Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“කතා කිරීමට අවශ්‍යතාවක් නැති පුද්ගලයන්ව මඟහැරීමට ජංගම දුරකථනය උපකාරයක්. ජංගම දුරකථන භාවිත කරන අයගෙන් 13%ක්ම අසල සිටින පුද්ගලයන්ව මඟහැරීමට තමා දුරකථනයෙන් කතා කරන ලෙස මවාපානවා.”—PEW RESEARCH CENTER, U.S.A.

ගත වූ ගිම්හාන ඍතු පහේදී ආක්ටික් සාගරයේ අයිස් විශාල ප්‍රමාණයක් දිය වී ගොස් ඇති බව වාර්තා වෙනවා.—BBC NEWS, BRITAIN.

“අප්‍රිකාවේ වගා කළ හැකි බිම් ප්‍රමාණයෙන් 47%ක් පමණ වගා කර නැහැ.”—THE WITNESS, SOUTH AFRICA.

“පසුගිය වසර දහය ඇතුළත රටවල් දහයක් (නෙදර්ලන්තය, බෙල්ජියම, කැනඩාව, ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාව, නෝර්වේ, ස්වීඩනය, පෘතුගාලය, අයිස්ලන්තය සහ ආර්ජන්ටිනාව) සමලිංගික විවාහයන් නීත්‍යනුකූල කර තිබෙනවා.”—FAMILY RELATIONS, U.S.A.

නොමැකෙන මතකයන්

උතුරු අයර්ලන්තයේ කළ සමීක්ෂණයකින් හෙළි වුණේ ඒ රටේ දේශපාලනය හා ආගම අතර ඇති වූ අරගලයේ අමිහිරි මතක සටහන් තවමත් එහි වැසියන්ගේ මතකයේ රැඳී තිබෙන බවයි. දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති එම යුද්ධය නිසා රට වැසියන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙක් එම කාලයේ පැවති ව්‍යසනකාරී තත්වයන්ට මුහුණ දී තිබෙනවා. උල්ස්ටර්හි බැම්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මානසික හා ශාරීරික සෞඛ්‍ය පිළිබඳව අධ්‍යයනය කරන අංශය පවසන්නේ උතුරු අයර්ලන්තයේ වැසියන්ගෙන් දහයෙන් එක් අයෙක් පමණ ව්‍යසනයකින් පසුව ඇති වන මානසික රෝගී තත්වයට ගොදුරු වෙන්න ඇති කියායි. “එය ඉතා ඉහළ සංඛ්‍යාවක් බවත් එම අරගලය ලෝකයේ සිදු වූ දරුණු අරගලවලින් එකක් කියාත් එයින් 500න් එක් අයෙක් මිය ගිය බවත්” එක් පුවත්පතක් සඳහන් වුණා.—The Irish Times.

අසාමාන්‍ය කාලගුණය දැන් සාමාන්‍ය දෙයක් වෙලා

එක්සත් ජනපදයේ කාලගුණය පෙර නොවූ ලෙස අසාමාන්‍ය වී තිබෙනවා. දරුණු ගංවතුර, නියඟ, හිම කුණාටු වැනි අසාමාන්‍ය කාලගුණික තත්වයන් දැන් සාමාන්‍ය දේවල් වෙලා. මේ ගැන අවධානය යොමු කරන විද්‍යාඥයන් පිරිසක් පැවැත්වූ සමුළුවකදී ටෙක්සාස්හි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ කාලගුණ විද්‍යාඥවරියක් වන කැත්රන් හේහෝ මෙසේ පැවසුවා. “දැන් ඇති වෙලා තියෙන අසාමාන්‍ය කාලගුණික තත්වයට අපි හුරු වෙලා.” එම විද්‍යාඥවරිය හා අනිකුත් විද්වතුන් පැවසුවේ ලොව පුරා මෙවැනි කාලගුණික විපර්යාසයක් ඇති වීමට මිනිසුන්ගේ වැරදි ක්‍රියා දායක වී තිබෙන බවයි.