකාර ඉල්ලලා යාච්ඤා කරන එක වැදගත් කියලා මම මේ පොතෙන් දැනගත්තා. නරක ආසාවක් ඇති වුණ ගමන්ම මම දැන් දෙවියන්ට යාච්ඤා කරනවා. ඒ නිසා මට එකෙන් මිදෙන්න පුළුවන් වෙලා තියෙනවා.

“මම 77ත් වතාවකට වඩා වැටිලා තිබුණත් ගොඩ එන්න පුළුවන් කියලා මට විශ්වාසයි. මේ ලෝකේ ඉන්න පව්කාරම කෙනා මං කියන හැඟීම මට දැන් නැහැ.”

මෙම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට හෝ බයිබලයේ සඳහන් තොරතුරු දැනගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති ලිපිනයකට තැපැල් කරන්න.

□මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.