Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

නැවත වර්ධනය වීමේ හැකියාව සතු නූට්ටා

නැවත වර්ධනය වීමේ හැකියාව සතු නූට්ටා

● කුඩා කටුස්සෙකුගේ පෙනුමක් ඇති නූට්ටාට දිය ගොඩ දෙකෙහිම වාසය කළ හැකියි. උන් සතු විශිෂ්ට ලක්ෂණයක් වන්නේ ඉන්ද්‍රියන්, පටක, අත් පා සහ වලිගය වැනි ශරීර කොටස්වලට හානියක් සිදු වුණොත් ඒවා යළිත් වර්ධනය වීමයි. මෙලෙස අලුතින් වැඩෙන කොටස් උන්ට උපතින්ම ලැබුණු කොටස්වලට සමානද? උන්ගේ ඇසේ කාච ගැන පරීක්ෂණයක නියැලුණු ජීව විද්‍යාඥයන් පවසන්නේ එය මුලින් තිබූ එකට සමාන බවයි.

මේ ගැන සිතන්න: උන්ගේ ඇසේ කාචය යළි වැඩෙන්නේ ඇසේ තාරා මණ්ඩලයේ ඇති සෛල, කාච සෛල බවට පත් වීමෙනුයි. මෙය සොයා බැලීමට ජීව විද්‍යාඥයන් නූට්ටන් කිහිපදෙනෙකුව වසර 16ක් පුරා පර්යේෂණය කළා. පර්යේෂණය සිදු වන කාලයේදී ඔවුන් 18 වතාවක් නූට්ටන්ගේ ඇසේ කාච ඉවත් කළ අතර ඒ සෑම වතාවකදීම අලුත් එකක් වර්ධනය වුණා.

එම පර්යේෂණ කාලය අවසන් වන විට නූට්ටන්ට අවුරුදු 30ක් පමණ වී තිබුණා. සාමාන්‍යයෙන් නූට්ටෙකුගේ ආයු කාලය අවුරුදු 25යි. මෙම සතුන් වයසට ගියත් උන්ගේ යළි වර්ධනය වීමේ හැකියාව එලෙසින්ම පවතිනවා. ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ ඩේටන්හි විශ්වවිද්‍යාලය නූට්ටන් ගැන අධ්‍යයනය කළ ජීව විද්‍යාඥයෙක් වන පානායොදීස් සොනිස් මෙසේ පවසනවා. “කාචය ඉවත් කළාට පසු නැවත වැඩුණු කාචය උන්ට උපතින්ම ලැබුණු කාචයට සියයට සියයක්ම සමානයි. ඒක හරි පුදුම දෙයක්.”

නූට්ටන් සතු එම හැකියාව අධ්‍යයනය කිරීමෙන් විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ මිනිසුන්ගේ පටක හානියට පත් වන විට ඒවා යළි වර්ධනය වීමට ක්‍රමයක් සොයාගැනීමටයි. “නැවත වර්ධනය වීමේ හැකියාව ගැන සොයා බැලීමට හොඳම සත්වයා වන්නේ නූට්ටායි. උන් වයසට ගියත් මේ හැකියාව අඩු වෙන්නේ නැහැ” කියා සොනිස් පවසයි.

ඔබේ නිගමනය කුමක්ද? නූට්ටාට මේ හැකියාව ලැබුණේ පරිණාමය වීමෙන්ද? නැත්නම් උන් බුද්ධිමත් තැනැත්තෙකුගේ නිර්මාණයක්ද?

[25වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

අලුතින් වැඩෙන කාචය උපතින් ලැබුණු කාචයට සමානයි

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top photo: © Vibe Images/​Alamy; middle photo: © Juniors Bildarchiv/​Alamy