Skip to content

පටුනට යන්න

3. පිසීමේදී හා කල් තබාගැනීමේදී

3. පිසීමේදී හා කල් තබාගැනීමේදී

3. පිසීමේදී හා කල් තබාගැනීමේදී

නොසැලකිලිමත් ලෙස ආහාර පිළියෙල කළ කෙනෙකු ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී ඔහු පිසින ගෙඩි වර්ගය කුමක්ද කියා හරිහැටි නොදැන එයින් ආහාරයක් පිළියෙල කළා. එම ආහාරය පිළිගැන්වූ විට “මේ කෑමේ විස තියෙනවා” කියා එතැන සිටි අය කෑගැසුවා.—2 රාජාවලිය 4:38-41.

එයින් පැහැදිලි වන්නේ නොසැලකිලිමත් ලෙස ආහාර පිළියෙල කිරීමෙන් ආහාර විස වීමට හෝ මරණයට පවා පත් විය හැකි බවයි. එවැනි අනතුරු වළක්වාගැනීමට ආහාර පිළියෙල කිරීමේදී හා කල් තබාගැනීමේදී සැලකිලිමත් විය යුතු පැති හතරක් ගැන සලකා බලමු.

අයිස් යැවීමට එළියේ තබන්න එපා.

“අයිස් යැවීමට එළියේ තබන මස්වල පිටත කොටසේ ඉක්මනින්ම අයිස් ඉවත් වන නිසා බැක්ටීරියා ඇතුල් විය හැකියි” කියා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ නිසා අධිශීතකරණයෙන් පිටතට ගන්නා මස් ආවරණය ඉවත් නොකර ශීතකරණයේ හෝ සීතල වතුරේ තබන්න. නැත්නම් මයික්‍රෝවේව් උදුනකට දමා අයිස් ගතිය ඉවත් කරගන්න.

හොඳින් පිසින්න.

“හොඳින් ආහාර පිසින විට සියලුම විෂබීජ විනාශ වන” බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. විශේෂයෙන්ම මස් වර්ග පිසින විට හොඳින් තම්බන්න. * හොඳින් තැම්බී ඇද්දැයි බැලීමට ගෑරප්පුවක් වැනි දෙයකින් ඇන බැලිය හැකියි. සමහර මස් වර්ගවල මැද කොටස තැම්බී ඇතිද කියා දැනගැනීම අපහසු නිසා බොහෝ සූපවේදීන් විශේෂ උෂ්ණත්වමානයක් (meat thermometer) භාවිත කරනවා.

පිසූ සැණින් ආහාරයට ගන්න.

පිසූ ආහාර බොහෝ වේලාවක් එළියේ තැබීමෙන් ඒවා නරක් විය හැකියි. ඒ නිසා පිසූ සැණින් ආහාරයට ගන්න. උණු උණුවෙන් ගත යුතු ආහාර උණුවෙන්ද ශීත කළ ආහාර ඒ ආකාරයෙන්ද කෑමට ගන්න. මස් වර්ග උණුවෙන් ආහාරයට ගැනීම සඳහා සෙන්ටිග්‍රේට් අංශක 93ක උෂ්ණත්වය යටතේ උදුනක තබන්න.

ඉතුරු වූ පිසූ ආහාර කල් තබාගැනීමේදී කල්පනාකාරී වන්න.

ඇනීටා පෝලන්තයේ වෙසෙන මවක්. ඇය සාමාන්‍යයෙන් ආහාර පිසූ විගස පිළිගන්වනවා. එහෙත් වැඩිපුර ආහාර පිසූ විට ඇය කරන්නේ කුමක්ද? “උයලා වැඩි වෙලාවක් යන්න කලින් කොටස්වලට වෙන් කරලා අධිශීතකරණයේ දානවා. කුඩා කොටස්වලට වෙන් කළාම අයිස් යවාගන්න ලේසියි.” ඔබත් පිසූ ආහාර ශීතකරණයේ තබනවා නම් ඒවා දින තුනක් හෝ හතරක් ඇතුළත ආහාරයට ගන්න.

ආපන ශාලාවකට ගොස් ආහාර ගන්නා විට ඔබ අනුභව කරන්නේ වෙනත් කෙනෙක් පිසූ ආහාරයි. එවැනි අවස්ථාවල ඔබේ පවුල ආරක්ෂා කරගන්නේ කෙසේද?

[පාදසටහන]

^ 7 ඡේ. කුකුල් මස් වැනි මස් වර්ග දැඩි උෂ්ණත්වයක් යටතේ පිසිය යුතුයි.

[6වන පිටුවේ කොටුව]

දරුවන්ව පුහුණු කරන්න: “දරුවන් කෑම හදනකොට ඇසුරුමේ තියෙන උපදෙස් පිළිපදින්න කියලා මම එයාලට කියනවා.”—හොං කොංහි යුක් ලිං