Skip to content

පටුනට යන්න

4. පිටින් කෑම ගැනීමේදී

4. පිටින් කෑම ගැනීමේදී

4. පිටින් කෑම ගැනීමේදී

ඇමරිකාවේ විසූ 38 හැවිරිදි ජෙෆ් නිරෝගී මෙන්ම ක්‍රියාශීලී පුද්ගලයෙක්. දිනක් ඔහු තම පවුලේ අය සමඟ කෑම වේලක් ගැනීමට ආපන ශාලාවකට ගියා. ඉන් මාසයකට පමණ පසු අක්මාවේ රෝගයකින් ඔහු මිය ගියා. ඔහුට එය වැලඳුනේ ඔහු ගත් ආහාරවල තිබූ ලූනු කොළවලින් හෙපටයිටිස් A වයිරසය ශරීරගත වීම නිසයි.

එක් බටහිර රටක ජනයා ඔවුන්ගේ ආදායමෙන් අඩක් පමණ වැය කරන්නේ ආපන ශාලාවලටයි. ඒ නිසා එම රටේ ආහාරවලින් වැලඳෙන රෝගවලින් අඩකට පමණ හේතු වී තිබෙන්නේ එයයි.

ඔබ පිටින් ආහාර වේලක් ගන්නා විට බඩු මිල දී ගන්නේ, මුළුතැන්ගෙය පිරිසිදු කරන්නේ, කෑම පිසින්නේ වෙනත් අයයි. ඒ නිසා ඔබ කෑම කන්නේ කොහෙන්ද, මොනවද සහ ඉතුරු ආහාර නිවසට රැගෙන යනවාද නැද්ද කියා තීරණය කිරීමේදී කල්පනාකාරී වන්න.

වටපිට බලන්න.

“අපි කෑම කන්න පිටට ගියාම වටපිට හොඳට බලනවා. මේස, මේස රෙදි, හැඳි ගෑරප්පු වගේම වේටර්ලාත් පිරිසිදුද කියලා බලනවා. පිරිසිදු නැත්නම් අපි වෙන තැනකට යනවා” කියා බ්‍රසීලයේ සිටින ඩයෑන් පවසනවා. සමහර රටවල සෞඛ්‍ය නිලධාරීන් කලින් කලට ආපන ශාලාවල තත්වය පරීක්ෂා කිරීමට පැමිණෙන අතර ඔවුන් ලබා දෙන වාර්තාව කාටත් පෙනෙන සේ ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඉතුරු වූ කෑම ගෙන යන විට.

ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරිය මෙවැනි උපදෙසක් සපයනවා. “ඔබ ආහාර ගත් පසු පැය දෙකක් ඇතුළත නිවසට යන්න බැරි නම් ඉතුරු කෑම ගෙනියන්න එපා.” එසේ යා හැකි නම් නිවසට ගිය විගස ආහාර ශීතකරණයේ දමන්න.

ඔබ එම පියවර හතර ගැන සැලකිලිමත් වෙනවා නම් ආහාරවලින් වැලඳෙන රෝග බොහොමයකින් ආරක්ෂා විය හැකියි.

[7වන පිටුවේ කොටුව/පින්තූරය]

දරුවන්ව පුහුණු කරන්න: “කෑම පිරිසිදු නැහැ කියලා හිතෙනවා නම් කන්න එපා කියලා අපි දරුවන්ට උගන්වලා තියෙනවා.”—පිලිපීනයේ නොයිමි