Skip to content

පටුනට යන්න

1. මිල දී ගැනීමේදී

1. මිල දී ගැනීමේදී

1. මිල දී ගැනීමේදී

ඔබ වගා කරන්නේ නැත්නම් ඔබට ආහාර මිල දී ගන්න සිදු වෙන්නේ වෙළඳසැල්වලින්. එවැනි අවස්ථාවලදී හොඳ තත්වයේ ආහාර තෝරාගන්නේ කොහොමද?

මිල දී ගන්නා අනුපිළිවෙළ සිතන්න.

“මුලින්ම වියළි ආහාරත් අවසානයේදී ශීත කළ ආහාරත් මිල දී ගන්න” කියා ඕස්ට්‍රේලියාවේ ආහාර පිළිබඳ උපදෙස් දෙන ආයතනයක් පවසනවා. ඒ වගේම පිසූ ආහාර මිල දී ගත යුත්තේ නිවසට යෑමට සුළු මොහොතකට පෙරයි.

අලුත් ආහාර ගන්න.

සෑමවිටම අලුත් ආහාර මිල දී ගැනීමට උත්සාහ කරන්න. * නයිජීරියාවේ දෙදරු මවක් වන රූත් මෙවැනි දෙයක් පවසනවා. “මම සාමාන්‍යයෙන් පොළට යන්නේ උදේ පාන්දර. එතකොට අලුත් බඩු ගන්න පුළුවන්.” මෙක්සිකෝවේ වෙසෙන එලිසබෙත්, එළවළු හා පලතුරු මිල දී ගන්නේ ඇයටම ඒවා තෝරාගන්න පුළුවන් වෙළඳසැල්වලින්. ඒ වගේම ඇය මස් මිල දී ගන්නා විට එදින වෙළඳපොළට දැමූ ඒවා පමණයි මිල දී ගන්නේ. වැඩිපුර මස් ඇය ශීතකරණයේ තබා පසුව භාවිතයට ගන්නවා.

පරීක්ෂා කර බලන්න.

මස්, මාළුවල පිටත පෙනුම හොඳ තත්වයේ තිබෙනවාදැයි බලන්න. මස්වලින් දුගඳක් හමනවාද කියා බලන්න. ආහාර ආවරණය කර තිබෙන ඒවා නම් ඒ ආවරණ ගැලවී තිබෙනවාද කියා බලන්න. ගැලවී තිබෙනවා නම් හානිකර බැක්ටීරියා ඊට ඇතුල් විය හැකියි.

හොං කොංවල වෙසෙන චෙං ෆායි, බඩු මිල දී ගන්නේ සුපිරි වෙළඳසැල්වලින්. “බඩුවල කල් ඉකුත් වන දිනය පරීක්ෂා කර බලන එක වැදගත්” කියා ඔහු පවසනවා. ආහාර පිළිබඳ විශේෂඥයන්ට අනුව ආහාරවල පෙනුම, රසය හා සුවඳේ කිසිදු වෙනසක් නොතිබුණත් “ඒවා කල් ඉකුත් වෙලා නම්” කෑමට සුදුසු නැහැ.

කූඩය ගැනත් සැලකිලිමත් වෙන්න.

ඔබ වෙළඳපොළට ගෙන යන මල්ල නිතරම උණු වතුරෙන් හා සබන්වලින් සෝදන්න. මස්, මාළු වැනි ආහාර වෙනම මල්ලක රැගෙන යෑමෙන් අනික් ආහාරවලට විෂබිජ ඇතුල් වීමෙන් වළක්වාගත හැකියි.

ඉතාලියේ වෙසෙන යුවළක් වන එන්රිකෝ සහ ලොරෙඩානා මෙවැනි දෙයක් පවසනවා. “අපි බඩු ගන්නේ ළඟපාත කඩවලින් නිසා ගෙදර යනකල්ම ආහාර හොඳ තත්වයේ තියෙනවා.” ඔබ ආහාර මිල දී ගත් පසු නිවසට යෑමට විනාඩි 30කට වඩා වැඩි කාලයක් ගත වෙනවා නම් ශීත කළ ආහාරවල සිසිල රඳවා තබාගැනීමට නිසි පියවර ගන්න.

නිවසට ගෙනා ආහාරවල තත්වය ආරක්ෂා කරගන්නා ආකාරය ගැන ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

^ 6 ඡේ. වර්ෂ 2011 මාර්තු පිබිදෙව්! කලාපයේ “1—පෝෂ්‍යදායි ආහාර” යන ලිපිය බලන්න.

[4වන පිටුවේ කොටුව]

දරුවන්ව පුහුණු කරන්න: “මිල දී ගන්න කලින් ආහාරවල කල් ඉකුත් වන දිනය පරීක්ෂා කර බලන්න කියලා මම දරුවන්ට උගන්වලා තියෙනවා.”—නයිජීරියාවේ රූත්